කිංස්බරියට ගියේ උණ හැදිලා.. රෝහල් ගියොත් බල නහර කපයි කියා සැකයි.. වීඩියෝ ලීක් කලාට නඩු දානවා..- කස්සප හිමි


 කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ දියත් කෙරුණු අඛණ්ඩ සත්‍යග්‍රහය අතරතුර තමන් වහන්සේ අගනුවර පිහිටි තරු පන්තියේ  හෝටල් වෙත වැඩම කරනු ලැබුවේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් බව පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියෝ අවධාරණය කරති.

අද පස්වරුවේ සත්‍යග්‍රහ භූමිය වෙත වැඩම කළ උන්වහන්සේ, මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියහ.

පසුගිය දිනවල තමන් වහන්සේ කොළඹ ප්‍රමුඛ පෙළේ හෝටල් සංකීර්ණයක රැඳී සිටි බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ තොරතුරු හා ඡායාරූප සම්බන්ධයෙන් පැහැදිලි කළ උන්වහන්සේ සඳහන් කළේ, සත්‍යග්‍රහයේ නිරතව සිටියදී තමන් වහන්සේට ෆැරන්හයිට් අංශක 102ත් 104ත් අතර ඉහළ උණ තත්ත්වයක් පැවති බවයි. එමෙන්ම ශරීරයේ දැඩි වෙව්ලුම් සහ අපහසුතා මතු වූ අවස්ථාවේදී ශ්‍රද්ධාවන්ත දායක පිරිසක් විසින් තමන් වහන්සේට ප්‍රතිකාර ලබා ගැනීම පිණිස අදාළ ස්ථාන වෙන් කර සූදානම් කර දුන් බව උන්වහන්සේ පැවසූහ.

එහිදී වෛද්‍ය කණ්ඩායම් පැමිණ තමන් වහන්සේට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත්, විරෝධතා භූමියේ රැඳී සිටීමේ අවශ්‍යතාව තිබියදීත් මෙලෙස විවේක ගැන්වීමට කටයුතු කළේ දායකයන්ගේ දැඩි පෙරැත්තය මත බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

කෙසේ වෙතත්, අදාළ හෝටල් පාලනාධිකාරීන් සහ කළමනාකාරීත්වය විසින් ආගන්තුකයෙකුගේ පෞද්ගලික අනන්‍යතාව හා සංවේදී දත්ත මාධ්‍ය වෙත මුදාහැරීම ජාත්‍යන්තර මට්ටමේ හෝටල් සම්ප්‍රදායන්ට පටහැනි බරපතළ ක්‍රියාවක් බව පෙන්වා දුන් කස්සප හිමියෝ, එම නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවද වැඩිදුරටත් කියා සිටියහ.

සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස රජයට බලකරමින් භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් විසින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ මෙම අඛණ්ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරය ආරම්භ කරන ලදී. 

එම විරෝධතාව අතරතුර කස්සප හිමියන් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලටද ඇතුළත් කෙරුණු අතර, ඉන් අනතුරුව උන්වහන්සේ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටලයක රැඳී සිටින ආකාරය දැක්වෙන තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග කතාබහක් නිර්මාණය විය.





Venerable Kassapa Thera Addresses Health Concerns Amid Ongoing Protest

During an ongoing continuous truth stance at the Viharamahadevi Park in Colombo, Venerable Balangoda Kassapa Thera disclosed that his recent stay at a city hotel stemmed from a health condition. He revealed this information while speaking to media representatives this afternoon.

Clarifying recent social media posts and photographs suggesting his presence in a top-tier hotel complex in Colombo, he explained that he had been experiencing a high fever ranging between 102 and 104 degrees Fahrenheit while participating in the protest. He expressed gratitude towards devoted supporters who arranged for his medical treatment during a time when he suffered severe body aches and discomfort.

Medical teams attended to him at the protest site, illustrating that the decision to temporarily step away from the demonstrations was made with the strong consensus of his supporters. Kassapa Thera emphasized that their willingness to ensure his health was a priority amidst the ongoing protest.

However, he expressed concerns regarding the breach of privacy, pointing out that the hotel management's release of a guest's personal details and sensitive information to the media constitutes a serious violation of international hotel etiquette. He indicated that he intends to pursue legal action regarding this matter in the future.

The continuous protest initiated by a group, including monks, was aimed at urging the government to release Secretary of the Bodu Bala Sena, Venerable Galagoda Aththe Gnanasara Thera, who is currently enduring imprisonment.

Amidst the protests, reports emerged that Kassapa Thera had been admitted to the Colombo National Hospital due to a sudden illness, prompting discussions on social media regarding his subsequent stay at a luxury hotel in the city.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. ලීක් නොකර තියේවිද? ඒකේ අයිතිකාරයා ආණ්ඩුවේ හොඳ ගොට්ටෙක් වෙච්ච ධම්මිකනේ.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සරත් වීරසේකරද බේත් දුන්නේ ?

      Delete
  3. අහල පහල පුද්ගලික රෝහල් කීයක් තියෙනවද?. ඒ රෝහලකට ගියා නම් කතා හැදෙන්නෙ නෑ.

    ReplyDelete
Previous Post Next Post