ආගමික අපහාසය පිළිබඳ චෝදනාවක් මත සෞදි අරාබියේදී සිර දඬුවම මරණ දණ්ඩනයක් දක්වා සංශෝධනය වූ ශ්‍රී ලාංකික තරුණයකු වන අනෝජන් සිවරාසා නිදහස් කරගැනීම හෝ ඔහුගේ දඬුවම ලිහිල් කරගැනීම සඳහා වන ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය සකස් කිරීමේ අරමුණින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ අසාර්ඩ් නවාෆි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව්පුද්ගල නියෝජිත කණ්ඩායමක් ලබන අඟහරුවාදා එරට බලා පිටත්ව යාමට නියමිතය.
මෙම නියෝජිත කණ්ඩායමට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරුන් ඇතුළත් වේ.
මෙම ගැටලුවට වඩාත් යහපත් ආකාරයෙන් විසඳුම් සෙවීම සඳහා සෞදි අරාබි නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමටද මෙම කණ්ඩායම සැලසුම් කර ඇත.
අතිරේක සොලිසිටර් ජනරාල් අසාර්ඩ් නවාෆි මහතා සඳහන් කර ඇත්තේ, මෙම නඩුව මෙහෙයවනු ලබන නීති සමාගම් දෙකක නියෝජිතයන් හමුවී එරට ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලිය සඳහා වන ලේඛන අවසන් කිරීමට පියවර ගන්නා බවයි. අදාළ නීති සමාගම් දෙකෙහි සේවය ලබාගෙන ඇත්තේ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි.
මේ අතර, අනෝජන් සිවරාසා වෙනුවෙන් සමාව අයැදිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ විශේෂ ලිපියක් රැගත් පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක්ද ඉදිරියේදී සෞදි අරාබියේ සංචාරය කිරීමට නියමිතව ඇත.
Legal Team Set to Travel to Saudi Arabia for Anojan Sivarasa's Appeal
A team of five legal representatives, led by Additional Solicitor General Ashard Nawafie, is set to depart for Saudi Arabia next Tuesday. Their mission is to prepare an appeal aimed at either securing the release or reducing the sentence of Anojan Sivarasa, a Sri Lankan youth who was sentenced to death amid allegations of religious humiliation.
This delegation will include notable figures such as President's Counsel Faiszer Mustafa, President's Counsel Upul Kumarapperuma, and Attorney Hafeel Faris. Plans are also underway for discussions with Saudi authorities to seek a constructive resolution to the matter.
According to Ashard Nawafie, the case involves representatives from two law firms working closely to finalize relevant documents for submission to the Supreme Court of Saudi Arabia. The Ministry of Foreign Affairs in Sri Lanka is facilitating the legal services required for this process.
In parallel, a parliamentary delegation bearing a special letter of appeal from President Ranil Wickremesinghe is also scheduled to visit Saudi Arabia in the near future to advocate on behalf of Anojan Sivarasa.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
🤣🤣🤣
ReplyDeleteලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කීවේ මේකට නේද? ලොකු මුදල් වියදම් කරමින් මේවා කරනවා ඒත් ගලබොඩ ස්වාමින් වහන්සේට තමන්ගේ සමාව නොදී ක්‍රෝධ කරනවා.
Deleteඇමරිකන් සුද්දෙක් ඔය වැරැද්ද කෙරුවා නම් ඔය දඬුවම දෙන්න සවුදි අධිකරණය හිතන්නෙවත් නැහැ. එහෙම දඬුවමක් දුන්නා නම් ට්‍රම්ප්ගෙ එක ටෙලිපෝන් කෝල් එකකින් දඬුවම ඉවත්කරනවා.
ReplyDeleteඅපරාදේ හදුන් හරි විජිත හරි යවන්න තිබුනා.
ReplyDeleteඇයි? අනෝජන් වෙනුවට උන්ගෙන් එකෙක් එල්ලන්න ද?
Deleteලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කීවේ මේකට නේද? ලොකු මුදල් වියදම් කරමින් මේවා කරනවා ඒත් ගලබොඩ ස්වාමින් වහන්සේට තමන්ගේ සමාව නොදී ක්‍රෝධ කරනවා.
ReplyDelete