ශ‍්‍රී ලංකාව ලෝකයේ වැඩිම වක‍්‍ර බදු ඇති රටවල් අතරට...


නිල සංඛ්‍යාලේඛනවලින් රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින බව පෙන්වුවද, එම කඩදාසිවල සටහන් වන ආර්ථික වර්ධනය සහ පොදු ජනතාව බිම් මට්ටමේදී අත්විඳින සැබෑ ජීවන යථාර්ථය අතර පැහැදිලි විසන්ධිවීමක් හා පරස්පරතාවක් පවතින බව ආයෝජන සහ ප්‍රතිපත්ති උපදේශන විශේෂඥයකු වන ඉන්දික හෙට්ටිආරච්චි මහතා ඩේලි මිරර් පුවත්පතට වාර්තා කර ඇත.

නවතම නිල දත්තයන්ට අනුව 2026 වසරේ මුල් භාගය තුළ මෙරට ආර්ථිකය සියයට 4.7ක වර්ධනයක් අත්කරගෙන ඇති අතර, බොහෝ ආර්ථික විශ්ලේෂකයන් එය ස්ථාවර ආර්ථික පුනර්ජීවනයක පෙරනිමිත්තක් ලෙස අර්ථකථනය කර තිබේ. එහෙත් සාමාන්‍ය ජනතාවට එම ආර්ථික වර්ධනය කිසිසේත්ම දැනෙන්නේ නැති බව පෙන්වා දෙන ඒ මහතා, උද්ධමනය සියයට 8 ඉක්මවා ඉහළ යාම හමුවේ ජීවන වියදම දරාගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව පවසයි. 

මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව රටේ සමස්ත පවුල් ඒකක අතුරින් සිය මූලික ජීවන වියදම පියවා ගැනීමට තරම් ප්‍රමාණවත් ආදායමක් ලබන්නේ සියයට 25ක් තරම් සුළු පිරිසක් පමණක් බව ද ඩේලි මිරර් පුවත්පතේ පළවූ එම විග්‍රහයේ සඳහන් වේ.

2026 පළමු භාගයේ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත විශ්ලේෂණය කරමින් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ, නාමික වශයෙන් ආර්ථිකය සියයට 11.2කින් ප්‍රසාරණය වී ඇතත්, සැබෑ නිෂ්පාදන හෝ සේවා ආර්ථික ක්‍රියාකාරකම් හෙවත් දළ එකතු කළ අගය (GVA) වර්ධනය වී ඇත්තේ සියයට 8.6කින් පමණක් බවයි. දළ දේශීය නිෂ්පාදිතය සහ දළ එකතු කළ අගය අතර මෙම විෂමතාව ඇතිවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ශුද්ධ පරිභෝජන බදු ආදායම සියයට 34.6ක දැවැන්ත අගයකින් ඉහළ යාමයි.

මෙම තත්ත්වය සැබෑ ආර්ථික පරිවර්තනයකට වඩා ආර්ථික කම්පනයක්  ලෙස හඳුන්වන ඒ මහතා, 2023 වසරේ සිට ක්‍රියාත්මක වන ආර්ථිකය හැකිළීමේ මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතය සහ එකතු කළ අගය අතර පරතරය පෙර නොවූ විරූ ලෙස පුළුල් වී ඇති බව පෙන්වා දෙයි.

දැනට පවතින වක්‍ර හෝ පරිභෝජන බදු ප්‍රමාණය සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 12ක ඉහළ අගයක් ගන්නා බව ඩේලි මිරර් ලිපිය පෙන්වා දෙයි. මෙයින් අදහස් වන්නේ රට තුළ නිෂ්පාදනය වන සෑම රුපියල් 100ක වටිනාකමකින් යුත් භාණ්ඩ හා සේවා වෙනුවෙන්ම රජය සාමාන්‍යයෙන් රුපියල් 12ක වක්‍ර බද්දක් අය කර ගන්නා බවයි. පුද්ගලයන් සහ ව්‍යාපාර ගෙවන ඍජු ආදායම් බදුවලට අමතරව මෙම බද්ද අය කෙරෙන අතර, එය රට තුළ අලෙවි වන සෑම භාණ්ඩයකම මිල ඉහළ දැමීමටත්, පාරිභෝගික ඉල්ලුම අධික ලෙස පහත හෙළීමටත් සෘජුවම බලපා තිබේ. ඒ අනුව, කඩදාසිවල පෙන්වන ආර්ථික වර්ධනය ජනතාවට නොදැනීමට ප්‍රධානතම හේතුව රජයේ බදු ප්‍රතිපත්තිය බව පැහැදිලි වේ.

