විපක්ෂය විසින් එල්ල කරනු ලබන පදනම් විරහිත විවේචන රජය සත පහකටවත් මායිම් නොකරන බවත්, රට පුරා පෙර නොවූ විරූ සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, 2022 වසරෙන් පසු මෙරට දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණ ද, විපක්ෂය තවමත් පරණ සම්ප්‍රදායික රාමුවේම සිරවී සිටින බවයි. ජනතාව මෙවැනි පදනම් විරහිත දේශපාලන කතා මඟින් තවදුරටත් නොමඟ යැවිය නොහැකි බවත්, විපක්ෂය වහා යාවත්කාලීන විය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
පසුගිය පාලන සමයන්හිදී ඇනහිට තිබූ සියලු සංවර්ධන ව්‍යාපෘතීන් යළි පණගන්වා අවසන් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවත්, මීට පෙර කිසිදු ආණ්ඩුවකට කරගත නොහැකි වූ දිවයින පුරා සූර්ය බලශක්ති බැටරි ගබඩා පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සහ අධිවේගී මාර්ග ඇතුළු දැවැන්ත නව සංවර්ධන ව්‍යාපෘති රැසක් රට පුරා ක්‍රියාවට නංවා ඇති බවත් ඔහු පැවසීය.
2015 දී බලයට පත් ආණ්ඩු මෙන් නොව, වත්මන් ආණ්ඩුව නතර කර තිබූ සියලු වැඩ කඩිනමින් ආරම්භ කර ඇති බව ද ඔහු සිහිපත් කළේය.
ආණ්ඩුව රට පාලනය කරන්නේ විපක්ෂයට අවශ්‍ය ආකාරයට නොවන බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතාවගෙන් එල්ල වන ඕනෑම සාධනීය හා සාධාරණ විවේචනයක් නිහතමානීව පිළිගැනීමට රජය සැමවිටම සූදානම් බව ප්‍රකාශ කළේය.
එහෙත් වත්මන් විපක්ෂය කරන්නේ සතියක් දෙකක් ජීවත්වීම සඳහා යම් මාතෘකාවක් අල්ලාගෙන බොරු මවාපාන “එදාවේල සංචාරක දේශපාලනයක්” පමණක් බවත්, ආණ්ඩුවට එරෙහිව එල්ල කිරීමට සැබෑ විවේචනයක් නොමැතිව ඔවුන් අසරණ වී සිටින බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Government Highlights Significant Development Projects Amidst Opposition Criticism
Deputy Minister Mahinda Jayasinghe firmly rejected the opposition's baseless criticisms, asserting that the government is not deterred by them. He emphasized that unprecedented development initiatives are currently underway throughout the country.
In comments to the media, Jayasinghe noted that although the political culture in Sri Lanka has undergone a complete transformation since 2022, the opposition remains entrenched in outdated paradigms. He underscored that the public cannot be misled by such unfounded political narratives, urging the opposition to modernize its approach.
The Deputy Minister disclosed that the current government is actively reviving all suspended development projects from previous administrations. This includes a groundbreaking solar energy battery storage system and numerous other large-scale development projects across the nation, initiatives that previous governments had been unable to implement.
He also reminded viewers that, unlike the government that came to power in 2015, the current administration has swiftly restarted all previously halted work.
Jayasinghe clarified that the government's approach to governance is not dictated by the opposition's preferences. He reiterated the administration's readiness to accept any reasonable and fair criticism from the public with humility.
However, he further criticized the current opposition's tactics, asserting that they are merely adopting superficial topics to create misleading narratives, a form of "touristic political discourse" with no real critiques against the government, leaving them lacking substantive evaluation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ammata siri emada.....hora gediya....apita horennma lankawa develop karanawa neda.....ammage hutta...😂
ReplyDeleteLOL
Delete"පසුගිය පාලන සමයන්හිදී ඇනහිට තිබූ සියලු සංවර්ධන ව්‍යාපෘතීන් යළි පණගන්වා අවසන් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවත්.........ආණ්ඩුව රට පාලනය කරන්නේ විපක්ෂයට අවශ්‍ය ආකාරයට නොවන බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා,..."
ReplyDeleteකට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතිලු
ඔව් බන් උඹ ඉංග්‍රීසි උගන්නපු උන් දැන් රට සංවර්ධනේ කරනවා දාගෙන ... කාලකන්නි පහාර බල්ලා ... ඇරියස් කවර කරගන්න බලේ අරගෙන දදැන් පිස්සු හැදිලා
ReplyDeleteහුලයන් පත්තො. තොපි හොරකම් කරනවා. කාලකන්නි රට කෑවා.
