ඥාණසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපති සමග පැවති සාකච්චාව ගැන මල්වතු පාර්ශවයෙන් නිවේදනයක්..


 විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා අධ්‍යයනය කර සති දෙකක් ඇතුළත අදාළ කටයුතු අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.

මල්වතු මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක අන්තර්ගත කරුණු ඉතා සාධාරණ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, සාමාන්‍ය වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන භික්ෂූන් වහන්සේලා වෙනත් සාමාන්‍ය රැඳවියන් සමඟ රඳවා තැබීම උන්වහන්සේලාට මෙන්ම ජනතාවට ද මානසිකව දැඩි පීඩාවක් ගෙන දෙන කරුණක් බව පිළිගෙන ඇත.

කෙසේ වෙතත්, වත්මන් නීතිමය රාමුවට අනුව බරපතළ වැඩ සහිතව මාස තුනකට වඩා සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා ගැනීමට ඉඩක් නොමැති බැවින්, එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා කමිටුවක් මඟින් අදාළ නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පෙන්වා දී ඇත්තේ, සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ නෛතික තත්ත්වය පිළිබඳව පවතින්නේ ගැටලු සහගත තත්ත්වයක් බවයි. මීට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය එක් අවස්ථාවක් පමණක් බවත්, එය විධිමත් පටිපාටියක් නොවන බවත් උන්වහන්සේලා සඳහන් කළහ. වර්තමානය වන විට භික්ෂූන් වහන්සේලා 40කට ආසන්න පිරිසක් සමාජයේ විවිධ ගැටලු මුල් කරගනිමින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත්, මෙය සමාජයීය වශයෙන් ඉතා සංවේදී කරුණක් බවත් මෙහිදී අනාවරණය විය.

ඒ අනුව, යම් භික්ෂූන් වහන්සේ නමකට අධිකරණයකින් මාස තුනකට වැඩි සිරදඬුවමක් නියම වූ අවස්ථාවක, ඒ පිළිබඳ අදාළ නිකායට හෝ පාර්ශ්වයට දැනුම් දිය යුතු බවත්, එම සංඝ සභාවල නිර්දේශ මත පදනම්ව උන්වහන්සේලා සිවුරු පිටින් සුදුසු ස්ථානයක රඳවා තැබීමට අවශ්‍ය නීතිමය රෙගුලාසි කඩිනමින් සැකසිය යුතු බවත් මහා සංඝරත්නය යෝජනා කළහ. එමෙන්ම, වැරදි කරන පාර්ශ්වයන් අනිසි ලෙස ආරක්ෂා කිරීමට මහා සංඝරත්නය කිසිවිටෙකත් කටයුතු නොකරන බව ද උන්වහන්සේලා අවධාරණය කර සිටියහ.

එම යෝජනාව ඉතා සුදුසු එකක් ලෙස පිළිගත් ජනාධිපතිවරයා, සංඝ සභාවන්හි මැදිහත්වීම කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් ඊට අදාළ රෙගුලාසි සකස් කිරීමේ කටයුතු සති දෙකක් තුළ අවසන් කිරීමට අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය. සමාජීය වශයෙන් සංවේදී වූ මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැක්වූ කඩිනම් සහ සාධනීය ප්‍රතිචාරය පිළිබඳව මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල ස්ථවිරයන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් සිය ප්‍රශංසාව පළ කර ඇත.





President Directs Urgent Revisions to Legal Framework for Detained Monks

The President of Sri Lanka has instructed the Ministry of Justice to expedite the formulation of legal regulations concerning the detention of monks under various allegations, including those subjected to severe penalties. This directive follows ongoing discussions aimed at addressing existing challenges related to the imprisonment and treatment of the clergy, as indicated by Ven. Mahawewa Rathanapala, the chief secretary of the Malwatta Chapter.

