හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (12) ප්‍රතික්ෂේප කර තිබේ.
'සිරිලිය සවිය' පදනමේ බැංකු ගිණුම් ගනුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරනු ලබන පුළුල් විමර්ශනයකට අදාළව, තමන්ව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පවසමින් ඇය සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම අපේක්ෂිත ඇප අයදුම්පත ගොනු කර තිබිණි.
අදාළ අයදුම්පත පසුගිය 06 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මුල්වරට කැඳවූ අවස්ථාවේදී, ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා අද (12) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත නොතීසි නිකුත් කිරීමට පියවර ගැනිණි. ඒ අනුව අද දින අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය විසින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කරනු ලැබීය.
ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ 'සිරිලිය සවිය' සංවිධානයේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා සැප්තැම්බර් 24 වන දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ඇය වෙත මීට පෙර දැනුම් දී තිබුණි.
කෙසේවෙතත්, ඊට පෙර හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ ඇය, වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා පසුගිය සැප්තැම්බර් 16 වනදා අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.
විදෙස්ගතව ප්‍රතිකාර ලබා යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදී ගුවන් තොටුපොළේදීම තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙමින්, ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙලෙස මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබිණි.
පසුව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඇය 13 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටී.
Former President's Bail Application Denied by Maligakanda Magistrate Court
The Maligakanda Magistrate Court has rejected a bail application presented by former President Shiranthi Rajapaksa today, marking a significant development in an ongoing investigation involving her organization, “Siriliya Saviya.”
The application was filed amid concerns of potential arrest relating to a comprehensive inquiry being conducted by the Financial Crimes Investigation Division regarding transactions linked to the organization’s bank accounts. Rajapaksa is reported to have submitted the application through her legal representatives out of apprehension over possible detention.
Initially, the court summoned her on the sixth of this month to discuss the matter for the first time. In preparation for today’s hearing, the Director of the Financial Crimes Investigation Division was directed to issue notices for the relevant details to be presented in court.
After reviewing the circumstances today, the Magistrate deemed the bail request inappropriate, leading to its dismissal.
Additionally, the Financial Crimes Investigation Division had previously notified Rajapaksa to appear before them on September 24 to provide a statement regarding financial irregularities associated with the “Siriliya Saviya” initiative.
However, she was admitted to a private hospital in Colombo due to a sudden health issue and subsequently traveled to Singapore for further treatment on September 16.
Upon her return to the country for continued medical care, she indicated concerns over the possibility of arrest at the airport, prompting her to apply for bail under any conditions deemed necessary.
Currently, Rajapaksa remains in custody following her arrest by the Bribery Commission and will be held until the 13th of this month.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
