ශ‍්‍රී ලංකාව බදු ආදායම දෙගුණ කරගෙන.. එය ඉතා හොද තත්වයක්... මීලග වැඩසටහනටත් අප සූදානම්..- IMF


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව කැපී පෙනෙන සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් සහ රාජ්‍ය මූල්‍ය ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි. වත්මන් වැඩසටහන ලබන මාර්තු මාසයේදී අවසන් වීමෙන් අනතුරුව, නව මූල්‍ය වැඩසටහනකට එළඹෙන්නේද යන්න තීරණය කිරීමේ පූර්ණ අභිමතය ශ්‍රී ලංකා රජය සතු බවත්, රජය අපේක්ෂා කරන ඕනෑම අයුරකින් සහාය ලබා දීමට තමන් සූදානම් බවත් අරමුදල අවධාරණය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ වාර්ෂික සමුළුවට සමගාමීව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී, එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සොනාලි ජයින්-චන්ද්‍රා මහත්මිය මේ බව සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය පිළිබඳව කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය පෙන්වා දුන්නේ, කලාපයේ සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති බවයි. විශේෂයෙන්ම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රජයේ බදු ආදායම් අනුපාතය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවත්, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට බොහෝ දුරට අවසන්ව ඇති බවත් ඇය සඳහන් කළාය.

එමෙන්ම මෙරට ආර්ථික අර්බුදයේ දරුණුතම කඩාවැටීමෙන් පසු, අඛණ්ඩව කාර්තු 11ක් පුරා ධන ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ. මීට අමතරව රාජ්‍ය පාලනය හා දූෂණ විරෝධී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේද සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

වත්මන් ණය වැඩසටහන අවසන් වීමට තවත් මාස කිහිපයක් ඉතිරිව ඇති අතර, ඊට අදාළව තවත් සමාලෝචන වාර දෙකක් සම්පූර්ණ කිරීමට නියමිතව තිබේ. ඔක්තෝබර් මස මුලදී එළඹි 7 වැනි කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ඉදිරි සතිවලදී විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන අතර, ලබන වසරේ මාර්තු මාසයේදී වැඩසටහන නිමාවීමට පෙර අවසන් සමාලෝචන මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇත.

වත්මන් වැඩසටහන නිමාවීමෙන් පසු ශ්‍රී ලංකාව ඉදිරියට කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, නව මූල්‍ය පහසුකමක් ලබා ගන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ශ්‍රී ලංකා රජයේ අභිමතය පරිදි සිදුවිය යුතු බවයි. නව ණය පහසුකමක්, ආර්ථික නිරීක්ෂණ ප්‍රතිපත්ති උපදෙස් හෝ ධාරිතා සංවර්ධන සහාය යන ඕනෑම ක්‍රමවේදයක් ඔස්සේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම ආකාරයකින් සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැපවී සිටින බව ඇය වැඩිදුරටත් තහවුරු කළාය.

2022 වසරේදී මෙරට ඇති වූ දරුණුතම ආර්ථික බිඳවැටීමෙන් අනතුරුව, 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගත විය. 

ශ්‍රී ලංකා ඉතිහාසයේ එළඹි 17 වැනි IMF වැඩසටහන මෙය වන අතර, 2028 වසරේ සිට මෙරට ප්‍රධාන විදේශ ණය වාරික ආපසු ගෙවීම ආරම්භ වීමට නියමිත බැවින්, පවතින වැඩසටහන ලබන වසරේ මාර්තු මස අවසන් වීමෙන් පසු තවත් තාක්ෂණික හෝ මූල්‍ය වැඩසටහනකට එළඹෙන්නේද යන්න පිළිබඳව අවධානයක් යොමුව තිබේ.





Sri Lanka Achieves Notable Economic Stability, Says IMF

The International Monetary Fund (IMF) has announced that Sri Lanka is demonstrating significant economic stability and progress in state finances under its comprehensive loan program. With the current program set to conclude in March, the IMF emphasized that the Sri Lankan government will have complete discretion in deciding whether to pursue a new financial program, reiterating its readiness to provide any necessary support.

This declaration was made during a special media conference held alongside the IMF's annual meeting for its Asia and Pacific Department, where Deputy Director Sonali Jain-Chandra highlighted the country's current progress. She pointed out that, compared to other nations in the region, Sri Lanka has showcased remarkably strong financial performance. Notably, government tax revenue as a percentage of Gross Domestic Product (GDP) has doubled, and the restructuring process for foreign debt has reached an advanced stage.

In response to the severe economic collapse faced by the nation, Sri Lanka has successfully maintained continuous economic growth for 11 consecutive quarters. Jain-Chandra further noted considerable advancements in governance and anti-corruption structural reforms.

With several months remaining until the current loan program concludes, two additional review rounds are scheduled to occur. The seventh staff-level agreement is expected to be presented for executive board approval in the coming weeks, followed by the final review process before the program officially ends in March next year.

Reflecting on what steps Sri Lanka will take after the completion of its existing loan program, Jain-Chandra indicated that the decision on whether to seek a new financial facility will depend heavily on the government's perspective. The IMF remains committed to supporting Sri Lanka in any capacity, whether through a new loan facility, economic policy advice, or capacity development assistance.

In March 2023, following the country's most severe economic collapse in 2022, Sri Lanka entered into an agreement with the IMF for a $2.9 billion extended loan facility.

This marks the 17th IMF program in Sri Lanka’s history, and with the first major foreign debt repayments scheduled to begin in 2028, attention is now turning to whether there will be another technical or financial program following the conclusion of the current initiative next March.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. මොළ හතේ කපුටු මල්ලි වත් හිටිය නං තව පරම්පරා විසි පහකට තිහකට හම්බ කර ගන්න තිබ්බ බාන්ඩාගාරෙ ඩාන් ඩූන් කරල

    ReplyDelete
    Replies
    1. තමන්ගේ නියම නමින් පෙනී ඉන්න බැරි පිසාචයා 🤮🤮🤮 කොහොමත් තොට ඉතාම නුදුරු දිනකදී තනි ඇටේ වත් ඉතුරු උනොත් පුදුමයි, තෝ කරන පාප කර්ම වල හැටියට 🤮 පැලවත්තේ බත් බැල ඩෝබියා 🤮😡 නියත නිරය උරුම කරගත්, අඩු කුලේ, දෙලොවටම නැති, කාලකණ්නි ත්‍රස්තවාදී ජෙප්පා 😡🤮 තෝ ජෙප්පන්ව කොයි තරම් සුදනන් කරන්න උත්සාහ කෙරුවත් තොපේ 3% න් බහුතරයත් තොපිව පිලිකුල් කරමින් ඈත් වෙමින් ඉන්නේ. තොපි ඔය මාලිමාව කියන වහන්තරාවට මුවා වෙලා බලයට ආවට තොපිට නියම බහුතරයක් නැති, වැඩ බැරි කාලකණ්නි සෙට් එකක් කියලා මුළු ලෝකයාම තේරුම් අරගෙන ඉවරයි. තොපේ මහ එවුන්ට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට යන්න කියපිය, තොපේ සුද්ධවන්ත ආණ්ඩුව ඉන්න තැන බලාගන්න එදාට පුලුවන් වෙයි.

      Delete
Previous Post Next Post