විහාරමහාදේවි සත්‍යග්‍රහය විසුරුවා හැරීමට පොලිසිය සැරසේ....


බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් විසින් පවත්වනු ලබන සත්‍යග්‍රහය විසුරුවා හැරීමේ නියෝගයක් ලබා ගැනීම සඳහා පොලිසිය අධිකරණය හමුවේ නැවත කරුණු දැක්වීමට සූදානම් වන බව  Sunday Times පුවත්පත වාර්තා කරයි.

උද්‍යාන භූමියේ රැඳී සිටින පිරිස හේතුවෙන් මහජන සාමයට දැඩි බාධාවක් එල්ල විය හැකි බව පවසමින් මෙම නව අධිකරණ ඉල්ලීම සිදු කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කර තිබේ.

විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ මෙවැනි ක්‍රියාකාරකම් පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවෙන් නිසි අවසරයක් ලබා නොගැනීම, උද්‍යානයට පැමිණෙන විවේකී සුවය පතන මහජනතාවට මොවුන්ගේ රැඳී සිටීමෙන් සිදුවන බාධා මෙන්ම පසුගියදා පිහි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු එම ස්ථානයේදී අත්අඩංගුවට පත්වීම  පදනම් කරගනිමින්, මෙම විරෝධතාව තවදුරටත් ඉදිරියට ගියහොත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇතිවීමේ දැඩි ඉඩකඩක් පවතින බව පොලිසිය පෙන්වා දෙනු ඇත.

උද්‍යාන භූමිය අත්පත් කරගෙන සිටීම වැළැක්වීම සඳහා ඉකුත් සඳුදා දින පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණද, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම අධිකරණය විසින් මෙතෙක් ප්‍රතික්ෂේප කර තිබූ බැවින් පිරිස දිගින් දිගටම එහි රැඳී සිටියහ.

කෙසේ වෙතත්, උද්‍යාන භූමියේ රැඳී සිටින පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් සකස් කර අධිකරණයට ඉදිරිපත් කර අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත්, පෙර අධිකරණ නියෝගය නොසලකා හැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එල්ල විය හැකි බවත් අදාළ පොලිස් නිලධාරියා සඳහන් කර ඇත. හෙටින් පසුව මෙම විරෝධතාකරුවන්ට එහි රැඳී සිටීමට නොහැකි වනු ඇති බව ද ඔහු විශ්වාසය පළ කර තිබේ.

මේ අතර, සුළු පිරිසක් විසින් උද්‍යානයේ කොටසක් අත්පත් කරගනිමින් මහජනතාව ඒකරාශී කර ගැනීම සම්බන්ධයෙන් කොළඹ නාගරික කොමසාරිස්වරයා විසින් ද කුරුඳුවත්ත පොලිසිය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වැඩිදුරටත් අනාවරණය කරයි.





Police Prepare to Seek Court Order to Disperse Protests at Viharamahadevi Park

A group of monks has been conducting a satyagraha at Viharamahadevi Park in Colombo, urging the President to grant a pardon to imprisoned monk Gnanasara Thera. In response to the ongoing protests, the police are reportedly preparing to return to court to secure an order for the dispersal of demonstrators, as reported by the Sunday Times.

Concerns have been raised by a senior police official about the potential threat to public order posed by the gathering, which has already been causing significant disruptions. The latest legal action is expected to address the risk of further disturbances triggered by the continuing presence of protestors.

According to the Sunday Times, the protesters have not obtained the necessary permissions from the Colombo Municipal Council for such activities in the park. This lack of authorization has compounded the inconvenience to the public seeking respite in the park, particularly following an incident where a suspect was arrested near the site just days ago. The police foresee a high likelihood of violence should the protests persist.

While the police had previously secured a magistrate's order to prevent the occupation of the park, attempts to secure arrest warrants for the demonstrators have been unsuccessful thus far, leading them to remain camped out at the location.

Furthermore, police officials are now working to compile a list of names of those involved in the protests to present to the court, hoping to obtain warrants for their arrest. They have indicated that they may also pursue contempt of court charges against the protestors for ignoring the earlier judicial directive. Confidence is expressed that, by tomorrow, these individuals will be unable to maintain their demonstration.

