මාස තුනකට වරක් යෝග්‍යතා සහතික මගී ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන වාහන සදහා පමණයි..


යෝජිත ‘මාර්ග යෝග්‍යතා සහතිකය’ අදාළ වන්නේ පොදු මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිත කරන වාණිජ වාහන සඳහා පමණක් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මෙම සහතිකය පෞද්ගලික වාහන සඳහා ද අනිවාර්ය කිරීමට පියවර ගනිමින් සිටින බවට මෑතකදී සමාජ මාධ්‍ය සහ විවිධ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා හේතුවෙන් වාහන හිමියන් අතර දැඩි කථාබහක් නිර්මාණය වී තිබිණි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කරුණු පැහැදිලි කරන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ, මෙම වැඩපිළිවෙළ තවමත් පවතින්නේ සාකච්ඡා සහ විශ්ලේෂණ මට්ටමේ බවයි.

එකී සහතිකය ක්‍රියාත්මක කළ යුතු ආකාරය සහ ඊට අදාළ නීතිමය හා ප්‍රායෝගික ක්‍රමවේද පිළිබඳව ‘මාර්ග යෝග්‍යතා උපායමාර්ගික කමිටුව’  සමඟ තවදුරටත් පුළුල් ලෙස සාකච්ඡා කරමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෑත කාලීනව බරපතළ වාහන අනතුරු කිහිපයක් වාර්තාවීමත් සමඟ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, පවත්නා වාහන දුම් සහතිකයට අමතරව වාහනයේ යාන්ත්‍රික යෝග්‍යතාව තහවුරු කිරීමේ සහතිකයක් හඳුන්වා දීමට යෝජනා වී තිබිණි. 

කෙසේ වෙතත්, සාමාන්‍ය පෞද්ගලික මෝටර් රථ හෝ යතුරුපැදි වැනි වාහන සඳහා මෙය බලාත්මක නොවන අතර, මෙම යෝජිත වැඩපිළිවෙළෙහි ඉදිරි පියවර සහ නියමිත ක්‍රමවේදය පිළිබඳව අවසන් තීරණයකට එළඹීමෙන් පසු ඒ පිළිබඳව මහජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි





Motor Vehicle Department Clarifies 'Roadworthiness Certificate' Applicability

The Motor Vehicle Department has clarified that the proposed 'Roadworthiness Certificate' is intended exclusively for commercial vehicles utilized in public passenger transport and goods transportation. This announcement comes amid growing discussions among vehicle owners triggered by recent media reports suggesting a similar requirement for private vehicles.

Recognizing the concerns raised, the department emphasized that the initiative is still at the stages of discussion and analysis, and no final decisions have been made regarding its implementation.

Further consultations are ongoing with the 'Roadworthiness Strategic Committee' to determine the operational framework and legal procedures related to the proposed certificate.

In light of recent accidents involving heavy vehicles, there are plans to introduce a certificate that will verify the mechanical roadworthiness of vehicles, in addition to the existing pollution control certificates, as part of efforts to enhance road safety.

However, it is crucial to note that this initiative will not apply to standard private motor vehicles or motorcycles. The department assured that the public will be adequately informed about any developments and final decisions on the proposed procedures once they are established.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

Previous Post Next Post