කථානායකවරයාගේ නිල නිවසේ භාවිත වූ භාණ්ඩ වට්ටෝරු පොත (ඉන්වෙන්ටරි පොත) අතුරුදන්වීමේ සිද්ධියට අදාළව ප්රකාශ සටහන් කර ගැනීම සඳහා එහි සේවකයින් අට දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්ය අධ්යක්ෂ (පරිපාලන) මාර්ගයෙන් මෙම දැනුම් දීම සිදු කර ඇත. ඊට අමතරව, අතුරුදන්ව ඇති එම භාණ්ඩ ලේඛන පොත ද කොමිසම හමුවට ඉදිරිපත් කරන ලෙස එම සේවකයින්ට වැඩිදුරටත් නියෝග කර තිබේ.
එම නියෝගයට අනුව, අදාළ සේවකයින් අතුරින් එක් අයෙකුගෙන් පසුගිය 02 වැනිදා අල්ලස් කොමිසම හමුවේ දීර්ඝ ලෙස ප්රශ්න කර ප්රකාශයක් සටහන් කරගෙන ඇත.
සෙසු සේවකයින් හත්දෙනා ඉදිරි 12, 13, 15 සහ 16 යන දිනවලදී කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබූ පසුබිමක මෙම බඩු වට්ටෝරු පොත අතුරුදන්ව ඇති බව අනාවරණය වේ.
මෙම අතුරුදන්වීමේ සිදුවීම සම්බන්ධයෙන් කථානායක නිල නිවසේ කළමනාකාරවරයා වන පසන් අතුකෝරල මහතාගෙන් ද අල්ලස් කොමිසම පසුගියදා පැය පහකට ආසන්න කාලයක් ප්රශ්න කර ප්රකාශ සටහන් කරගෙන තිබිණි.
Eight Staff Members Called for Inquiry Over Missing Inventory Records at Speaker's Residence
An inquiry has been initiated by the Commission to Investigate Allegations of Bribery or Corruption concerning the disappearance of inventory records from the official residence of the Speaker. Eight staff members associated with the premises have been summoned to record their statements.
The notification was communicated through the Administrative Director of the Sri Lankan Parliament from the special investigation unit of the Commission. Additionally, the staff members have been instructed to present the missing inventory records at the Commission's next session.
As part of the inquiry, one member of the staff has already provided a lengthy statement to the commission during questioning on the 2nd of this month.
The remaining seven employees are scheduled to appear before the Commission on the 12th, 13th, 15th, and 16th of this month.
This investigation comes on the heels of an ongoing special inquiry into allegations of bribery or corruption involving the Speaker, highlighting the seriousness of the missing inventory records.
Furthermore, Pasan Athukoralal, the manager of the Speaker's official residence, was interrogated for nearly five hours by the commission the previous day, during which he also provided a statement regarding the incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

paw yako mu..uta paduwe kollo parak gahagena inna deepalla.. JVP ballonta one malimawe unge balaya nethi karanna....JVP ballo danne ne Harini nettan me eka ponna pakayekwath ada parliment eke ne kiyala
ReplyDeleteඉස්සෙල්ලා හිටපු එකා හොර උපාධිකාරයෙක් උගේ ජපානේ උපාධිය තාම නෑ දැන් ඉන්න එකත් පට්ට හොරෙක්...බලාගෙන ගියාම මුං ඔක්කොම හොරුනේ අපේ මිනිස්සු රැවටිලා මේ හැත්තට ඡන්දෙ දුන්නට මුන් තමයි පට්ටම හොරු. ...බොරු කිය කියාමත් මිනිස්සුන්ව මුලා කරනවා😎😎😎😎
ReplyDeleteithin ubala mokatada namalwa paraddala anura genawe
Deleteපොත තිබුණොත් හොර අහුවෙනවා. ඒ හින්දා පොත හොරකම් කරා
ReplyDeleteගල් සෙල්ලමි කර කර ඉන්න කොට මේවා හොයන්න වෙලාවක් නැනේ.
ReplyDelete