ඥාණසාර හිමි සිය දිවි නසාගන්න බව ඇමතිවරයෙකුට දන්වලා..


 බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දඬුවම් නියම වීමට පෙර පසුවූයේ දැඩි මානසික අවපීඩනයකින් බවත්, උන්වහන්සේ තමන් මුහුණ දී සිටින අර්බුදය හමුවේ ජීවිතය පවා හානිකර ගැනීමේ අදහසක් සම්බන්ධයෙන් අමාත්‍යවරයෙකු වෙත දන්වා තිබූ බවත් පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියෝ අනාවරණය කරති.

කොළඹදී පැවති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

ඥානසාර හිමියන් අත්අඩංගුවට පත්වීමට සති දෙකකට පමණ ඉහතදී 'නමයයි පහ' නමැති කෘතිය එළිදැක්වූ අවස්ථාව සිහිපත් කළ ආනන්දසිරි හිමියෝ, සිය මෑණියන් දැඩි ලෙස රෝගාතුරව සිටින පසුබිමක තමන් වෙනුවෙන් මැදිහත් වන ලෙස උන්වහන්සේ ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටි බව පැවසූහ. 

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට ලබාදුන් ජනාධිපති සමාවේ පැවති ක්‍රියාපටිපාටික දෝෂ හේතුවෙන් තමන්ට මෙවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවූ බව පවසමින් උන්වහන්සේ දැඩි කම්පනයකින් හා මානසික පීඩනයකින් පසුවූ බවද අනාවරණය විය.

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් ආරම්භ කළ දැවැන්ත අත්සන් ලබාගැනීමේ වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ උන්වහන්සේ, මයියංගණය ප්‍රදේශයේ එක් විහාරස්ථානයකින් පමණක් අත්සන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් ලැබුණු බවත්, දිවයින පුරා පන්සල් රැසකින් අත්සන් කළ ලියකියවිලි අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් කියා සිටියහ.

බන්ධනාගාර බලධාරීන් පවසන කරුණු පසෙක තබා, මේ වන විට සමාජය කම්පනයට පත්ව ඇති බැවින් ඥානසාර හිමියන්ට සමාව ලබාදිය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරතන මහනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විවෘතවම ප්‍රකාශ කර ඇති බවද ආනන්දසිරි හිමියෝ මෙහිදී සිහිපත් කළහ.

මේ අතර, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මහා සංඝරත්නය ඉලක්ක කරගනිමින් සංවිධානාත්මක මඩ ප්‍රහාර එල්ල වන බවට චෝදනා කළ උන්වහන්සේ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හෝ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් ‘ද කිංස්බරි’ තරු පංතියේ හෝටලයට වැඩම කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවේචන දැඩිව ප්‍රතික්ෂේප කළහ. 

බුදුරජාණන් වහන්සේ යනු හිඟන්නෙකු නොව ශාක්‍ය වංශික රජ පරපුරකින් පැවිදි වූ උත්තමයෙකු බවත්, උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන මහා සංඝරත්නයට රජමැදුරක හෝ තරු පන්තියේ හෝටලයක වුවද වැඩසිටීමේ පාරම්පරික අයිතිය සහ ගෞරවය හිමිව ඇති බවත් පෙන්වා දුන් උන්වහන්සේ, උප්පැන්න සහතිකයට පමණක් බෞද්ධ වූ පිරිස් මෙය මහා පුදුමයක් ලෙස සලකා මඩ ප්‍රචාර පතුරුවන බවට දෝෂාරෝපණය කළහ.





Religious Leaders Express Concerns Over Buddhist Monk's Mental Well-being in Custody

The chief secretary of the Bodhu Bala Sena organization, Ven. Galagodaatte Gnanasara Thero, is reportedly grappling with severe mental stress while in custody. Ven. Anandasiri Thero disclosed that Gnanasara had conveyed thoughts of endangering his life to a minister prior to being subjected to disciplinary action.

During a press conference held in Colombo, Ven. Anandasiri elaborated on the circumstances surrounding Gnanasara’s recent incarceration. He recalled the release of a book titled "Namayai Paha," which occurred approximately two weeks prior to the monk's arrest. He stated that amidst his mother’s serious illness, he had earnestly requested intervention from the chief monks for support.

Gnanasara Thero attributed his current predicament to procedural failures during former President Maithripala Sirisena's administration, revealing that the ordeal had left him deeply shaken and mentally troubled.

Addressing a considerable public petition seeking a presidential pardon for Gnanasara, Anandasiri noted that about ten thousand signatures had been collected from a local temple in the Mayiyanagana area, emphasizing that the movement continues to garner signatures from numerous temples across the country.

Pointing out the prevailing societal unrest, Anandasiri insisted that, irrespective of statements made by prison officials, Gnanasara deserves forgiveness given the current circumstances, a sentiment echoed by prominent leaders including the Chief Monk Venerable Dhammasiddhi Gnanasara from the Asgiriya Chapter.

Amidst these developments, Anandasiri condemned attempts on social media to undermine the Buddhist clergy, specifically criticizing accusations involving monks like Ven. Ananda from Murutettuwé and Ven. Nalaka from Bengamuwa, regarding their alleged affiliations with luxury establishments.

Highlighting the esteemed status of the Buddha as a leader of noble ancestry and the traditional rights of the Buddhist clergy to operate in any royal or hospitable setting, he expressed dismay at the circulating derogatory narratives aimed at discrediting the monks, attributing such behavior to groups misinterpreting Buddhist principles.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post