ලොව සුප්රකට Claude කෘත්රිම බුද්ධි පද්ධතිය නිර්මාණය කළ Anthropic සමාගම, ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වන දැවැන්තම ආරම්භක පොදු කොටස් නිකුතුව සඳහා වන නිල ලියකියවිලි ඉදිරිපත් කර ඇත.
කෙසේ වෙතත්, මෙම දැවැන්ත මූල්ය පිම්ම අතරතුරදීම, දියුණු කෘත්රිම බුද්ධිය මානව වර්ගයාගේ පැවැත්මටම බරපතළ ව්යසනකාරී තර්ජනයක් විය හැකි බවට එම සමාගමේ ප්රධාන විධායක නිලධාරියා අනතුරු අඟවා තිබීම විශේෂත්වයකි.
සැන් ෆ්රැන්සිස්කෝ නුවර පදනම් කරගත් ඇන්ත්රොපික් සමාගම ලබන මසදී අමෙරිකානු වෝල් ස්ට්රීට් කොටස් වෙළෙඳපොළට පිවිසීමට සැලසුම් කර ඇති අතර, එහිදී ඔවුන් ‘ANT’ යන සංකේතය යටතේ ‘Nasdaq හි ලැයිස්තුගත වීමට නියමිතය.
මෙම කොටස් නිකුතුව හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක් තරම් විශාල මුදලක් රැස්කර ගැනීමට සමාගම අපේක්ෂා කරන අතර, එය ඉකුත් ජූනි මාසයේදී SpaceX සමාගම ඩොලර් බිලියන 86ක් රැස්කරමින් තැබූ වාර්තාවද අභිබවා යනු ඇතැයි ගණන් බලා තිබේ.
ඒ අනුව, ඇන්ත්රොපික් සමාගමේ සමස්ත වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්රිලියන 1.5 සිට ට්රිලියන 2 දක්වා ඉහළ යනු ඇති අතර, එය ‘ටෙස්ලා’ වැනි දැවැන්තයන් සමඟ කරට කර සිටින ලොව වටිනාම සමාගමක් බවට පත්වනු ඇත.
පිටු 335කින් යුත් මෙම නිල කොටස් නිකුතු වාර්තාවට අනුව, 2026 වසරේ මුල් භාගය තුළ ඇන්ත්රොපික් සමාගමේ ආදායම ඩොලර් බිලියන 16 ඉක්මවා ඇති අතර එය පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 14 ගුණයක අතිවිශාල වර්ධනයකි. එහෙත්, අධික පර්යේෂණ සහ මෙහෙයුම් පිරිවැය හමුවේ සමාගම එම කාලය තුළ ඩොලර් බිලියන 80.7 ක ශුද්ධ පාඩුවක් වාර්තා කර ඇත.
වසර පහක් තරම් කෙටි ඉතිහාසයක් ඇති ඇන්ත්රොපික් සමාගම, එහි ප්රධාන විධායක නිලධාරී 43 හැවිරිදි ඩාරියෝ අමෝඩෙයි සහ ඔහුගේ සොහොයුරියක වන 39 හැවිරිදි ඩැනියෙලා අමෝඩෙයි විසින් තවත් හවුල්කරුවන් පිරිසක් සමඟ 2021 වසරේදී ආරම්භ කරන ලද්දකි. කොටස් නිකුතුව සාර්ථක වුවහොත් මෙම සම-නිර්මාතෘවරුන්ගේ ධනය තවදුරටත් බිලියන ගණනින් ඉහළ යනු ඇත.
මහජන ආරක්ෂාව නොසලකා සමාගම හුදු ලාභය පමණක් හඹායෑම වැළැක්වීම උදෙසා ‘Long-Term Benefit Trust’ නමැති ස්වාධීන භාරකාර මණ්ඩලයක් පත්කිරීමටද අසාමාන්ය පියවරක් ලෙස සමාගම කටයුතු කර තිබේ.
කොටස් නිකුතු වාර්තාවට ඇතුළත් කර ඇති පිටු 100කට අධික 'අවදානම් සාධක' ලේඛනය හරහා සමාගම විසින් සිදුකර ඇති අනතුරු ඇඟවීම් ජාත්යන්තර අවධානයට ලක්ව ඇත. ඒ අතර, අනිෂ්ට පාර්ශ්වයන් විසින් AI තාක්ෂණය යොදාගනිමින් රසායනික අවි නිපදවීම, ඒකාධිපති පාලකයන් විසින් පුරවැසියන් මර්දනයට තාක්ෂණය යොදාගැනීම සහ වඩාත් බරපතළ ලෙස AI පද්ධති මිනිසාගේ පාලනයෙන් ගිලිහී ස්වාධීනව ක්රියාත්මක වෙමින් සමස්ත මානව සංහතියම විනාශ මුඛයට ඇද දැමීමේ හැකියාව පිළිබඳවද ඔවුන් විවෘතවම අනාවරණය කර තිබේ. AI තාක්ෂණයේ සීඝ්ර වර්ධනය මඳකට හෝ පාලනය නොකළහොත් ඉදිරි මාස 6ත් 12ත් ඇතුළත සමස්ත අන්තර්ජාලයම අත්පත් කරගත හැකි මට්ටමේ අනතුරුදායක AI නියෝජිතයන් බිහිවීමේ අවදානමක් පවතින බව ඩාරියෝ අමෝඩෙයි මීට පෙරද අනතුරු අඟවා තිබිණි.