Meanwhile, it has also been disclosed that a formal complaint has been lodged with the Kurunduwaththa police by the Colombo Urban Commissioner regarding a small group that has taken control of a section of the park to incite public gatherings.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. එදා අපි රණ විරුවන් ලෙස සලකා අපේ ලේ පවා දන් දුන්, සෙත් පතා බෝධි පූජා පැවැත්වූ අපි; උතුරේ හෝ නැගෙනහිර පළාත් වල මෙන් නොව අද දක්වාම කිසිදු බාධාවකින් තොරව රාජකාරී කිරීමට ඉඩ දුන් පොලීසිය වර්ථමානයේ කාලකණ්නි, ත්‍රස්තවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ජෙප්පන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කර පහුගියදා අධිකරණයට බොරු තොරතුරු ලබාදී අධිකරණ නියෝගයක් ලබාගෙන මහා පාප කර්මයක් කරගත්තා සේම නිරපරාදේ සංඝයා වහන්සේට පහරදී ආනන්ත පාපකර්ම කරගත්තා. අද ඒ පාදඩ පොලීසිය ආයෙත් අපේ ඉවසීම පරීක්ෂා කරන්න සූදානම් වෙනවා 😡🤮

    නියත නිරය උරුම කරගත් පැලවත්තේ බත් බැල 3% හැර රටේ ඒකීය භාවය, නිදහස, සාමය අගයන සියලු දෙනා පක්ෂ භේද නොතකා පැලවත්තේ අනීතික, පාදඩ පොලීසියට එරෙහිව නැගී සිටුමු! හැකි සියළු දෙනාම අපිත් සමග එකතුවන්න, විහාරමහාදේවි උද්‍යානයට එන්න. දුර පලාත් වල ජනතාව අයුක්තියට එරෙහිව නැගී සිටීම සඳහා සූදානම්ව සිටින්න. පාහර බලු පැලවත්තේ පොලීසියටත් උන්ගේ භාෂාවෙන් පිළිතුරු දෙමු! 😡💪මුන්ට පවට ඇති භය කෙසේ වෙතත් කිසිම ලජ්ජාවක් නෑ, මුන් ඇඳගෙන ඉන්න යට ඇඳුමේ ඉඳලා පරිහරණය කරන හැම දෙයක්ම, ගෑණිගේ සිට වැටුපෙන් පවුලේ හැමෝටම කන්න බොන්න දෙන්නේ රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බුකරපු සල්ලි වලින් මේ කාලකණ්නි, වැඩ බැරි, කල්ලතෝනි ආණ්ඩුව ජනතාවගේ රීරි මාංශ සූරාගෙන අසීමාන්තිකව රැස්කරගන්නා බදු මුදල් වලින් කියලා. බලු පොලීසියේ තොපිටත් සාප වේවා!!! 🤮🤮🤮 අද උතුම් වප් පුර පසළොස්වක පොහෝ දිනයේ මෙසේ තොපිට සාප ලබන්නට සිදුවීමත් තොපේ කාලකණ්නි පව්කාර කම් මයි 😡
    අහිංසක ජනතාවගේ සෝ සුසුම් තොපිට වස් කවි බවට පත්වී තොපිට අනීතික නියෝග නිකුත් කරන අපේ රට, දැය, සමය වනසන පරගැති, හොරිකඩ, දෙලොවටම නැති
    නූතන එළාරයා, ඩබල් පොකට්, අඩු කුලේ ත්‍රස්තවාදී, දේශ ද්‍රෝහී, වැඩ බැරි, කයියනායක, රොඩී ජෙප්පා, දෙලොවටම නැති අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා හාලියා ඇතුළු ත්‍රස්තවාදී ජෙප්පන් ගේත් ඒ අනීතික නියෝග ක්‍රියාත්මක කරන තොපි හැම එකාගේම හිස් හත් කඩකට පැලේවා!!! 😡

    ReplyDelete
  2. සංඝයාට අත තිබ්බ නම් සිවුරු ගැලෙව්වානම් එහි සාපය නොවැලැක්විය හැකිය.ඉදිරියේදී ආණ්ඩුවට විශාල ප්‍රශ්න කරදර බාධක බෝහො ඇතිවීමට ඉඩ තිබේ.

    ReplyDelete
Previous Post Next Post