ලාෆ්ස් ගෑස් සමාගම විසින් මෙරට වෙළෙඳපොළට අඛණ්ඩව ගෑස් සැපයීම දිගින් දිගටම පැහැර හරින්නේ නම්, පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා ලාෆ්ස් ගෑස් සිලින්ඩරවලට ලිට්රෝ ගෑස් පිරවීමට අවසර ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් ලබන සතියේදී වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
වෙළෙඳපොළ තුළ මෑතකදී නිර්මාණය වූ ගෑස් හිඟය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලිට්රෝ සමාගම සාමාන්‍යයෙන් දිනකට කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳපොළට නිකුත් කළ ද, පසුගිය සතියේ මාලදිවයිනේ සිට ගෑස් රැගත් නෞකාවක් පැමිණීම දින තුනකින් ප්‍රමාදවීම හේතුවෙන් සිලින්ඩර 240,000ක පමණ තාවකාලික හිඟයක් හටගත් බවයි.
කෙසේ වෙතත්, මෙට්‍රික් ටොන් 3,600ක් රැගත් නෞකාව මෙරටට පැමිණීමෙන් පසු දෛනික බෙදාහැරීම සිලින්ඩර 100,000 දක්වා ඉහළ නංවා එම හිඟය සමනය කිරීමට ලිට්රෝ සමාගම පියවර ගෙන ඇත.
වෙළෙඳපොළේ පවතින සැබෑ අර්බුදය ලිට්රෝ සැපයුම නොව, මෙරට ගෑස් වෙළෙඳපොළෙන් 20%ක කොටසකට හිමිකම් කියන ලාෆ්ස් සමාගම මාස දෙකක පමණ කාලයක සිට වෙළෙඳපොළට ප්‍රමාණවත් පරිදි ගෑස් නිකුත් නොකිරීම බව නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා ලාෆ්ස් සමාගම දැනුවත් කර සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා ලෙසත්, එසේ නොවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දැනුම් දී ඇත.
තවද, ලාෆ්ස් සමාගමට සැපයුම ලබාදිය නොහැකි නම් ඔවුන්ගේ සිලින්ඩර සඳහා ලිට්රෝ සමාගම හරහා ගෑස් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව විමසා සිටිය ද, ලාෆ්ස් සමාගම මෙතෙක් ඊට ස්ථිර පිළිතුරක් ලබා දී නොමැති බව හෙතෙම සඳහන් කළේය.
ලාෆ්ස් සමාගම මෙරට ව්‍යාපාර ආරම්භ කර ඇත්තේ අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කිරීමට සහ 20%ක් දේශීය වෙළෙඳපොළට සැපයීමේ පදනම මත බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, වර්තමානය වන විට ඔවුන් දේශීය වෙළෙඳපොළට එම 20% හෝ නිසි පරිදි ලබා නොදෙන අතර අපනයන කටයුතු ද සිදු නොකරන බව පැවසීය.
අපනයනය සඳහා වරප්‍රසාද ලබාගත් සමාගමකට මෙරට තුළ පමණක් වෙළෙඳාම් කිරීමට ඉඩ දිය නොහැකි බවත්, ඔවුන්ගේ සැපයුම් මුළුමනින්ම අත්හිටුවන්නේ නම් ලිට්රෝ සමාගමට සම්පූර්ණ වෙළෙඳපොළ ආවරණය කළ හැකිදැයි සොයා බලා අවශ්‍ය වුවහොත් නව සමාගමකට වෙළෙඳපොළ විවෘත කිරීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
Government Eyes Action to Mitigate Gas Supply Crisis Amidst Ongoing Shortages
The Sri Lankan government is taking steps to address the persistent gas shortages crippling the market, particularly focusing on permitting Litro Gas to refill Lafarge cylinders. This initiative comes as concerns grow over the impact on consumers, as highlighted by the Deputy Minister of Commerce, R.M. Jayawardena.
A decisive discussion involving all relevant parties is scheduled for next week, led by Minister of Commerce Wasantha Samarasinghe, to find lasting solutions to the crisis.
Commenting on the recent gas shortages, the Deputy Minister noted that Litro typically releases 80,000 cylinders filled with 12.5 kg of gas daily. However, a delay of three days in the arrival of a ship carrying gas from the Maldives resulted in a temporary shortfall of approximately 240,000 cylinders.
In response, Litro has ramped up daily distributions to 100,000 cylinders following the arrival of a ship carrying 3,600 metric tons of gas, aiming to alleviate the supply gap.
While Litro's supply issues have garnered much attention, it is Lafarge Gas that has been failing to adequately supply the market, claiming only 20% market share but not releasing sufficient gas over the past two months, as indicated by the Deputy Minister.
The Consumer Affairs Authority has informed Lafarge to resume their supply to the market, warning of potential legal action if they fail to comply.
Despite inquiring about the possibility of getting gas from Litro for Lafarge cylinders, the Deputy Minister stated that Lafarge has yet to provide a definitive response.
The Deputy Minister pointed out that Lafarge initially established operations in Sri Lanka with a focus on the export market, aiming to export 80% of their production and supply only 20% to the local market. However, he emphasized that they are currently failing to meet even this local demand while also neglecting their export obligations.
Underlining that companies granted export privileges cannot trade solely within Sri Lanka, the Deputy Minister remarked that should Lafarge halt their supplies entirely, the government may explore opening the market to new entrants to ensure adequate supply coverage.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පොට්ටයා මීට ඉස්සෙල්ලත් කහ ගෑස් එකට නිල් ගෑස් දෙනවා කිව්වා.කයිය විතරයි වැඩ නෑ.
ReplyDeleteWe are bankrupcy 😂
ReplyDelete