මෙට්‍රෝ බස් රථ පෞද්ගලික අවශ්‍යතා සඳහා කුලියට ලබා දීමට සැලසුම් කර ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව Lanka Metro Transit Pvt Ltd සමාගම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
පෞද්ගලික ගමන් හෝ උත්සව ආදී විශේෂ අවශ්‍යතා වෙනුවෙන් මෙට්‍රෝ බස් රථ වෙන් කරවා ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව අවධාරණය කරන එම සමාගම, මෙකී සේවාවන් පිළිබඳ නිවැරදි හා තහවුරු කළ තොරතුරු ලබාගැනීම සඳහා සිය නිල සන්නිවේදන මාධ්‍යයන් පමණක් භාවිත කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මගී ඉල්ලුම අඩු වන සති අන්ත දිනවලදී මෙට්‍රෝ බස් රථ පෞද්ගලික චාරිකා සඳහා මහජනතාවට කුලියට ලබා දීමේ වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවට වූ සමාජ ජාල වාර්තා බැහැර කරන ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගම, පෞද්ගලික ගමන් වෙනුවෙන් මෙට්‍රෝ බස් රථ ලබා දීමේ කිසිදු ප්‍රතිපාදනයක් හෝ සැලසුමක් නොමැති බව පෙන්වා දෙයි.
Lanka Metro Transit Denies Reports of Private Bus Rentals
Lanka Metro Transit Pvt Ltd has categorically rejected reports claiming that their metro buses would be available for private rental purposes. In an official statement, the company emphasized that these assertions are entirely false.
The company highlighted that there is no possibility of booking metro buses for personal travel or events, urging the public to rely solely on their official communication channels for accurate and verified information about their services.
Amid social media speculation regarding potential rentals on weekends when passenger demand decreases, Lanka Metro Transit firmly clarified that there are no provisions or plans in place for private bookings of their metro buses.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2009 mata mage bus ekta maseta maintaince valata vithrak 60000 giya. drivers and kondhosthara padi nathuva, hithannakota me chinise bus valata 22026 kohma viyadhamak dharanna venvadha kiyala, thava aurudhu 5k yadhdhi meva nadaththu viyadham patta vadi. rajaoayata dharaganna ba. pita r rataval vala meva private eken krnne
ReplyDelete