In response to these concerns, the President has mandated that proposals put forward be thoroughly studied, with a call to conclude relevant actions within two weeks. The urgent nature of this matter is emphasized by the sentiments shared by the Malwatta Chief Prelate, who highlighted the just nature of a letter sent to the General Commissioner of Prisons regarding these issues.

Acknowledging that monks deserving of the general public's respect should not be kept alongside common inmates, the President recognized the mental anguish this situation brings not only to the monks but also to the broader community. However, current legal provisions do not allow for monks to be held separately from the penitentiary system if sentenced to more than three months. To avert such circumstances, the President announced the formation of a committee to initiate the necessary legal amendments.

Discussions among representatives, including the vice chieftain of the Malwatta Chapter, revealed that detained monks are facing significant ethical dilemmas. They pointed out that previous actions concerning Ven. Gnanasara Thera were isolated incidents and did not constitute a structured process. Presently, nearly 40 monks find themselves in preventive custody, a situation deemed socially sensitive by the representatives.

Moreover, any monk sentenced to more than three months must have their respective temple or community informed, with necessary legal frameworks established to ensure proper custody away from the general prison system based on community recommendations. The leadership affirmed that they would never condone protections for any wrongdoers within the monastic community.

The President has received this proposal positively and trusted in the engagement of Sangha councils to finalize relevant guidelines within the stipulated period of two weeks. Ven. Mahawewa Rathanapala has publicly expressed appreciation for the President’s prompt and constructive response to this sensitive societal issue.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. ..............................................................අවසානයේ ස්වාමීණ්වහන්සේලා අනුර කුමාරගේ බණ අසා ගිලන්පස වලඳා ආපසු වැඩිසේක!

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම කියන්ඩ එපා. මේක මහ නාහිමිවරු කැඳවපු සාකච්ඡාවක් නෙවේ. මේක ජනාධිපති වරයා විසින් තමන්ගේ ස්ථාවරය සම්භන්ධයෙන් යම් කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට සංඝයා වහන්සේට සිදු කල ආරාධනාවක් අනුව ඒ ඒ නිකායන්ගේ අනු නායක හා ලේඛකාධිකාරීන් වහන්සේලා වැඩම කිරීමක් සහ ඉන් පසුව ජනාධිපතිවරයා තමන් විසින් උන්වහන්සේලාට ආරාධනා කිරීමට හේතුව පහදා දීමක්.

      දෙවනුව සිදුවන්නේ මෙම අනුනායක, ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලා තමන්ගේ නිකායන්ගේ නායක ස්වාමීන් වහන්සේලාට සහ සංඝ සභා වලට අදාල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කල දෑ ප්‍රකාශ කොට සිටීමයි.

      තෙවනුව අදාල සංඝ සභා විසින් තීරණය කරණු ලබනවා ජනාධිපතිවරයා තමන්වහන්සේලා අලලා සිදුකල එම කරුණු දැක්වීම තමන්වහන්සේලා පිළිගන්නවාද, එය සංශෝධන ඉල්ලා එම සංශෝධන ඇතුලත් කලහොත් පිළිගන්නවාද, නැත්නම් ප්‍රතික්ෂේප කරණවාද යන වග.

      සිව්වනුව, එම තීරණය ජනාධිපතිවරයාට (රාජ්‍ය නායකයාට) ප්‍රකාශ කිරීමට කටයුතු කරණවා. එම දැනුවත් කිරීමේදී තමයි භික්ෂූන් වහන්සේලා කථා කිරීම, සහ, රජ්‍ය නායකයා සවන්දීම සිදු වන්නේ. මෙම දැනුවත් කිරීම සිදු කරණු ලබන්නේ ලේඛකාධිකාරීන් වහන්සේලා විසින් නෙවේ. ඒ ඒ නිකායයන් වල නායක හිමිවරුන් සහ/හෝ අනුනායක හිමිවරුන් තමයි අදාල කරුණු දැක්වීම සිදු කරන්නේ.

      මේ තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. ඉහත සිදුවීමේදීත් එම සම්ප්‍රදාය කඩ වුණේ නැහැ.

