මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන්ට ආගමික ඇඳුම් ඇඳීමට ඉඩ දෙන්නැයි නිර්දේශ...


 මුස්ලිම් ජාතික කාන්තා සෞඛ්‍ය සේවිකාවන් සඳහා නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට ඉඩසලසමින් නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත නිර්දේශ කර ඇත.

කල්මුණේ උතුර, මූලික රෝහලේ හෙද නිලධාරීන් හයදෙනකු සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් පිළිබඳව සිදුකළ මානව හිමිකම් කොමිෂන් සභා පරීක්ෂණයකින් පසුව මෙම නිර්දේශය ඉදිරිපත් කළ බව එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.

එහිදී මුස්ලිම් ජාතික කාන්තා සෞඛ්‍ය සේවිකාවන් හයදෙනා තමන්ට නියමිත නිල ඇඳුමට අමතරව හිස් ආවරණ (හිජාබ්) මුහුණ පෙනෙනසේ ඇඳීම, දිගු අත් සහිත ඇඳුම් සහ කලිසම ඇඳීම රෝහල් බලධාරීන් විසින් වළක්වා ඇති බවට ඔවුන් විසින් පැමිණිලි කර ඇත.

කොමිෂන් සභාව සිදුකළ විමර්ශනයේදී එම කලාපයේ පිහිටි අනෙකුත් රජයේ රෝහල්වල මෙවැනි ආගමික ඇඳුම් සඳහා ඉඩ ලබාදී තිබෙන බවත් එමගින් ඇඳුම් පාලන නීති එකිනෙකට පරස්පර ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලු මතුවන බවත් කොමිෂන් සභාව පෙන්වා දී ඇත.

කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව වාර්තාවක් 2026 නොවැම්බර් 11 වැනිදාට පෙර ලබාදෙන ලෙසද කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නියම කළේය.

චමින්ද සිල්වා





Human Rights Commission Advocates for Dress Code Flexibility for Muslim Health Workers

The Sri Lanka Human Rights Commission has proposed a new circular that would allow Muslim national female health workers to wear attire in accordance with their religious traditions, in addition to their official uniforms. This recommendation was made to the Ministry of Public Administration following an investigation into a dispute involving six nursing officials at the local hospital in Kalmunai North.

During the investigation, it was revealed that these health workers faced resistance from hospital authorities when attempting to don head coverings (hijabs), long-sleeved clothing, and cloaks that align with their cultural practices. The commission emphasized that similar allowances have been made at other government hospitals in the region, highlighting inconsistencies in the enforcement of dress code regulations.

The commission further pointed out that the varied application of dress code policies across institutions raises significant concerns. They called for a report on the implementation of their recommendations to be submitted to the Ministry before November 11, 2026.

Chameera Silva



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. නිල ඇඳුම අඳින්න බැරිනම් ඒ රැකියාවට නොගෙන සිටීම යහපත් නැතිද? රැකියාවලට ආගමික මත හෝ විශ්වාස අදාල කරගන්න නුසුදුසුයි නේද?

    ReplyDelete
Previous Post Next Post