ආසියාවේ විශාලතම ළමා රෝහල බොරැල්ල රිජ්වෙ ආර්ය ළමා රෝහල දානපතියන්ගෙන් ඖෂධ ඉල්ලයි..


ආසියාවේ විශාලතම ළමා රෝහල වන බොරැල්ල රිජ්වෙ ආර්ය ළමා රෝහලහි යාවත්කාලීන වූ නිල වෙබ් අඩවියට අනුව  ජීවිතාරක්ෂක (viral) සහ ඉතා වැදගත් අත්‍යවශ්‍ය (Essential) ඖෂධ කාණ්ඩ හතළිහක්ද, ශල්‍ය උපකරණ හැටකට ආසන්න ප්‍රමාණයක්ද  රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම සඳහා අවශ්‍ය කරන රණ සහ අමු ද්‍රව්‍ය 25 කට ආසන්න ප්‍රමාණයක්ද පරිත්‍යාග ලෙස ලබාදිය හැකි බවට ප්‍රදර්ශනය කොට ඇති බව නිරීක්ෂණය වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

සාමාන්‍ය තත්ත්වය යටතේ වෛද්‍ය සැපයුම් මේකකය මගින් අඛණ්ඩ සැපයුමක් පවතින කිසිදු ඖෂධයක් හෝ ශල්‍ය උපකරණයක් හෝ රසායන ද්‍රව්‍යයක් මේ අන්දමට පරිත්‍යාග ලෙස ඉල්ලා සිටිය නොහැකි බවත් මේ අනුව මෙතරම් විශාල ඖෂධ හා ශල්‍ය උපකරණ ප්‍රමාණයක් පරිත්‍යාග ලෙස ඉල්ලා සිටීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කරයි. 

ජාතික රෝහලක නිල වෙබ් අඩවිය දෛනිකව යාවත්කාලීන කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ඩිජිටල්කරණය යටතේ විශාල පිරිවැයක්ද වියදම් කරන බැවින් මෙම තොරතුරු යාවත්කාලීන වූ සත්‍ය තොරතුරු ලෙස ජනගත වන බැවින් මේ අන්දමට සැලකිය යුතු ඖෂධ හිමියක් හා ශල්‍ය උපකරණ හිඟයක් ළමා රෝහල තුළ පවතින්නේ ඇයිදැයි බලධාරීන් පැහැදිලි කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

බොරැල්ල රිජ්වෙ ළමා  රොහල් නිල වෙබ් අඩවියට අනුව ඊයෙ උදෑසන වන විට පහත ඖෂධ හා ශල්‍ය උපකරණ දානපති පරිත්‍යාග ලෙස ලබාදිය හැකි බව සඳහන් කොට තිබිණි. එහි ඖෂධ කාණ්ඩ 40 ක්ද  ශල්‍ය උපකරණ 60 ක්ද  රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය 25 ක ලැයිස්තුවක්ද සඳහන් කොට තිබිණි.

ඒවායින් ප්‍රමුඛව හිග ඖෂධ  හා ශල්‍ය උපකරණ අතර

  • Cyclosporine 
  • Melatonin
  • Flucloxacillin
  • Biotin
  • Clonidine
  • Calcium
  • Vit D
  • Oxybutynine
  • Caphalexin
  • Atomoxatin
  • Cholecalciferol 
  • Sodium Valporate
  • Clobazam

යන ඹෘෂධද ඇතුළත්ව ඖෂධ කාණ්ඩ හතලිස් එකක්ද

  • JJ stent
  • Thoracic Drainage
  • Polypropylene 
  • Feeding tubes
  • Urine catheter 
  • Silk
  • Laryngeal masks
  • Diathermy pads
  • Glyconate mono filament 
  • Femoral artery
  • Silk round body
  • Hard plaster of Paris

ඇතුළු ශල්‍ය උපකරණ 61 ද, 

රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන උපකරණ හා උපාංග 25ක් ද   මෙම ලැයිස්තුවට අඩංගු ය.

