ප‍්‍රදේශ කිහිපයක ගංවතුර.. තවත් ප‍්‍රදේශ කිහිපයක ජල මට්ටම් ඉහල යමින්...


 දිවයින පුරා ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ගංගා ද්‍රෝණි ආශ්‍රිත ජල මාපක ස්ථාන 4ක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර, තවත් මධ්‍යස්ථාන 9ක ජල මට්ටම අවධානම් (Alert) මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව ගංගා ජල මට්ටම් නිරීක්ෂණ දත්ත වාර්තා පෙන්වා දෙයි.

අද (27) උදෑසන යාවත්කාලීන කරන ලද දත්තයන්ට අනුව දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් මෙතෙක් මහා ගංවතුර තත්ත්වයක් වාර්තා වී නොමැති අතර, නිරීක්ෂණ මධ්‍යස්ථාන 27ක ජල මට්ටම සාමාන්‍ය පරිදි පවතී.

සුළු ගංවතුර මට්ටමේ පවතින ප්‍රදේශ:

දත්ත වාර්තාවලට අනුව පහත ස්ථාන 4 සුළු ගංවතුර සීමාව ඉක්මවා ගොස් තිබේ:

  • කළු ගඟ - මිල්ලකන්ද: ජල මට්ටම මීටර් 7.10 ක් වන අතර ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතී.
  • අත්තනගලු ඔය - දුනමලේ: ජල මට්ටම මීටර් 4.76 ක් ලෙස සටහන් වන අතර එයද ඉහළ යන ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.
  • නිල්වලා ගඟ - පානදුගම: ජල මට්ටම මීටර් 6.52 ක් වන අතර එය ස්ථාවර මට්ටමක පවතී.
  • කළු ගඟ - රත්නපුර: ජල මට්ටම මීටර් 8.66 ක් වන අතර එහි ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් බැස යමින් පවතී.

අවධානම් (Alert) මට්ටමේ පවතින මධ්‍යස්ථාන:

තවත් ගංගා සහ අතු ගංගා ආශ්‍රිත ස්ථාන 9ක් අවධානම් මට්ටමේ පවතින අතර ඉන් ස්ථාන 6ක ජල මට්ටම තවදුරටත් ඉහළ යන ප්‍රවණතාවක් පෙන්වයි:

ජල මට්ටම ඉහළ යමින් පවතින ස්ථාන:

  • කළු ගඟ - පුටුපවුල (මීටර් 3.23)
  • මගුරු ගඟ - මගුර (මීටර් 5.30)
  • ගිං ගඟ - බද්දේගම (මීටර් 3.84)
  • නිල්වලා ගඟ - තල්ගහගොඩ (මීටර් 1.59)
  • මහා ඔය - බදල්ගම (මීටර් 5.76)
  • දැදුරු ඔය - මොරගස්වැව (මීටර් 5.28)
  • ජල මට්ටම බැස යමින් පවතින ස්ථාන:
  • කැළණි ගඟ - හංවැල්ල (මීටර් 6.69)
  • කෙහෙල්ගමු ඔය - නෝර්වුඩ් (මීටර් 1.60)
  • ගිං ගඟ - තවලම (මීටර් 5.04)

ජල මට්ටම ඉහළ යන ප්‍රවණතාවක් පෙන්නුම් කරන අත්තනගලු ඔය, කුඩා ගඟ, මගුරු ගඟ, මහා ඔය, දැදුරු ඔය සහ බද්දේගම ආශ්‍රිත ගිං ගඟ පහත්බිම්වල වෙසෙන ජනතාව ගංවතුර අවදානම පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ ඉල්ලා සිටී.





Flood Alert Issued as Heavy Rains Persist across the Island

A surge in rainfall across Sri Lanka has led to minor flooding in four key river monitoring stations, with another nine showing water levels reaching alert status. Fresh data released this morning (27) indicates that while no major flooding events have been reported in any region, 27 observation centers are still maintaining normal water levels.

Areas currently experiencing minor flooding include:

  • Kaluganga - Millakanda: Water level recorded at 7.10 meters, with further increases anticipated.
  • Attanagalu Oya - Dunumale: Water level at 4.76 meters, trending upwards.
  • Nilwala Ganga - Panadugama: Stabilizing at 6.52 meters.
  • Kaluganga - Ratnapura: Currently at 8.66 meters, showing a gradual decrease.

Meanwhile, nine additional river and tributary locations are currently categorized as alert, with six of these stations indicating further rising levels:

Locations with Rising Water Levels:

  • Kaluganga - Putupawla (3.23 meters)
  • Maguru Ganga - Magura (5.30 meters)
  • Gin Ganga - Baddegama (3.84 meters)
  • Nilwala Ganga - Talagahagoda (1.59 meters)
  • Maha Oya - Badalgama (5.76 meters)
  • Deduru Oya - Moragahawela (5.28 meters)

Conversely, levels are currently receding at certain locations:

  • Kelani Ganga - Hanwella (6.69 meters)
  • Kehalgamu Oya - Norwood (1.60 meters)
  • Gin Ganga - Thawalama (5.04 meters)

The Disaster Management Center urges residents in low-lying areas along the Attanagalu Oya, Maguru Ganga, Maha Oya, Deduru Oya, and Gin Ganga to remain vigilant due to the risks posed by rising water levels.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post