දේශපාලනයේ තිබුණු හොරකම සහ වංචාව අපි බිංදුවටම ගෙනල්ලා තියෙන්නේ...


වත්මන් රජය යටතේ දේශපාලන ක්ෂේත්‍රයේ පැවති හොරකම සහ වංචාව මුළුමනින්ම බිංදුවට ගෙනැවිත් අවසන් කර ඇති බවත්, වැටුප් ප්‍රමාණවත් නැත්නම් ඒවා වැඩි කර ගැනීමට ක්‍රියා කරනවා විනා අමතර වංගු ගසමින් වංචා දූෂණවලට නොපැටලෙන ලෙසත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියි.

වෘත්තීය සමිති සමුළුවක් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රාජ්‍ය ආයතන තුළ සිදුවන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි ලැබෙමින් පවතින බවත්, වැරදි කරන පාර්ශ්වයන් පසුපස නීතිය ක්‍රියාත්මක වන බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

"දේශපාලනයේ තිබුණු හොරකම සහ වංචාව අප බිංදුවටම ගෙනල්ලා තියෙන්නේ. නමුත් විවිධ ආයතනවල තවමත් අක්‍රමිකතා සිදුවන බවට දිනපතා පැමිණිලි එනවා. ඒවාට සම්බන්ධ වන අය හසුවෙමින් ඉන්නවා. ඒ නිසා රාජ්‍ය සේවයේ සිටින අයට අපට කියන්න තියෙන්නේ පඩි මදි නම් සාකච්ඡා කරලා පඩි වැඩි කර ගනිමු. ඒ වෙනුවෙන් අමතර වංගු ගහන්න එක එක දේවල් හොයන්න යන්න එපා කියලයි. මොකද දැන් නීතිය ඒ අයගේ පිටිපස්සෙන් එනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පමණක් අලුතින් නිලධාරීන් 500ක් බඳවා ගැනීමට අවසර දීලා තියෙන්නේ ඒ නිසයි."

රාජ්‍ය සේවයේ පවතින ව්‍යුහාත්මක ගැටලු පිළිබඳව පෙන්වා දුන් අමාත්‍යවරයා, අමාත්‍යාංශයක වාහනයක් අබලන් වූ විට එය තක්සේරු කරගැනීමට පවා ඉංජිනේරුවරයෙකු නොමැති තරමට රාජ්‍ය ආයතනවල අවශ්‍ය තැන්වල අවශ්‍ය නිලධාරීන් නොමැති අර්බුදයක් නිර්මාණය වී ඇති බව පැවසීය.

මෙරට දිළිඳුකම පිළිබඳ තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙරට සමස්ත පවුල් ලක්ෂ 60න් පවුල් ලක්ෂ 16ක්ම රජයේ සහනාධාර ලබන දිළිඳු පවුල් ලෙස හඳුනාගෙන ඇති බවයි. එය කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි සංඛ්‍යාවක් බවත්, උද්ධමනයේ යම් බලපෑමක් ආර්ථිකය තුළ තවමත් පවතින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.





Minister Urges Civil Servants to Combat Corruption and Ensure Fair Pay

The current government has made significant strides in addressing the rampant corruption and fraud that once plagued the political landscape, according to Minister of Trade, Commerce, Food Security, and Development Cooperation, Wasantha Samarasinghe. He has called upon state employees to actively engage in discussions about salary increases, urging them to resist the temptation of engaging in corrupt practices.

Speaking at a conference of trade unions, Samarasinghe emphasized that complaints regarding corruption and inefficiency within public institutions continue to pour in daily. He reassured attendees that the law will hold accountable those found guilty of misconduct.

In his remarks, Minister Samarasinghe stated, "We have effectively put an end to the corruption and fraud that existed in politics. However, we still receive daily reports of ongoing inefficiencies within various institutions. Those involved in wrongdoing are being scrutinized. Therefore, we urge those in public service to discuss salary adjustments if they feel underpaid, rather than seeking additional benefits through inappropriate means. The law is now tracking down such individuals. Recently, we have sanctioned the hiring of 500 new officers for the Commission to Investigate Allegations of Bribery or Corruption for this very reason."

Addressing the structural problems plaguing state service, the minister pointed out the lack of necessary personnel in public institutions, citing a situation where there was no engineer available to assess a malfunctioning government vehicle.

Further highlighting the prevalent poverty in the country, Samarasinghe noted that out of 6 million households in Sri Lanka, 1.6 million are identified as poor and receiving government assistance. He stressed that this is a significant number that cannot be overlooked, adding that inflation continues to exert pressure on the economy.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. දැනට කට වාචාලකමට කියෝ කියෝ හිටපං. තොට නඩු වැටෙන්නේ උඹලගේ ආණ්ඩුව එලවල දාලා ඉවර වුණාට පස්සේ දැනට තියන අල්ලස් එකේ එව්වො ඉන්නකං තොට නඩු දාන්නේ නෑ.තෝ කරපු හොරකම් ටික ජීවිතාන්තය නෙමෙයි ඊටත් එහා හිරේ ඉන්න තරම් ඇති.අනිත් එක පට්ට හොරෙක් වෙච්ච උඹ කොහොමද අනුන්ගේ හොරකම් ගැන කියවන්නේ.

    ReplyDelete
Previous Post Next Post