      Delete
    2. ඩෝබියෝ, උඹ හෝදන්ඩ හැදුවට වැඩක් නෑ, මේක මහජනතාව අන්දවන්ඩ කරපු සෙප්පඩ විජ්ජාවක් කියනඑක උඹට වහන්ඩ බෑ.

      ඤාණසාර හාමුදුරුවෝ අයත්වෙන නිකායේ ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමිගේ මාධ්‍යය නිවේදනයේ අදාල කොටස මෙන්න:

      අදාල කාරණය සම්බන්ධයෙන් අප ඉදිරිපත්වූයේ උන්වහන්සේ මහාවිහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවට අයත් භික්ෂුවක් බැවිනි. උන් වහන්සේගේ සිවුර තබාගැනීම හෝ ඉවත්කිරීම  පිළිබඳව බලය ඇත්තේ උන්වහන්සේ අයත් අප සංඝසභාවටය. එසේ තිබියදී, අප සහභාගි කර නොගෙන ඊයේ දින වෙනත්  නායක ස්වාමීණ්ද්‍රයන් වහන්සේලා පිරිසක් සමග සාකච්ඡාවක් සිදු කරනු ලැබූ පුවත මාධ්‍යය ඔස්සේ දැක අප
      මවිතයට පත්වීමු.

      Delete
    3. ගොනෝ, මේක හෝදන්ඩ ලියපු රෙද්දක් නෙවේ, උඹේ දේශපාලන වහල්බාවය විසින් ඉදිරිපත් කර ඇති ගොං කමෙන්ට් එකෙන් බුදු දහමේ අපේ යථිවරයන්ගේ පෞරුෂත්වයට සිදු කර තිබෙන ගැරහීමට එරෙහිව, උන්වහන්සේලාගේ පෞරුෂයට හානි වූ දෙයක් එතැන සිදු නොවූ බව තහවුරු කිරීම සඳහා එහිදී සිදු වූ සිද්ධිය පිළිඹඳ පැහැදිලි කිරීමක් පමණයි කර තිබෙන්නේ.

      අනික බූරුවෝ, තෝ නොදන්න රෙද්දවල් කථා කරන්ඩ එපා, දේශපාලනික වහලෙක් වූ පමණින්. කියපන් බලන්ඩ ඥාණසාර හාමුදුරුවෝ අයිති වෙන නිකාය? අයිසේ උන්වහන්සේ අයිති වෙන්නේ සියම් නිකායට. සියම් නිකායේ මූලස්ථානය මහනුවර, අස්ගිරි සහ මල්වතු පාර්ශව දෙක. රුහුණු මහා විහාර හා කෝට්ටේ අයිති වෙන්නේ ප්‍රාදේශීය සංඝ සභා දෙකකට, එම සංඝ සභාත් සියම් නිකායේ මූලික රැස්වීමක් කැඳවූ විට මහනුවරට එක් රැස් විය යුතු වෙනවා. එසේ සංඝයා වහන්සේ රැස්වී කථිකා කොට පසුව එම තීරණ ජනාධිපතිවරයාට දැන්විය හැකියි, එය සිදු කරණ ආකාරය පැහැදිලි කොට තිබෙනවා මගේ මින් පෙර අදහස් දැක්වීමේදී.

      කෝට්ටේ ශ්‍රී ක්ල්‍යාණි සාමාග්‍රී සංඝ සභාවට හෝ රුහුණු මහා විහාර කළුවාමෝදර සංඝ සභාවට ආරාධනා නොකලේ එම සභා දෙකට ආරාධනා කලහොත්, අමරපුර / රාමාඤ්ඤ නිකායන්ගේත් එවැනිම සියලු සංඝ සභා වලටත් ආරාධනා කිරීමට සිදුවන නිසා. අමරපුර නිකායේ පමණක් එවැනි සංඝ සභා 22ක් තිබෙනවා. මෙතැනදී සිදු වූවේ සාකච්ඡාවක් නෙවේ, ජනාධිපතිවරයාගේ ස්ථාවරය සංඝයා වහන්සේ වෙත ප්‍රකාශ කිරීමක්, ඒ සඳහා ප්‍රධාන නිකායන්ගේ ප්‍රධාන ලේඛකාධිකාරීන් වහන්සේලා, ප්‍රධාන අනුනායකයන් වහන්සේලා ආරාධනය අනුව වැඩම කලා.