සදාචාරාත්මක හා ආරක්ෂිත AI සංවර්ධනයකට මුල්තැන දෙන බව පවසන ඇන්ත්රොපික් සමාගම, සිය තාක්ෂණය පාලනයකින් තොරව යුදමය කටයුතු සහ සමූහ ඔත්තු බැලීම් සඳහා යොදාගැනීමට ඉඩ නොදීම හේතුවෙන් අමෙරිකානු ආරක්ෂක අංශ සමඟ දැඩි මතභේදයක පැටලී සිටී. ඩොනල්ඩ් ට්රම්ප්ගේ පරිපාලනය විසින් සමාගම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස නම් කිරීමට එරෙහිව ඇන්ත්රොපික් සමාගම පෙන්ටගනයට එරෙහිව නඩු පවරා ඇති අතර, එම නීතිමය සටන මේ වන විටත් අභියාචනා මට්ටමේ පවතී. මේ අතර, ඇන්ත්රොපික් සමාගම පෙන්ටගනය සමඟ ගැටෙද්දී ඔවුන්ගේ ප්රධාන ප්රතිවාදියා වන ‘OpenAI’ සමාගම පෙන්ටගනය සමඟ කඩිනම් ගිවිසුම්වලට එළඹීමට පියවර ගැනීමද විශේෂත්වයකි.
OpenAI සමාගමෙන් ඉවත්වූ ප්රධාන පර්යේෂකයන් පිරිසක් විසින් පිහිටුවන ලද ඇන්ත්රොපික් සමාගම, Google සහ Microsoft වැනි දැවැන්තයන් මූල්ය ආයෝජන සිදුකරන ප්රමුඛතම තාක්ෂණික සමාගමකි.
කෘත්රිම බුද්ධි ආකෘති පුහුණු කිරීම සඳහා අතිවිශාල පරිගණක බලයක් සහ මූල්ය ප්රතිපාදන අවශ්ය වීම හේතුවෙන් මේ වන විට AI ක්ෂේත්රය තුළ දැවැන්ත මූල්ය බුබුලක් නිර්මාණය වෙමින් පවතින බවට ආර්ථික විද්යාඥයෝ බිය පළ කරති. ප්රතිවාදී OpenAI සමාගම ලබන වසරේදී කොටස් වෙළෙඳපොළට පිවිසීමට සැලසුම් කරද්දී, ආයෝජකයන්ගේ උනන්දුව පහත වැටීමට පෙර මහජන කොටස් නිකුතුවක් හරහා කඩිනමින් ප්රාග්ධනය රැස්කර ගැනීමට ඇන්ත්රොපික් සමාගම මෙලෙස තීරණය කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Anthropic Files for Record-Breaking IPO Amid AI Concerns
The tech firm Anthropic, known for creating the acclaimed AI system Claude, has taken a significant step by filing official documents for what could become the largest initial public offering (IPO) in history.
Notably, during this monumental financial endeavor, the company's CEO has raised alarms about the potential existential threats advanced artificial intelligence might pose to humanity.
Headquartered in San Francisco, Anthropic plans to enter the US stock market next month under the ticker symbol ‘ANT’ on the Nasdaq.
The company aims to raise about $100 billion through this IPO, which would surpass SpaceX's previous record of $86 billion set in June.
As a result, Anthropic’s market valuation could soar to between $1.5 trillion and $2 trillion, positioning it alongside industry giants such as Tesla.
According to the IPO filing, Anthropic's revenue is projected to exceed $16 billion in the first half of 2026, reflecting a staggering 14-fold increase compared to the previous year’s figures. However, it is noteworthy that the company reported a net loss of $80.7 billion during the same period due to high research and operational costs.
Founded in 2021 by 43-year-old CEO Dario Amodei and his 39-year-old sister Daniella, alongside a group of partners, Anthropic has achieved remarkable growth in its short history. A successful IPO could significantly enhance their wealth into the billions.
In an unusual move to prioritize public safety over mere profit, the company has established an independent trust called the ‘Long-Term Benefit Trust’ to avert a sole focus on profits.
The filing includes over 100 pages of 'risk factors,' highlighting warnings about potential dangers that have drawn international scrutiny. Among these are concerns that malicious entities could utilize AI technology to develop chemical weapons, autocratic regimes might employ technology for citizen repression, and that AI systems could operate autonomously, potentially endangering humanity as a whole. Amodei previously cautioned that without some control, hazardous AI agents could emerge, threatening the internet within the next six to twelve months.
Anthropic asserts that it prioritizes ethical and secure AI development, aiming to prevent its technology from being used for military operations or group surveillance. This position has led to considerable friction with American defense agencies, particularly given that the Trump administration labeled the company a national security threat. Anthropic has taken legal action against the Pentagon, a case that is currently at the appeals level. Meanwhile, in response to its disputes with Anthropic, OpenAI—its primary competitor—has begun pursuing expedient agreements with the Pentagon.
As a leading tech company attracting significant investments from giants like Google and Microsoft, Anthropic has emerged from a team of former top researchers at OpenAI. The high demand for massive computational power and financial backing to train AI models has further fueled a significant financial bubble within the tech industry, raising alarm among economists. Analysts point out that with OpenAI also planning to enter the stock market next year, Anthropic's rapid push for a public offering aims to secure funding before market interest diminishes.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
