PB ජයසුන්දරගෙන් අල්ලස් කොමිසම ප‍්‍රශ්ණ කරයි..


 ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මඟින් සිදු කරන ලද ‘එයාර් බස්’ ගුවන් යානා මිලදී ගැනීමේ මතභේදාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විශේෂ විමර්ශනයකට අදාළව, හිටපු ජනාධිපති ලේකම්වරයෙකු මෙන්ම හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකු ද වන ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ පෞද්ගලික නිවස වෙත ගොස් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර, එහිදී පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ අදාළ ගනුදෙනුවට සම්බන්ධ කරුණු පිළිබඳව දීර්ඝ ලෙස ඔහුගෙන් තොරතුරු විමසා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.

අදාළ කාලසීමාව තුළ රාජ්‍ය මුදල් හා ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සම්බන්ධයෙන් ඔහු දැරූ තනතුරු සහ වගකීම් මුල් කරගනිමින් මෙම ප්‍රශ්න කිරීම සිදු කර ඇති බව වැඩිදුරටත් දැනගන්නට ඇත.





Former Senior Officials Interrogated Over Controversial Aircraft Purchase

The investigation into the controversial ‘Air Bus’ aircraft procurement by SriLankan Airlines has taken a significant turn with statements recorded from Dr. P.B. Jayasundera, a former Secretary to the President, and ex-Secretary of the Ministry of Finance.

A team of investigative officials visited Dr. Jayasundera’s private residence to conduct the inquiry, reportedly engaging him for nearly four hours. During this session, they sought extensive information related to the procurement deal.

The questioning centered around Dr. Jayasundera's roles and responsibilities in making fiscal and policy decisions during the relevant period, digging deeper into the intricacies of the transaction. Further details of the investigation are anticipated as authorities continue to scrutinize this high-profile case.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. අර සිරසේ ගොනා ගැන දාපු නිවුස් එක යට යන්ඩ ඉඩ තියන්ඩ එපා.

    ReplyDelete
  2. ආර්ථික ගාතකය...මු තමයි හැම ආණ්ඩුවක් අස්ස්ටම රිංගල මුළු රටම කාපු වෙස බල්ලා...

    ReplyDelete
  3. මූව නම් කුදලගෙන යන්නෙ නෑ. මොකද මුගෙන් තමයි හැම ආණ්ඩුවකම කුණු ගැන හරක් කොටා තොරතුරු ගන්නෙ

    ReplyDelete
  4. Muu thama hama anduwakma kapu eka. Y muge gederata yanne. Muuta eee kale capacity thiyena ekek wath pennanna baa. Amu kuhakaya. Amuma amu kuhakaka ya. Muu kiyana hama detamama yes kiyanna ona. Nathnam iwarai. Muu thamai Treasury eka kapu eka. Paraya.

    ReplyDelete
Previous Post Next Post