2026 ඔක්තෝබර් මස 16 දින හෝ ඊට ආසන්න දිනකදී ගල්ගමුව, සියඹලන්ගමුව ප්රදේශයේදී සිදු වූ 'කාවන්තිස්ස' ඇතාගේ මරණය සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කිරීම, වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ තිබේ.
හිටපු අමාත්යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ ලෙස මහාචාර්ය ටී. සමින්ද ප්රනාන්දු, මහාචාර්ය ඒ.ජී. අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය යූ.කේ. කාලිංග පද්මලාල්, ආචාර්ය ජගත් ගුණවර්ධන සහ නීතිඥ චරක ජයරත්න යන මහත්වරු කටයුතු කරති.
මෙම විශේෂඥ කමිටුවේ සම්බන්ධීකාරක ලෙස ජනාධිපති අතිරේක ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්. හැරිසන් මහතා කටයුතු කරනු ඇත.
'කාවන්තිස්ස' ඇතාගේ මරණය සිදුවූ ආකාරය, ඊට බලපෑ ආසන්න හා වක්ර හේතු, ප්රතිකාර කටයුතුවලදී යම් අතපසුවීම් හෝ නොසැලකිලිමත්කම් සිදුවී තිබේද යන්න පිළිබඳව සොයා බැලීම මෙන්ම වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටියක් සකස් කිරීම සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ නිර්දේශ ලබාදීම මෙම කමිටුවට පැවරේ.
මෙම කටයුත්තේදී දේශීය සහ විදේශීය විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමටද මෙම කමිටුවට බලය පැවරී ඇත.
ඒ අනුව, කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් වන සිය අවසන් විමර්ශන වාර්තාව, යෝජිත වන අලි සුබසාධනය සඳහා සම්මත මෙහෙයුම් පටිපාටි රාමුව සහ ඇතුන් සුරැකීමේ ජාතික වැඩසටහනකට අදාළ වන යෝජනාවලිය ඇතුළ සම්පූර්ණ වාර්තාව දින 30ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Special Committee Formed to Investigate Death of 'Kavantissa' Elephant
A special committee has been established by President Anura Kumar Dissanayake to thoroughly investigate the circumstances surrounding the death of the 'Kavantissa' elephant, which occurred near Galgamuwa and Siyambalankulama on October 16, 2026. The committee is tasked with developing a systematic approach for wildlife conservation and providing recommendations for the national elephant preservation program.
Chaired by former Secretary of the Ministry, A.H. Sarath Wijesinghe, the committee includes prominent members such as Professor T. Saminda Pranandu, Professor A.G. Anil Pushpakumara, Professor U.K. Kalin Padmalal, Dr. Jagath Gunawardena, and legal expert Charaka Jayaratne.
W.W.W. Harrison, the Additional Secretary to the President, will coordinate the activities of this expert committee.
The committee's responsibilities include investigating how the 'Kavantissa' elephant died, identifying potential contributing causes, and examining whether there were any lapses or oversights during treatment procedures. It will also work on formulating a coordinated approach for wildlife conservation and suggesting relevant measures for the national elephant preservation initiative.
Furthermore, the committee has been empowered to seek assistance from both local and international experts as part of its investigatory efforts.
The final report regarding the investigation into the death of the 'Kavantissa' elephant, along with the proposed framework for wildlife conservation and recommendations for the national elephant preservation program, is expected to be submitted to the President within 30 days.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

තවත් පචයක්. නරකද ඉදිරි වසර තුන තුල ඇතුන් 100 ක් “නිශ්පාදනය” කළොත්? අර විශ්ව විද්යාල 50 වගේ
ReplyDeleteනූතන එළාරයා, ඩබල් පොකට්, අඩු කුලේ ත්රස්තවාදී, දේශ ද්රෝහී, වැඩ බැරි, කයියනායක, රොඩී ජෙප්පා ප්රමුඛ ටිං ටිං හාලියා ඇතුළු ත්රස්තවාදී ජෙප්පන් ගේත්, දේශ ද්රෝහී, ශාසන විරෝධී කල්ලි වල අනීතික නියෝග ක්රියාත්මක කිරීම සඳහා බන්ධනාගාර ආඥාපනත, ආණ්ඩුක්රම ව්යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් තොපි කරන ලද මහා පාප කර්ම වලට විපාක වශයෙන් තොපි කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යන දවස ඉතාම ආසන්නයි. අපේ රීරි මාංශත් හූරලා ගන්න බදු මුදල් තවත් කාබාසිනියා කරමින් තව පඩ ෂෝ දැම්මාට වැඩක් නෑ, මුලු ලෝකයම දන්නවා ගතවූ වසර දෙක තුළ සිදුවූ අලි - මිනිස් ඝාතන සියල්ල ත්රස්තවාදී ජෙප්පන් ගේ අනුදැනුම ඇතුව සිදුවූ බව 😡🤮
ReplyDeleteජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට එදා සිවුරේ රැකවරණය ලබා අභයදානය ලබාගත් පාහර ත්රස්තවාදී ජෙප්පන් අද නින්දිත හීරලුවන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් රටේ සෑම අංශයක්ම විනාශ මුඛයට ඇද දමමින්, අනීතික ලෙස වංචාකාරී ලෙස ධනය රැස් කරමින් කරනා මේ මහා අපරාධ ස්වභාවධර්මය වත් ඉවසන්නේ නැහැ. අහිංසක සාමාන්ය ජනතාව විපතට පත්වීම වැලැක්වීම නිසා හෝ අවම කිරීම සඳහා මේ තරමින් හෝ රට ආරක්ෂා වී තිබෙනවා. ඒත් මේ ත්රස්තවාදී ජෙප්පන් නඩය ඒකරාශී වූ අවස්ථාවක මුන් හැතිකරයම එක මොහොතක පොලොව පලාගෙන කල්ප ගානක් පැහෙන නිරයට ඇදගෙන යෑමේ සම්භාවිතාව ඉතාමත් ඉහළයි. එසේ නොවන්නේ නම් හෙන හතක් වැදී මකබෑවිලා යනවා ඒකාන්තයි.
පචයගෙන් තවත් පචයක්.....තවත් බොරු කොමිසමක් .....
ReplyDelete