මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්රයෙන් ඉහළ ගිය ද, එහි පූර්ණ බර ජනතාව මත නොපටවා රජය භාණ්ඩාගාරය මඟින් දරාගැනීමට උපරිමයෙන් කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.
ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය අනුව බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඩොලර් 108 දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක, ලොව බොහෝ රටවල් ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එම ගෝලීය මිල වැඩිවීමට සාපේක්ෂව මෙරට ද ඉන්ධන මිල ඉහළ යා යුතු වුවත්, ජනතාව වෙත එම බර පැටවීම වැළැක්වීමට රජය මැදිහත් වී ඇති බව හෙතෙම කියා සිටියේය.
ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේදී රුපියල් බිලියන 57ක මුදලක් ද, මේ වන විට තවත් රුපියල් බිලියන 41ක මුදලක් ද වශයෙන් පසුගිය මාස කිහිපය තුළ පමණක් රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් භාණ්ඩාගාරය හරහා දරමින් ඉන්ධන මිල පාලනය කරගෙන සිටින බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
රජයක වගකීම වන්නේ ජනතා බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කරමින් මෙවැනි අසීරු අවස්ථාවලදී ජනතාවට අවම බරක් පැටවීම බව ද ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී මෙරට ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතින්නේදැයි විමසූ විට අමාත්‍යවරයා පැහැදිලි කළේ, ලෝක වෙළෙඳපොළේ එම අවදානම පැවතිය ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු ඉන්ධන ආනයන සමාගම් සමඟ එක්ව රජය එම පිරිවැය කොටසක් දරාගනිමින් මිල ස්ථාවරව පවත්වා ගැනීමට උපරිම උත්සාහයක නිරත වන බවයි.
කෙසේ වෙතත්, මැදපෙරදිග යුද ගැටුම් උත්සන්න වී තෙල් නැව්වලට ප්‍රහාර එල්ල වීම හෝ තෙල් සංචිත සිඳීයාම වැනි අනපේක්ෂිත තත්ත්වයන් මතුවුවහොත් ලෝක වෙළෙඳපොළ මිල ඩොලර් 150 සීමාව ඉක්මවා යා හැකි බවත්, එවැනි අන්තගාමී තත්ත්වයක් තුළ ස්ථිර අනාවැකි පළ කළ නොහැකි බවත් ඔහු පැවසීය.
එසේ වුවද භාණ්ඩාගාරයට ඔරොත්තු දෙන උපරිම සීමාව දක්වා ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පියවර ගන්නා බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Government Takes Steps to Cushion Impact of Rising Global Oil Prices
As the conflict in the Middle East intensifies, global oil prices have surged rapidly, prompting the Sri Lankan government to act decisively to mitigate the economic burden on its citizens. Dr. Nalinda Jayatissa, the Minister of Health and Media, emphasized the government’s commitment to absorb a significant portion of the fiscal weight through the treasury.
This disclosure was made during a media briefing held by the Government Information Department following the Cabinet decision announcement. Responding to a journalist's question, the Minister elaborated on the situation where the price of a barrel of oil on the world market has skyrocketed from the 100 USD mark to approximately 108 USD.
Many countries worldwide have adjusted fuel prices in response to these rising global costs. While this trend indicates that fuel prices in Sri Lanka must also increase, the Minister assured that the government is intervening to prevent the full impact from falling on the public.
Over the past few months, the treasury has injected around 100 billion rupees to maintain fuel prices, including a recent allocation of 57 billion rupees in April and an additional 41 billion rupees currently, as disclosed by the Minister.
He highlighted the government’s responsibility to manage taxpayer money wisely during such challenging times, aiming to lessen the financial burden on the populace.
When questioned about the potential for further increases in fuel prices, the Minister acknowledged the risk posed by the global market. However, he stated that in collaboration with the Ceylon Petroleum Corporation and other oil import companies, the government is determined to keep prices stable, absorbing part of the costs.
Nevertheless, he cautioned that unforeseen circumstances, such as attacks on oil tankers or disruptions in oil supplies, could lead to prices exceeding 150 USD per barrel. In such extreme situations, precise forecasts would be challenging.
Despite these uncertainties, Dr. Jayatissa reiterated that the government is committed to taking measures to safeguard the public as far as possible within the limits set by the treasury.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
