ශිරන්ති බන්ධනාගාරයේදී ඇද වැටේ.. වහාම ජාතික රෝහලට..


 රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය බන්ධනාගාර පරිශ්‍රය තුළදී ඇද වැටීමකට ලක්වීමෙන් අනතුරුව හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (12) කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබේ.

බන්ධනාගාරය තුළදී මෙලෙස හදිසි අනතුරකට ලක්ව ඇති අතර, ඉන් අනතුරුව උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් බන්ධනාගාර බලධාරීන් විසින් ඇය කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

ඇය ඇතුලත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ 62 වැනි වාට්ටුවටයි.

‘සිරිලිය සවිය’ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ මහත්මිය, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

බන්ධනාගාරගතව සිටි කාලය තුළ ඇසක හටගත් ආබාධයක් හේතුවෙන් බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුගිය 09 වැනිදා ද ඇය දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත රැගෙන ගොස් විශේෂඥ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කර යළි බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය





Former President Shiranti Rajapaksa Hospitalized Following Fall in Custody

Shiranti Rajapaksa, the former President currently in protective custody, was admitted to the National Hospital in Colombo today following a sudden medical emergency caused by a fall within the prison premises.

This incident prompted prison authorities to act swiftly, resulting in her immediate transfer to the hospital. Upon arrival, she was placed in the cardiac unit of the facility.

Rajapaksa was detained by the Commission to Investigate Allegations of Bribery or Corruption in connection with alleged financial irregularities associated with the 'Siriliya Saviya' account. Following a court appearance, the Colombo Magistrate's Court ordered her to be held in custody until October 13.

During her time in custody, she experienced an eye-related complication, prompting the prison medical staff to recommend a transfer to the National Hospital's specialized eye unit on October 9. After receiving expert medical attention, she was returned to her detention facility.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. මහින්ද සහ ශිරන්ති යන වයසක පුද්ගලයින් දෙදෙනාම චිත්ත පීඩාවට පත්කර මියයාමට සැලැස්වීමේ කුරිරු සැලැස්මක් ද කියා සැකයි. කොටි සතුටු කිරීමට කරන මෙවැනි ක්‍රියා ඉතාමත්ම නින්දා සහගතයි. නාමල්ගෙ රැස්වීම් වලට සහභාගීවන විශාල ජනකාය දැක්කම නාමල්ව හිරේ දාල දැන් මේක බස් වලින් මිනිස්සු අද්දල එයාටත් මිනිස්සු ඉන්නව කියල පෙන්නන්න රට පුරා රැස්වීම් තියනවා. ජනාධිපති කෙනෙක් වැටිච්ච පහත් මට්ටමක්. කොහොම වුනත් උඹලට බලය නැති වුන දවසක ජනතාව දැවෙන මේ කෝපාග්නිය දරාගන්න උඹලට ගොඩක් අමාරු වෙයි.

    ReplyDelete
    Replies
    1. වෛරය පතුරවලා අද භික්ෂූන් බේද කරවන තත්ත්වයට මේ ජනපති අද සැහැසි වෙලා.රටකට සෞභාග්‍යය ළඟා කරගන්නට නව ජනපති කෙනෙකුට ආරාධනා කරනවා.තෙරුවන් සරණයි!

      Delete
Previous Post Next Post