ශ්‍රී ලංකාවේ වක්‍ර බදු ප්‍රතිශතය ලෝකයේ ඉහළම අනුපාතයන් අතර පවතින බව පෙන්වා දෙන හෙට්ටිආරච්චි මහතා, අධික වක්‍ර බදු සහ හැකිලෙන මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් කෙටි හා මධ්‍යකාලීනව භාණ්ඩ මිල ඉහළ ගොස් ආර්ථික ඉල්ලුම කඩා වැටෙන බව අවධාරණය කරයි. මෙවැනි බදු ක්‍රමයක් දීර්ඝකාලීනව පවත්වාගෙන යාමෙන් රටේ අපනයන තරඟකාරිත්වය ගිලිහී ගොස් 'ආර්ථික එකතැන පල්වීමක් සහිත උද්ධමනයක්' නිර්මාණය විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.

ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ සහ උද්ධමනය ඉහළ යාමේ ලක්ෂණ දැනටමත් මතුවෙමින් පවතින බවත්, එහි දරුණුතම ප්‍රතිඵලය වන්නේ රටේ මධ්‍යම පාන්තික ප්‍රජාව ක්‍රමයෙන් හැකිළී දිළිඳුකම සීඝ්‍රයෙන් ඉහළ යාම බවත් ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.





Economic Growth in Sri Lanka Contrasts Sharply with Hardship Faced by Citizens

Recent official statistics indicate that Sri Lanka's economy is showing signs of improvement; however, stark discrepancies exist between reported economic growth and the harsh realities experienced by the general population, as highlighted by Indika Hettiarachchi, an expert in investment and policy advisory, in an interview with the Daily Mirror.

According to the latest data, the country's economy recorded a growth rate of 4.7% in the first half of 2026. Many economic analysts interpret this as a foundational step towards a stable economic recovery. Nonetheless, Hettiarachchi stresses that the average citizen feels none of this growth. With inflation soaring past 8%, the cost of living has reached unaffordable levels for many.

A recent survey revealed that as little as 25% of households are able to meet their basic living expenses with their income, illustrating the financial struggles faced by the majority, as detailed in Hettiarachchi's findings published in the Daily Mirror.

While the nominal economy has expanded by 11.2%, the growth rate of real economic activities, or Gross Value Added (GVA), stands at only 8.6%, Hettiarachchi points out. This disparity between nominal GDP and GVA growth is primarily attributed to a dramatic increase of 34.6% in indirect consumption tax revenue.

Referring to the current economic situation as more of an "economic shock" than a genuine transformation, Hettiarachchi notes that financial policies implemented since 2023 have caused an unprecedented widening gap between nominal GDP and GVA.

The article from the Daily Mirror also indicates that the existing indirect tax rate takes a substantial 12% from the total GDP, suggesting that for every 100 rupees worth of goods and services produced in the country, the government collects 12 rupees in indirect taxes. This levy, alongside direct income taxes paid by individuals and businesses, has significantly raised prices and suppressed consumer demand. Consequently, the government’s tax policies emerge as a primary reason why the reported economic growth remains invisible to the populace.

Hettiarachchi warns that Sri Lanka's indirect tax rate ranks among the highest globally. The excessive indirect taxes and lax financial policies are resulting in rising prices for goods in the short to medium term, leading to a decline in economic demand. He cautions that sustained implementation of such a tax system could lead to a lack of competitiveness in exports, creating an "inflationary spiral within a stagnant economy."

Moreover, indicators of slow economic growth and rising inflation in Sri Lanka over the next two years are already becoming apparent, with the most severe outcome being a rapid increase in poverty levels among the middle-income population.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. මාලිමා වහන්තරාවට මුවා වෙලා 70 වසරක සාපය ගැන බොරු කියලා බලයට ඇවිත් නූතන එළාරයා, ඩබල් පොකට්, තඹුත්තේගම රොඩියා, ත්‍රස්තවාදී, දේශ ද්‍රෝහී, වැඩ බැරි, කයියනායක ජෙප්පා ජනතා විරෝධී අන, පනත්, ව්‍යවස්ථා සංශෝධන කරමින්, පැලවත්තේ පාදඩ පොලීසිය යොදාගෙන ජනතාව පීඩාවට පත්කරමින් මේ යන කූඨ සැලසුම් මේ උතුම් බුද්ධ භූමියේ ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නෑ. අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වී කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයම නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡

    ReplyDelete
Previous Post Next Post