කොළඹ කොටස් ලොකු පල්ලමක..


 අද දින ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශක යුගලයේම පහළ යෑමක් වාර්තා විය.

ඒ අනුව, සමස්ත වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන සියලු කොටස් මිල දර්ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 168.38 කින් හෙවත් සියයට 0.81 කින් පහත වැටී ඒකක 20,644.26 ක් ලෙස සටහන් විය.

මීට අමතරව, වඩාත් සක්‍රීය සමාගම් 20 නියෝජනය වන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 (S&P SL20) දර්ශකය ද දවස අවසානයේ ඒකක 36.48 කින් (සියයට 0.62 කින්) පහත වැටී ඒකක 5,847.02 ක් ලෙස සටහන් විය.

දර්ශකවල පහත වැටීමක් පෙන්නුම් කළ ද, දිනය පුරා වෙළෙඳපොළ තුළ සැලකිය යුතු මට්ටමේ ගනුදෙනු ප්‍රමාණයක් සිදු වූ අතර, දෛනික සමස්ත පිරිවැටුම රුපියල් 3,160,799,602.75 ක් (රුපියල් බිලියන 3.16 ඉක්මවා) ලෙස වාර්තා විය.

දිනය තුළ ගනුදෙනු 15,781 ක් සිදුව ඇති අතර, හුවමාරු වූ සමස්ත කොටස් ප්‍රමාණය 67,643,220 කි.





Colombo Stock Market Sees Decline at Closing

At the end of trading today, the Colombo Stock Exchange reported a downturn across its primary indices. The All Share Price Index (ASPI), which reflects overall market performance, fell by 168.38 points, or 0.81%, closing at 20,644.26.

In a similar trend, the S&P Sri Lanka 20 Index (S&P SL20), which tracks the 20 most active companies, also declined, dropping by 36.48 points, or 0.62%, to settle at 5,847.02.

Despite the downward movement of the indices, the market experienced significant trading activity, with the total turnover for the day reported at Rs. 3,160,799,602.75, surpassing Rs. 3.16 billion.

A total of 15,781 transactions took place during the day, with a cumulative volume of 67,643,220 shares traded.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. පතිරණ ගලප්පත්තිOctober 5, 2026 at 7:03 PM

    කොටස් වෙලද පොල කොචචර පල්ලම් බැස්සත් කමක් නෑ කියල වොරන් බුෆෙට් කියල තියෙනව. ඒක හින්ද ගනන් ගන්ඩ එපා.

    ReplyDelete
    Replies
    1. කොච්චර පල්ලම් බැස්සත් ඌට කමක් නැහැ, මොකද ඌ කොටස් අරන් තියෙන්නේ ඇමරිකාවේ කොටස් වෙලඳපොල වලින් විතරක් නෙමේ.

      Delete
  2. පල්ලම් බැස්ස ගමන් කොටස් ගනිල්ලා.....ටිකක් පොල්ල නගාගෙන එනකොට ඔක්කොම ත හැරලා විකුනපල්ලා....

    ReplyDelete
    Replies
    1. මෝඩ වෙන්න එපා. ඔය වැටෙන්න පටන් ගත්තා විතරයි.
      තව ඉස්සරහට වැටෙන එක කෙලවරක් නැති වෙනවා.
      මාලිමාව රට හදයි කියලා හිතෙන උන් පුන්නක්කු කර්මාත්න ශාලා වල කොටස් ගනිල්ලා.

      Delete
  3. මාලිමාව ෆේල්.
    ඒක අනුර දන්නවා. ඩෝබිලගෙන් සමහරු දන්නවා. ගමේ පොඩි ගොන් ඩෝබිලා දන්නේ නැහැ.
    ආර්ථිකේ තියෙන්නේ නූලෙන්. මේ අවුරුදු 5ම ආර්ථිකේ මිනිස්සුන්ට සහනයක් වෙන විදියට ගොඩ ගන්න මාලිමාවට බැහැ. මාලිමාව දෙවෙනි වතාවෙත් තේරිලා ආවොත් ඉතියෝපියාවට හරි පලයල්ලා මොකද ඉතියෝපියාවත් ලංකාවට වඩා හොඳ වේවි.

    ReplyDelete
  4. මමනම් යන්නේ ඉතොයෝපියාවට නෙවේ...ස්වාසිලන්තෙට...එහෙ කළු ගැනු බාගෙට හෙළුවෙන් තන් එළියේ ගෙන ඉන්නේ....ලල්කන්තාව කියුවේ ලංකාවේ ගනුන්ව බාගෙට හෙළුවෙන් තන් එක්ලියේ ගෙන පාරේ අරන් එනවා කියලා...කෝ ලල්කන්තව දැන් ඒ පොරොන්දුව ඉෂ්ට කරද?

    ReplyDelete
Previous Post Next Post