ශ්රී ලංකාවේ වාර්ෂික උද්ධමන ඉලක්කය සියයට 5 සිට සියයට 2 දක්වා අඩු කිරීමෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ආරක්ෂා වන බව බැලූ බැල්මට පෙනී ගියද, එමඟින් මෙරට සමස්ත ආර්ථික වර්ධනයට දැඩි අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි.
විද්වත් හමුවක් අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, දැනට පවතින සියයට 5ක උද්ධමන ඉලක්කය තීරණය කර ඇත්තේ ගැඹුරු ආර්ථික අධ්යයනයකින් පසුව බවයි. එය ආර්ථික වර්ධනය සහ මිල ස්ථායිතාව අතර මනා සමතුලිතතාවක් පවත්වා ගැනීම උදෙසා තෝරාගත් වඩාත් ප්රශස්ත ඉලක්කය වන අතර, ඒ අනුව 2029 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ඉදිරි වසර තුනක කාලය සඳහාද එම සියයට 5ක උද්ධමන ඉලක්කය එලෙසම පවත්වාගෙන යාමට මහ බැංකුව සහ රජය නිල වශයෙන් එකඟ වී ඇති බව හෙතෙම සඳහන් කළේය.
උද්ධමන ඉලක්කය කෘත්රිමව පහළ මට්ටමකට (සියයට 2ක් වැනි අගයකට) සීමා කිරීමට උත්සාහ කළහොත්, රටේ ආර්ථිකය එහි සැබෑ වර්ධන ධාරිතාවට වඩා පහළ මට්ටමකට ඇදවැටීමේ බරපතළ අවදානමක් පවතින බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එවැනි තත්ත්වයකදී උද්ධමනය අඩුවීමෙන් ජනතාවට ලැබෙන ප්රතිලාභයට වඩා ආර්ථිකය හැකිළීම නිසා අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදුවන ජනගහනය ඉහළ යා හැකි බවද ඔහු පැවසීය.
සියයට 5ට වඩා අඩු උද්ධමන ප්රතිශතයකින් මෙරට ආර්ථිකයට යහපත් ප්රතිඵල අත්වන බවට මෙතෙක් කිසිදු ආර්ථික සාක්ෂියක් ඉදිරිපත්ව නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය යටතේ සියයට 5ක ඉලක්කය වඩාත් සුදුසු බවට එකඟතාවකට පැමිණියද, ඉදිරියේදී මතුවන නව ආර්ථික දත්ත සහ පර්යේෂණ පදනම් කරගනිමින් අවශ්ය වුවහොත් එම ඉලක්කය නැවත සමාලෝචනය කිරීමේ හැකියාව පවතින බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
Governor Warns Against Lowering Inflation Targets Amid Economic Concerns
The reduction of Sri Lanka's annual inflation target from 5% to 2% may protect consumer purchasing power, but it poses serious risks to the overall economic growth of the country, warned Dr. Nandalal Weerasinghe, the Governor of the Central Bank, during a recent conference.
Dr. Weerasinghe emphasized that the current 5% inflation target was established following in-depth economic analysis. This target was deemed optimal for maintaining a balance between economic growth and price stability. Official concord on maintaining this 5% target extends until October 2029, marking a commitment that involves both the Central Bank and the government.
He cautioned that artificially limiting inflation to a lower level, such as 2%, could severely undermine the nation’s actual growth potential. This approach risks dragging the economy down to levels far below its true capacity, he pointed out.
In such a scenario, the decline in inflation might not offset the adverse economic impacts faced by the population, potentially leading to increased hardship among citizens, he remarked.
Dr. Weerasinghe underscored that there has been no existing economic evidence supporting the notion that a lower inflation rate would yield positive outcomes for the country’s economy.
While there is consensus on maintaining the current 5% target given the prevailing conditions, he noted that there remains the possibility of reassessing this target based on new economic data and research in the future.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එතකොට 8%කියනිනෙ වෙන රටක උද්ධමනයද??
ReplyDelete