මෙම ළමා රෝහලට පරිත්‍යාග ඉදිරිපත් කිරීමට කැමති දානපතියන්ට රෝහල හරහා වැඩි තොරතුරු ලබා ගැනීමට හැකිය.






Concerns Rise Over Shortages at Borella Children's Hospital as Donations Pour In

Borella's Revive Arya Children's Hospital, renowned as the largest pediatric facility in Asia, is facing alarming shortages of critical medications and surgical supplies, according to an update on its newly launched official website. The hospital has reported an appeal for 43 types of life-saving and essential medications, alongside nearly 70 surgical instruments and approximately 25 types of raw materials necessary for laboratory testing, as shared by Dr. Chamara Sanjeewa, President of the Medical and Civil Rights Professional Association.

In a typical scenario, the medical supply department should maintain an uninterrupted supply of medicines, surgical instruments, and chemicals; however, the current appeals for such substantial quantities raise red flags. Dr. Sanjeewa emphasized that the Health Ministry must urgently address why there is such a significant shortage of these vital supplies.

Furthermore, he noted that the Health Ministry allocates a considerable budget for the digitalization of official websites belonging to national hospitals, to ensure that accurate updates are disseminated. This leads to questions about the ongoing shortages of vital medications and surgical instruments within the children's hospital, highlighting the need for accountability from the authorities.

The latest updates from the Borella Revive Children's Hospital indicate that as of yesterday morning, donations of essential medications and surgical supplies are being made available. The hospital's list includes 40 medicines, 60 types of surgical instruments, and around 25 raw materials required for laboratory testing.

The critical shortage items include:

  • Cyclosporine
  • Melatonin
  • Flucloxacillin
  • Biotin
  • Clonidine
  • Calcium
  • Vitamin D
  • Oxybutynin
  • Cefalexin
  • Atomoxetine
  • Cholecalciferol
  • Sodium Valproate
  • Clobazam

This list consists of a total of 43 types of medications, along with 61 important surgical instruments, and 25 devices and equipment needed for laboratory tests.

Potential donors interested in contributing to this children’s hospital can contact the facility directly for more information.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. හොරු ආසියාවේ ලොකුම ළමා රෝහල හැදුවා. ලෝකෙ පිරිසුදුම ජනාධිපති මිනිස්සුන්ට ඇදක් ප්‍රධානය කරා. ඒකත් දවසට 60,000ට.

    ReplyDelete
    Replies
    1. භාණ්ඩාගාරය පිරී ඉතිරී කියලා රඟන ඩෝබිලා කියපල්ලකෝ ඒ සල්ලි කෝ කියලා. හැකර්ලා අරගෙනද? ඉන්ධන, ආහාර, බෙහෙත් ඔක්කොම ගණන්, රැකියා හිඟයක්‌ හැබැයි භාණ්ඩාගාරේ උතුරනවලු.

      Delete
    2. අතුගැවිලාම යයි

      පචය hena gahalama yay

      Delete
  2. දනහිස්ස තමයි හොදටම කලේ….

    ReplyDelete
    Replies
    1. එයා ස්කුටි බෙදනවා.

      Delete
  3. ආ ඒකට කමක් නෑ

    ඥාණසාර හාමුදුරුවන්ගේ සිවුර ගැලෙව්වා නේ - අපිට ඒ ඇති

    ReplyDelete
  4. ඩොලර් බිලියන ගානින් මුදල් ණයට අරගෙන කොටි ඩයස්පෝරාවට දීලා සිංහල බෞද්ධ විරෝධි ප්‍රතිපත්ති අනුගමනය කරන ආන්ඩුවක් බිහිවූ මුල් අවස්ථාව මේ තමා

    ReplyDelete
  5. කතරගම දෙවියන් ගෙන් වත් illamuda.

    ReplyDelete
  6. ඒකට කමක් නෑ. නාමල්❤ හිරේ. ස්වාමින්වහන්සේ ගේ සිවුර ගැලෙව්වා.

    ReplyDelete
  7. Laksa 250 ganey CAB 1000k genawalu puka thiyan yanna.

    ReplyDelete
    Replies
    1. අතුගැවිලාම යයි

      පචය hena gahalama yay

      Delete
Previous Post Next Post