බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා අවශ්ය පියවර ගැනීමට ත්රෛනිකායික මහා නාහිමිවරුන් මැදිහත් වන බවට දැනුම් දී ඇති බැවින්, කොළඹ විහාරමහාදේවි උද්යාන පරිශ්රයේ දින ගණනාවක් පුරා අඛණ්ඩව ක්රියාත්මක වූ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්ය උලපනේ සුමංගල හිමියෝ ප්රකාශ කරති.
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සමඟ අද (25) පස්වරුවේ විශේෂ මාධ්ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව නිල වශයෙන් නිවේදනය කළහ.
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස බලකරමින් ආරම්භ කළ මෙම සත්යග්රහය අද වන විට 10 වැනි දිනටත් එළඹ තිබූ අතර, උද්යාන භූමියේ රැඳී සිටි භික්ෂූන් වහන්සේලාගේ පුවරු ගැලවීමට කොළඹ මහ නගර සභාව දැරූ උත්සාහයත් සමඟ පසුගිය දිනවල එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය විය.
මීට අමතරව, අදාළ සත්යග්රහය විසුරුවා හැරීම සඳහා පොලිසිය හෙට (26) දිනයේදී අධිකරණයෙන් වරෙන්තු ලබා ගැනීමට සූදානම් වන බවට ද වාර්තා පළව තිබිණි.
කෙසේ වෙතත්, ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමේ කටයුත්ත භාරගැනීමට මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන ත්රෛනිකායික මහා නායක හිමිවරුන් එකඟතාව පළ කර ඇති බැවින්, උන්වහන්සේලාගේ එම තීරණයට ගරු කරමින් සත්යග්රහ ව්යාපාරය මෙලෙස තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව උලපනේ සුමංගල හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
Temporary Suspension of Protests for Release of Buddhist Monk
The ongoing satyagraha demanding the release of imprisoned monk Gnanasara has been temporarily suspended, following the intervention of high-ranking Buddhist clergy. Ulapane Sumangala Thero announced this decision during a special media briefing with participating monks on the evening of October 25 at the Viharamahadevi Park in Colombo.
Initially launched to urge the President to grant amnesty to Gnanasara Thero, the protest marked its tenth day today. Tensions escalated in recent days as Colombo Municipal Council officials attempted to dismantle the monks’ makeshift shelters at the protest site, leading to significant unrest.
Reports surfaced indicating that the police were preparing to seek court orders to disperse the gathering on October 26, adding to the urgency of the situation.
However, with the agreement of the Tri-Nikaya leadership, including the heads of the Malwatu, Asgiriya, Amarapura, and Ramanna sects, the decision was made to respect this consensus. Consequently, the protesters, led by Ulapane Sumangala Thero, have paused their campaign in light of this development.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


මේ වෙලාවේ ඤාණසාර හාමුදුරුවෝ හිර කරලා තියෙන්නේ අනුර දිසානායකගේ තනි මතයට. අඩු ගානේ පැලවත්තෙ ඉන්න තම්බිල දෙතුන් දෙනා වත් විරුද්ධ නෑ උන්නාන්සේ නිදහස් කරණවට. පැළවත්තෙන් අනුර දිසානායකට එකඟව කථා කරපු කීප දෙනා කිව්වේත් ඤාණසාර හාමුදුරුවන්ට නිදහස දුන්නොත් අනාගතේ දවසක නාමල් රාජපක්ෂ ට ත් සිර දඬුවම් විඳින්ඩ වුණොත් නිදහස් කරන්ඩ වෙයි ජනාධිපති සමාව යටතේ කියලා විතරයි.
ReplyDeleteඒත් අනුර දිසානායකගේ අවශ්යතාවය, පාස්කු ප්රහාරයට ගෝඨා පටලවන්ඩ කල් යන නිසා ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ට පොඩි ආතල් එකක් දීලා රවට්ටන්ඩ ඕනෑ කියන එක. නමුත් මුස්ලිම් සමාජයේ තරුණ ප්රජාවට ඤාණසාර හාමුදුරුවන්ගේ මතකයක් නෑ, ඔවුන්ට අවශ්ය සිය ව්යාපාර වලට හිතකර පරිසරයක්. වැඩිහිටි මුස්ලිම් මිනිස්සුන්ට මවුලවීල ට අවශ්ය ගෝඨාභය ට පාස්කු ප්රහාරය නෛතිකව පැටවීම විනා සිල්ලර ලොසින්ජර නෙවේ.
පක්යසෝති සහ එක්නැලිගොඩ මේ නඩුව ගොනු කලත්, ඔවුන් දෙපළ හැර දෙමළ ඩයස්පෝරාවට මේකෙන් වැඩක් නෑ. ඤාණසාර හාමුදුරුවෝ සිරගත කිරීම දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීමක් නෙවේ. ලංකාවේ දෙමළ ජනතාවගේ ඉල්ලීමකුත් නෙවේ. උතුරේ සාමාන්ය දෙමළ මිනිස්සු, විශේෂයෙන් ප්රභාකරන් මුස්ලිම් මිනිස්සුන්ව උතුරෙන් පන්නපු එකට සතුටු අති බහුතරය ඤාණසාර හාමුදුරුවො සිරගත කිරීමක් ඉල්ලලා නෑ කිසි සේත්.
එක්නැලිගොඩ, පක්යසෝති කටයුතු කරන්නේ දෙමළ ජාතිවාදීන් සතුටු කරන්ඩ, ඒ වෙනුවෙන් ඔවුන්ට මුදල් ගෙවනවා, වටිනා ඉඩ කඩම්, වාහය යුරෝපයේ දියුණු රට වල ඔවුන්ට පරිත්යාග ලෙස ලැබෙනවා. ඒ දේවල් ලැබෙන්නේ ඔවුන් තමන් විසින් සිතා යම් යම් කටයුතු කල විට වගේම, දෙමළ සංවිධාන වල ඉල්ලීම් ඉටුකිරීම කල විටත් ඔවුන්ට ගෙවීම් ලැබෙනවා. ඤාණසාර හිමියන්ට එරෙහි නඩුව දෙමළ ප්රජාව විසින් ඉල්ලුවෙ නෑ. ඒ වගේමයි එහිමියන්ට එරෙහි නඩුවේ තීන්දුවෙන් පසුව ඩයස්පෝරාවේ සාම්ප්රදායික චැනල් එකකින් වත් ඔවුන්ගේ (එක්නැලිගොඩ, පක්යසෝති) ශ්රී ලංකාව තුළ පවතින ගිණුම් වලට මුදල් සම්ප්රේෂණය වීත් නෑ, මේ වෙන තෙක් අප විසින් සොයා ගත් කරුණු අනුව.
සාරාංශය: ඤාණසාර හිමියන් සිර කොට තබා ගැනීම අනුර දිසානායක ගේ පෞද්ගලික තීරණයක් මත සිදුවෙන දෙයක්.
බල්ලං බැද දැමිය යුතුය. මැක්කං නෙරපිය යුතුය. බල්ලා දැන් හිරේ. මැක්කගෙත් අඬු පඬු කඩා දාලා හිරේ. දැන් ඉන්නේ මහ බල්ලො ටිකයි උන්ගෙ සහචරයො ටිකයි අවශේෂ සිප්පි කෑලි වන් මැක්කො ටික පමණයි. සිප්පි නම් මොනවද :D
ReplyDeleteදුම් පානය කරණව නම් හරියට නම මොකක් ද කියලා බලලා බ්රෑන්ඩඩ් එකක් ගනින්.
Delete