ශිරන්ති පැමිණි වහා අත්අඩංගුවට.. විදෙස් ගමන් තහනමක්..


තමන් වෙත ලබා දී ඇති දීර්ඝ කරන ලද කාලසීමාව අවසන් වීමට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය  හමුවේ පෙනී සිටීමට අපොහොසත් වුවහොත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග උපුටා දක්වමින්  Sunday Times වාර්තා කරයි.

විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය, තමන් සභාපතිත්වය දැරූ 'සිරිලිය' පදනම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා දින 14 ක කාලයක් ඉල්ලා තිබිණි.

කෙසේවෙතත්, එම සහන කාලය තුළ ඇය විමර්ශන නිලධාරීන් හමුවේ පෙනී නොසිටියහොත් ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබා ගැනීමට පොලිසිය අපේක්ෂා කරන බවත්, එසේ වුවහොත් ඇය යළි මෙරටට පැමිණෙන අවස්ථාවේදී ගුවන්තොටුපළේදීම අත්අඩංගුවට පත්වීමේ අවදානමක් පවතින බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය සැප්තැම්බර් 16 වනදා සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර, එහිදී කටුනායක ගුවන්තොටුපළේදීම ක්‍රියාත්මක වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සැප්තැම්බර් 24 වනදා එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙසට ඇය වෙත නොතීසියක් භාර දී තිබුණි.

මේ අතර, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඇය යළි මෙරටට පැමිණීම සඳහා තාවකාලික දිනයක් ලබා දී තිබුණද, ඇය විදෙස්ගතව සිටින්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා බැවින් යළි පැමිණෙන දිනය තීරණය වන්නේ වෛද්‍ය නිර්දේශ සහ අවශ්‍යතා මත පදනම්ව බවයි.





Former First Lady Shiranthi Rajapaksa Faces Travel Ban Over Financial Investigations

Shiranthi Rajapaksa, the wife of former President Mahinda Rajapaksa, may soon be subject to a travel ban if she fails to appear before the Police Financial Crime Investigation Division before her extended deadline expires, as reported by Sunday Times citing sources from the Ministry of Public Security.

Currently receiving medical treatment abroad, Shiranthi Rajapaksa had requested a 14-day extension to provide a statement regarding the 'Siriliya' foundation she chairs.

However, should she not comply with the summons during this grace period, police authorities anticipate taking action to enforce a travel ban against her. Reports suggest that if such measures are implemented, she might face arrest upon her return to the country, particularly at the airport.

Shiranthi Rajapaksa departed for Singapore on September 16, and prior to her departure, officials from the Financial Crime Investigation Division delivered a summons for her appearance on September 24 at the facilities of their division.

In remarks regarding her situation, a spokesperson for the Sri Lanka Podujana Peramuna stated that while a tentative return date had been set, her actual return to the country will depend on medical recommendations and needs due to her ongoing treatment abroad.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. ko ban ara wesa mainage madya prakahaka ponnaya

    ReplyDelete
    Replies
    1. කුණු හරුප ලියන කොටම දන්නවා ජරා ඩෝබියෙක් කියලා

      Delete
    2. ubada mainage madya prakahaka

      Delete
    3. රටට මොනම හරි වැඩක් කරේ රාජපක්ශ වරු. ශිරන්ති මැතිනිය කැපකරු ලමා කියල යාචක දරුවො දුප්පත් දරුදො පිලිගත් පාසල්වකට දාන්න මග හදල දුන්න. කාලකන්නි අල්ලස් වැඩි කල් නටන්නෙ නෑ. අර රංග කියන මූසලායාගෙ කටින්ම කිව්වෙ රාජපක්ශ විරෝදී බව. අනුර පුස් ඌරා වගේ කාලා දැන් පිපිරිලා මැරෙන්න ලගයි. ඌත් ලැජ්ජ නැතුව සබා වල ශිරන්ති මැතිනිය සිංගප්පුරු ගියා කියනවා.නොදකින් මූසලයා.

      Delete
    4. මූ 3/4 එකෙක් මචං

      Delete
  2. ශිරන්ති මැතිනියනි ඔබ තුමියට තෙරුවන් සරනයි. ජේසු පිහිටයි!!

    ReplyDelete
  3. වරෙව්, පාහර ත්‍රස්තවාදී ජෙප්පෝ 😡🤮 බලාගමු තොපි ගෙවල් වල, ගම් වල ඉන්න හැටි. කොච්චර ආරක්ෂකයන් පිරිවරාගෙන හිටියත් පව්කාර තොපිට දිට්ටධම්ම වේදීය කර්මයෙන් වත් අපරාපරිය වේදනීය කර්මයෙන් වත් ගැලවීමක් නැති බව දැනගෙන නියත නිරයට තොලොංචිවෙලා යන දින ගැන ගැන හිටපල්ලා සක්කිලි පව්කාර හැත්ත 🤮🤮🤮

    ReplyDelete
Previous Post Next Post