ReplyDeleteතොපි ලෝක හොරු. හෙට අනිද්දා තොපිට ගල් ගහනවා.කාලකන්නියා ස්ටාලින් එක්ක කුමන්ත්‍රණය කරල ගොබ්බ ගුරුවරු පාර පුරා ඇවිද්දවලා රට යූ ටන් එකෙන් නන්නාත්තාර කරා. හයිටියට හපන් වෙනවා තොපිව එලෙව්වෙ නැති වුනොත්
ReplyDeleteMunta kelawennema uddachcha kama wadi nisa. Gan kabarayanta hitapu vidiya, kiyapu pacha dan mathaka naha. dan inney danavadi parisarayaka nisa adiyak vithara udin avidinne.
ReplyDeleteසෙල්ලං කඩයක්වත් කරන්න බැරි කට තැරියන්ට රට බාර දීලා කෙලවාගත්තා මදිවට දැන් අපිට මුන්ගෙ ආඩම්බරකමත් බලන්න වෙලා. තුහ් නොදකින්.
ReplyDeleteඅනේ මගේ කට...
ReplyDelete😬😬😬
තොපි පචම කෙලපියව්
ReplyDeletePayannayi kayannayi තමයි කියන්න තියෙන්නේ... Karapu huttak නැහැනේ
ReplyDeleteආරියතිලක
ReplyDelete1. පෑනක්, පොතක් හෝ ලිවීමට සුදුසු කොළයක් අර ගන්න;
2. 2024 ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට ජනතාවට දෙන ලද පොරුන්දු එකින් එක ලියන්න;
3. ඊට පසු ඒ දුන් පොරොන්දු වලින් ඉටු කර නැති පොරොන්දු ඉදිරියෙන් "ඉටු කර නැත. බොරුවෙන් රවටා ඇත" කියා ලියන්න;
4. දෙන ලද පොරොන්දු දැන් අමතක නම් පරණ වීඩියෝ සහ හඬ පට නැවත නැවත අධ්‍යනය කරන්න. කොපමණ සංඛ්‍යාවක් බොරු වී ඇද්දැයි සොයන්න;
5. ඊට පසු එම පොත හෝ ලියන ලද කොළය හෝ ජනාධිපතිවරයා වෙත භාර දෙන්න;
6. ඊට පසු ජනාධිපතිවරයාට කියන්න; “මෙන්න, ඔබ දුන් පොරුන්දු හා ඉටු කළ ප්‍රමාණය; තව මෙපමණ ප්‍රමාණයක් ඉෂ්ට කළ යුතුව ඇත” කියා
මෙම පොරොන්දු ඉටු කළ යුතු කාලය ද ඉක්මවා ගොස් ඇති බව කීමට ද අමතක නො කිරීම වැදගත්;
7. ඊට පසු එම ලේඛනය ජනතාවගේ දැන ගැනීමට ජන මාධ්‍යයට මුදා හරින්න. ජාතික ජන බලවේගයේ සියලු ඇමති, මන්ත්‍රීවරුන්ගේ යුතුකමක් හා වගකීමක් ලෙස එය අපි දකිමු.
9. අඩු ම තරමින් දුන් පොරුන්දු හා ඉටුකළ පොරොන්දු ටික ජනමාධ්‍යයෙන් පළ කළ කිරීමට හැකි ඇමතිවරයෙක් හෝ ජාතික ජන බලවේගය මන්ත්‍රීවරයෙක් හෝ එසේ කිරීම සුදුසු ය. වැඩි කතා අවශ්‍ය නැත;
8. දෙන ලද මැතිවරණ පොරුන්දු නිසියාකරව ඉෂ්ට නොකොට අපි භාණ්ඩාගාරය පිරෙව්වා ඒ සල්ලි වලින් පාරවල් කාපට් කරනවා මෙට්‍රෝ බස් දානවා කියා ටී. බී.සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළාට හෝ “රට පුරා පෙර නොවූ විරූ සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ආරම්භ කර ඇති බව මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පැවසීම පමණක් ප්‍රමාණවත් ද?
පෙර නොවූ විරූ ලෙස 2024 මැතිවරණ දෙකකදී බොරු කිවේ ජනාධිපතිවරයා හැර වෙන කවු ද? දෙන ලද පොරුන්දු අමු අමුවේ උල්ලංඝනය කෙළේ ජනාධිපතිවරයා සහ ජාතික ජන බලවේගය ආණ්ඩුව හැර වෙන කවු ද? දෙන ලද පොරොන්දු අමතක කොට ජනතාවට කැරට් ගෝනියක් පෙන්නා තව සූප්පුවක් දෙකක් ජනතාවගේ කටේ තබන්න ද? අදහස යන්න නො විමසා සිටිය නො හැක.