පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ලබා දී ඇති සිරදඬුවම සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් කොළඹදී සංවිධානය කරන ලද 'බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම හා සිංහල බෞද්ධ උරුමයන් සුරකීමේ ජාතික මහා සමුළුව' අමතමින් හිටපු අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ හිටපු අගවිනිසුරුවරයා පෙන්වා දුන්නේ, මහේස්ත්‍රාත් අධිකරණයකට අපහාස කිරීමේ වරදක් සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි උපරිම දඬුවම රුපියල් 1500 ක දඩයක් සහ මාස 18 ක සිරදඬුවමක් පමණක් බවයි.
එසේ තිබියදී අදාළ මහේස්ත්‍රාත්වරයා විසින් ලිපියක් මඟින් අභියාචනාධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව, එවක අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් උන්වහන්සේට වසර 6ක සිරදඬුවමක් නියම කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බව හෙතෙම අවධාරණය කළේය.
අභියාචනාධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් හැර වෙනත් අධිකරණයක සිදුවූ කරුණක් වෙනුවෙන් එවැනි දඬුවමක් ලබාදීමට ප්‍රතිපාදන නොමැති බවත්, ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සම්පූර්ණයෙන්ම සාධාරණ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
තවද, මේ වන විට ජාතික නායකයින් සහ භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීම 'වෛරසයක්' සේ ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එක් පසෙකින් මහා සංඝරත්නයටත් තවත් පසෙකින් සිංහල බෞද්ධ නායකයින්ටත් එරෙහිව මෙම ක්‍රියාමාර්ග ද්වේෂසහගතව ක්‍රියාත්මක වන බවත් හිටපු අගවිනිසුරුවරයා චෝදනා කළේය.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නීතිමය මාර්ගයෙන් කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Former Attorney General Criticizes Sentencing of Ven. Gnanasara Thera
The recent sentencing of Ven. Galagoda Aththe Gnanasara Thera for contempt of court has been deemed entirely unlawful by former Attorney General Sarath N. Silva. He made these remarks during a national conference organized by the All Ceylon Buddhist Congress in Colombo, which focused on the protection of the Buddhist faith and the preservation of Sinhala Buddhist heritage.
Silva pointed out that the maximum penalty established by law for contempt of court in a magistrate's court is only a fine of 1,500 Rupees and a prison term of 18 months. Given this context, he emphasized that the sentence of six years imposed on Gnanasara Thera by the Court of Appeal Chief Justice Priyantha Jayawardena following an appeal was legally unfounded.
He further highlighted that imposing such a severe sentence for an incident related to contempt of court in a different jurisdiction lacks any legal basis. As a result, Silva argued that the presidential pardon granted to Gnanasara Thera by former President Maithripala Sirisena was completely justified.
The former Attorney General also expressed concern over the alarming trend of filing contempt of court charges against national leaders and monks, describing it as a "virus" spreading through the legal system. He noted that this aggressive approach is being implemented with malice against both the Maha Sangha and Sinhala Buddhist leaders.
In conclusion, Silva insisted that the situation requires legal action to be taken to restore balance and prevent the escalation of such practices.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙතුමා ජාතික සම්පතක්....සම්පූර්න ඈත්ත..... ගල්කටස් මිනීමරු කඩාකප්පල්කාරී ජෙප්පෝ.. ....අද අපි රට දීලා තිබෙන්නේ මේ ගල්කටස් මිනීමරු කල්ලියට නේද ....? ජෙප්පෝ කරන්න හදන්නේ කොටි ඩයස්පෝරාවට උතුර දීලා දකුන විතරක් පාලනය කරන්න කාඩිනල්වයි අන්තවාදී ජිහාඩි බලකායයි සතුටුකරමින් ....
ReplyDelete