      Delete
    4. මී හරකෝ, කොටාගෙ වහලෝ, උඹ ඥාණසාර හාමුදුරුවෝ අයිති වෙන නිකාය දන්නෙ නැත්නම්  "ජනපති හා පැවැති සාකච්ඡාවෙන් වැඩක් වී නෑ....." කියන හෙඩිමෙන් පලකර තියෙන එම ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමිගේ මාධ්‍යය නිවේදනය කියවල හිටපන් තප්පුලන්ඩ ඉස්සෙල්ල.

      Delete
    5. බූරුවෝ, මම නෙවේ තෝ දන් නැත්තේ, මම ලියල තියෙන පිළිතුර බලලා හිටපන්, තේරෙන් නැත්නම් තමන්ට පුළුවන් දෙයක් තෝරගෙන කොරපන් මේ වගේ දේවල් ලියන්ඩ එන් නැතුව.

      Delete
  2. උපුටා ගැනීමක්.

    ලංකාවේ ඕනෑම පුද්ගලයෙක්, කණ්ඩායමක්, ප්‍රජාවක් තමන්ගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න ජනාධිපති කාර්යාලය කියන ගුබ්බෑයමට රිංගීම මෝඩ වැඩක්.
    ජනාධිපති එතනට කාටහරි ආරාධනා කරනවා නම්, ඒ ආරාධනා කරන්නේ සාකච්ඡා කරලා, ප්‍රශ්න අහලා, ඒවා විසඳීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි.
    තමන්ගේ ගුබ්බෑයමට ගෙන්න ගෙන, තමන්ගේ කැමරා අටවාගෙන, තමන්ට ඕන කතාව කියලා, ඒ ප්‍රශ්නය නිසා ඇතිවෙලා තියෙන ජන අප්‍රසාදය හැන්ඩ්ල්
    කරන්න විතරයි ජනාධිපතිට උවමනා.
    ඒක හරියට 'ඇම්බුෂ්' එකක්. එහෙම නැත්නම් රැක සිට, සුදානම් වී කරන පහර දීමක්.
    ඔහුගේ උවමනාව ප්‍රශ්නය ඇති පිරිස මාධ්‍ය මෙහෙයුමෙන් පරාජය කිරීම මිසෙක ප්‍රශ්නය විසඳීම නෙවෙයි.
    එතන දී ඔහු කළින් කියන්න අවශ්‍ය කතාව සුදානම් කරගෙන එනවා. ඒ කතාව ඇතුළේ ඔහු ඩෝබීන් චූන් කිරීමට අවශ්‍ය කාරණා ඉස්මතු කරනවා.
    අනිත් පාර්ශවය මොනවා කිව්වත් ඔහු ඒ කතාව අහන් ඉන්නේ නැහැ. වෙලාවම ආවම කැමරාවට තමන්ගේ කතාව කියනවා.
    ඔහු එතැන දී කතා කරන්නෙත් කැමරාවට මිසෙක සාකච්ඡා මේසයේ අනිත් පාර්ශවයට නෙවෙයි.
    ඉතිරි ටික ජනාධිපති මාධ්‍ය අංශයෙන් කරනවා. ඔවුන් ජනාධිපතිගේ කතාව විතරක් මාධ්‍යයට යවනවා.
    අනිත් පාර්ශවයේ කතාව හිතාමතාම සඟවනවා.
    තමන්ගේ පේජ් වලින්, සෝෂල් මීඩියා වලින් ජනාධිතිගේ කතාව පමණක් පළ කරනවා.
    ඊටපස්සේ ඩෝබියො ටික
    "කොහොමද අපේ ලොක්කා දුන්නා නේද" කියලා කමෙන්ට් කරන්න ඩෝබි හමුදාව එවනවා.
    ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ප්‍රශ්නේ නිසා තිබුණු අපවාදය හැන්ඩ්ල් කරනවා. ඔච්චරයි.
