තමන් වෙත එල්ල වන ඕනෑම නව මිලිටරි ප්රහාරයක් සමස්ත කලාපයම වෙළාගන්නා මහා යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි බවට ඉරානය විසින් ඇමෙරිකා එක්සත් ජනපදය, ඊශ්රායලය සහ ගල්ෆ් කලාපයේ අරාබි රටවල් වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
ටෙහෙරානයේ බැලස්ටික් මිසයිල ශක්තිය කේන්ද්ර කරගනිමින් මතුව ඇති මෙම අනතුරු ඇඟවීමත් සමඟ මැදපෙරදිග කලාපය පුරා යළිත් දැවැන්ත යුද බියක් නිර්මාණය වී ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. වොෂින්ටනය හෝ ඊශ්රායලය විසින් යළිත් ඉරානය ඉලක්ක කර ප්රහාර එල්ල කළහොත්, ගල්ෆ් කලාපයේ පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට පමණක් නොව, ඔවුන් හා සම්බන්ධ ආර්ථික මර්මස්ථාන වෙත ද ප්රතිප්රහාර එල්ල කරන බව ඉරාන බලධාරීහු ප්රකාශ කරති. කලාපයේ බලශක්ති මධ්යස්ථාන, දත්ත මධ්යස්ථාන කෘත්රිම බුද්ධි යටිතල පහසුකම් සහ මුහුදු පත්ලේ ඇති සන්නිවේදන රැහැන් පද්ධති මෙම ඉලක්ක අතර වන බවට ද ඉරානය සඳහන් කර තිබේ.
මෙම අනතුරු ඇඟවීමත් සමඟ ඉරානයේ Fattah මිසයිල පවුල කෙරෙහි ජාත්යන්තරයේ දැඩි අවධානය යොමුව ඇත. අධික වේගයෙන් දිශාව වෙනස් කරමින් ගමන් කළ හැකි Hypersonic අවියක් ලෙස ඉරානය හඳුන්වා දෙන මෙම මිසයිලය 2023 වසරේදී ප්රථම වරට එළිදක්වන ලද අතර, එහි පරාසය කිලෝමීටර් 1,400ක් සහ වේගය ශබ්දයේ වේගය මෙන් 15 ගුණයක් (Mach 15) බව ටෙහෙරානය ප්රකාශ කර තිබිණි. අනතුරුව එම වසරේම දිශාව මෙහෙයවීමේ හැකියාව තවදුරටත් ඉහළ නංවන ලද 'ෆත්තාහ්-2' සංස්කරණය ද එළිදක්වන ලදී.
කලාපීය පරාසයක බැලස්ටික් මිසයිලයක් ලෙස වර්ගීකරණය කර ඇති මෙම අවියේ ප්රති-ප්රහාරක යාන්ත්රණයන් මඟහැරීමේ සැබෑ හැකියාව පිළිබඳව ස්වාධීන තහවුරු කිරීම් සම්බන්ධයෙන් බටහිර ආරක්ෂක විශේෂඥයන් අතර විවාදාත්මක තත්ත්වයක් පැවතියද, ඇමෙරිකානු හෝ ඊශ්රායල ප්රහාරයකට එරෙහිව සිය ආරක්ෂණ වැට ශක්තිමත් කරගැනීමට ඉරානය මෙම මිසයිල වැඩසටහන දැඩි ලෙස භාවිත කරයි.
පසුගිය කාලය පුරාම ඊශ්රායලය සහ ඉරානය අතර සෘජු මිසයිල හා ඩ්රෝන ප්රහාර හුවමාරු වීමත්, ඉරාන හිතවාදී සටන්කාමීන් විසින් මැදපෙරදිග අමෙරිකානු ඉලක්ක වෙත ප්රහාර එල්ල කිරීමත් හමුවේ කලාපය දැඩි අස්ථාවරත්වයක පසුවේ. මෙවැනි තත්ත්වයක් තුළ, ඉදිරි පියවර සම්බන්ධයෙන් වොෂින්ටනය තවදුරටත් කල්පනාකාරී වන අතර, ඉරානයේ මෙම මිසයිල තර්ජනය නව ප්රහාර වළක්වාලීමට සමත් වේද නැතහොත් සමස්ත මැදපෙරදිගම විනාශකාරී මහා යුද්ධයකට ඇද දමනු ඇත්ද යන්න පිළිබඳව ජාත්යන්තර ප්රජාව දැඩි අවධානයෙන් පසුවෙයි.
Iran Warns of Escalating Military Threats Amid Regional Tensions
In a pointed warning, Iran has indicated that any new military actions directed at them could escalate into a major war involving the entire region, including the United States, Israel, and Arab nations of the Gulf. This statement comes amidst growing fears of a broader conflict fueled by Tehran's advancing ballistic missile capabilities.
Reports suggest that these threats have reignited significant anxieties throughout the Middle East. Iranian authorities revealed that should the U.S. or Israel launch an attack, they would retaliate not only against American military bases in the Gulf but also target economic infrastructures that are linked to them. Key focus areas identified by Iran include energy facilities, data centers, artificial intelligence operational bases, and communication networks situated on the seabed.
The international community's attention has sharply turned towards Iran's Fattah missile family, especially following the introduction of a hypersonic missile purported to change direction at high speeds. First unveiled in 2023, this missile is claimed to have a range of 1,400 kilometers and can travel at speeds up to Mach 15, or fifteen times the speed of sound. Notably, a subsequent enhanced variant known as the 'Fattah-2' was also showcased during the same year, boosting its maneuverability.
Debates persist among Western defense experts regarding the true capability of these hypersonic missiles to evade interception systems categorized as tactical ballistic missiles. Nonetheless, Iran is evidently focusing on this missile program to bolster their defensive capabilities against potential American or Israeli strikes.
Recent months have witnessed a direct exchange of missile and drone strikes between Israel and Iran, alongside assaults on American targets in the Middle East by Iranian-aligned militants, contributing to heightened instability in the region. In light of these developments, Washington remains cautious about its next moves, closely monitoring whether Iran's missile threats could delay further assaults or potentially slide the entire Middle East into a devastating full-scale war.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඉරානය මෙල්ල කරන්න ඇමරිකාවට පුලුවන් නමුත් බයයි.
ReplyDelete