හදිසි හෘදයාබාදයක්.. මහින්දට අමාරුයි.. ICU ඇතුළු කෙරේ...


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය දින කිහිපය මුළුල්ලේම විවිධ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණ දී සිටි ඒ මහතා, අද (12) දිනයේදී වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් එහි රඳවා සිටින සිය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීමට සැලසුම් කර තිබූ බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත්, අද පෙරවරුවේ උද්ගත වූ මෙම හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට දිවයිනේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටියි.



Former President Mahinda Rajapaksa Hospitalized Following Sudden Heart Condition

Former Sri Lankan President Mahinda Rajapaksa has been admitted to the intensive care unit of the Nawaloka Private Hospital in Colombo due to a sudden heart ailment.

Reports indicate that Rajapaksa had been undergoing a series of medical examinations over the past few days. He was scheduled to visit his wife, Shiranthi Rajapaksa, who is currently detained at the Welikada Prison, along with Member of Parliament Namal Rajapaksa today, the 12th.

However, a sudden health crisis arose in the morning, prompting immediate hospitalization for the former leader.

A team of specialized doctors is currently providing urgent medical treatment to Mahinda Rajapaksa in the ICU at Nawaloka Hospital.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. සුවපත් වේවා ජනපති තුමනි. අපගේ දේශය සුරක්ෂා කොට, ඉන් නොනැවතී අප රටේ අනාගතයද සුරක්ෂා කිරීමට හැකි ගුණවත්, නායකත්වයක් සහිත, බුද්ධිමත් පුතෙකුත් දේශපාලනයට දායාද කලා ඔබ තුමන්, ඉක්මණින් සුවපත් වේවා. අපගේ වීරයා ඔබ තුමන් ය.ඔබ තුමන් හැර අන් කිසිඳු නායකයකුට ලක් පොළොවේ සිංහල ජනයා ආදරය කරන්නේ නැත. අපගේ සිත් වල ඔබ තුමන්ගේ අගය කිසිදා හිඟ වන්නේ ද නැත. අප විසින් සිදු කල යම් අදහස් කථනයකදී ඔබ තුමන් ගේ කීර්ති නාමයට අංශුමාත්‍රයක හෝ කැළලක් විණි නම්, අපි ඒ සඳහා ඔබ තුමන්ගේ දෙපා නමැද සමාව ඉල්ලා සිටින්නෙමු. තෙරුවණ් සරණයි. චිරං ජයතු, අති ගරු, වන්දනීය ජනපති තුමනි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  2. එතුමාට අමාරුවක් නෑ. පොඩි රිදීමක් ඇති වෙලා තිබෙනවා හෘදයේ, එය කාඩියැක් ඇරස්ට් එකක් නෙවේ. ඉක්මණින් සුවපත් වේවි.

    ReplyDelete
Previous Post Next Post