කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සේවයේ නියුතු පොලිස් පරීක්ෂක සහ කණිෂ්ඨ ශ්‍රේණිවල නිලධාරීන්ගේ නිල නිවාස හිඟයට තිරසර විසඳුමක් ලබාදීමේ අරමුණින්, නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරන ලද ‘Harbour View Residencies’ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ඒකක 350ක් මිලදී ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට (MoU) ශ්‍රී ලංකා පොලීසිය එළැඹ තිබේ.
බත්තරමුල්ල ‘සුහුරුපාය’ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ද, නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති එන්.ජී. හේමචන්ද්‍ර මහතා ද ගිවිසුමට අත්සන් තැබූහ.
කොළඹ 13, සිරිල් සී. පෙරේරා මාවතේ පිහිටි මෙම ‘Harbour View Residencies’ නිවාස සංකීර්ණය මහල් 14කින් සහ සමස්ත නිවාස ඒකක 452කින් සමන්විත වන අතර, ඉන් ඒකක 350ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත ලබාගැනීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.
මෙම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා එක්ව සිටි අතර, නාගරික සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් එහි නිවාස අධ්‍යක්ෂ එම්.එච්.වී.ආර්. කුමාර්, නීති අංශ අධ්‍යක්ෂිකා ඩී.එම්. කිරිවත්තුඩුව, නීති නිලධාරී හසිත් සුබසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.
බස්නාහිර පළාත තුළ රාජකාරි කරන ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සුබසාධනය ඉහළ නංවමින්, ඔවුන් තුළින් වඩාත් කාර්යක්ෂම, ගුණාත්මක සහ තෘප්තිමත් සේවාවක් මහජනතාව වෙත ලබාදීම මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Police Department Secures Housing for Officers in Colombo
In a significant development aimed at addressing the chronic housing shortages faced by police officers in Colombo and its suburbs, the Sri Lanka Police has finalized a memorandum of understanding (MoU) for the purchase of 350 residential units from the ‘Harbour View Residencies’ project, spearheaded by the Urban Development Authority.
The agreement was officially signed at the Ministry of Public Security premises in Batharamulla, underlining a commitment to enhance the living conditions for law enforcement personnel. Ravi Senavirathna, Secretary to the Ministry of Public Security and Parliamentary Affairs, represented the Sri Lanka Police, while the Urban Development Authority was represented by its Chairman, N.G. Hemachandra.
Located on Cyril C. Pereira Mawatha in Colombo 13, the ‘Harbour View Residencies’ complex comprises 14 floors with a total of 452 residential units. Of these, 350 units have been earmarked for acquisition by the police, a proposal that has received the necessary approvals.
Police Chief Attorney Priyanta Weerasinghe was present during the signing ceremony, along with key figures from the Urban Development Authority, including Housing Director M.H.W.R. Kumar and Legal Division Director D.M. Kirivaththudawa, along with other senior officials.
This housing initiative seeks to significantly enhance the welfare and professional efficiency of officers serving in Western Province, ensuring that they can provide high-quality and satisfactory services to the community, as highlighted in a statement from the Police Media Unit.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ඔය මහල් නිවාසය හැදුවේ දුප්පත් පැල්පත් වාසී මිනිස්සුන්ට දෙන්න
ReplyDelete