    ඊයේ නායක හාමුදුරුවරුන් අනුරගේ මූනටම දැඩි ස්වරයෙන් තමන්ගේ කලකිරීම කියලා තියෙනවා.
    ආණ්ඩුව බුදු දහමට කරන කැත වැඩ ගැන කතා කරලා තියෙනවා.
    හැබැයි ඒ කිසිම දෙයක් ජනතාව දැක්කේ නැහැ. ඇයි ?
    ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඒ වීඩියෝ නිකුත් කරන්නේ නැහැ.
    ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැය එක හමාරක සාකච්ඡාවේ මිනිත්තු දහයක කොටසක් පමණක් පළ කරනවා.
    ජනාධිපති මාධ්‍ය අංශය 22 ප්‍රශ්නේ වෙලාවේ මේ වැඩේම නීතිඥ සංගමයට කළා.
    ඔවුන් රජීව් අමරසූරියගේ කතාව හැංගුවා. ජනාධිපතිගේ මිනිත්තු කිහිපයක වීඩියෝවක් පමණක් පළ කරා.
    ඉන්පසුව 'නීතිඥ සංගමය අනුර ඉදිරියේ හීලෑ වුණා' කියලා ඔවුන් විසින්ම කිව්වා.
    නමුත් නීතිඥ සංගමය අප්‍රසාදය පළ කරපු, විවේචනය කරපු, චෝදනා කරපු වීඩියො මිනිස්සු දැක්කේ නැහැ.
    රජීව් විසින් තමන්ගේ කතාව ඉල්ලුවම ඔවුන් ඕඩියො නැති, අපැහැදිලි ක්ලිප් එකක් එව්වා.
    ඊයේ ඔවුන් නායක ස්වාමීන් වහන්සේලාට මේ වැඩේ කළා.
    මේ ඉතාම නරක, කැත, අශිෂ්ට වැඩ.
    මේ බව දැන දැනත් කවුරුහරි තමන්ගේ ප්‍රශ්නය සාකච්ඡා කරන්න ජනාධිපති හමුවෙන්න යනවා නම් ඒක ඉතාම මුග්ධ ක්‍රියාවක්.
    මේ ජනාධිපති එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳන්න බැහැ.
    ඔවුන් නැමිය හැකි එකම ක්‍රමය ජනතා පීඩනය එල්ල කිරීමට පමණයි.
    කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ආණ්ඩුව යටතේ හොඳම විකල්පය එළියේ ඉඳලා ඒ ගැන ජනතාවට කීම පමණයි.
    ඔබ ප්‍රශ්නයක් ජනාධිපති එක්ක සාකච්ඡා කරන්න ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලට පා තබන සැණින් ඔබ පරාදයි.
    ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්නය විසඳන්න නෙවෙයි. මාධ්‍ය ඉදිරියේ ඔබ පරාජය කිරීමට පමණයි.
    ඔවුන් සැලසුම් කරලා ඔබ උගුලට හසු කරනවා.
    එමනිසා දැන්වත් මේ රටේ ගැටළු, ප්‍රශ්න ඇති පිරිස් සහ බලවේග ජනාධිපති සමග සාකච්ඡා ප්‍රතික්ෂේප කරලා එළියේ සමාජ විරෝධය ගොඩනගන්න.
    මෙතෙක් ඔවුන් පරාජය වුණේ, තීරණ ආපසු හැරවූයේ එළියේ ගොඩනැගූ සමාජ විරෝධයෙන් මිසෙක එක්වරක් හෝ සාකච්ඡාවකින් ජනාධිපති හෝ ආණ්ඩුව නම්‍යශීලි වී නැහැ.

    ReplyDelete
Previous Post Next Post