වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ගතවූ වසර දෙකක කාලය තුළ රාජ්ය ආදායම ඉහළ නැංවීමේ අරමුණින් ක්රියාත්මක කරන ලද අනුක්රමික බදු සංශෝධන 12ක් හේතුවෙන් රටේ සමස්ත ජනතාව මෙන්ම ව්යාපාරික ප්රජාවද දැඩි පීඩනයකට ලක්ව ඇති බව ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රය පෙන්වා දෙයි.
එම කේන්ද්රය විසින් නිකුත් කර ඇති නවතම ආර්ථික පර්යේෂණ වාර්තාවක් මඟින් පෙන්වා දෙන්නේ, සමාජයේ සෑම තරාතිරමකම ජනතාව වෙත සෘජුව හා වක්රව මෙම බදු බර එල්ල වී ඇති බවයි. විශේෂයෙන්ම ආහාර සැපයීම, අධ්යාපනය, සෞඛ්යය, ප්රවාහනය මෙන්ම මාර්ගගත ව්යාපාර ක්ෂේත්ර කෙරෙහි මෙහි බරපතළ බලපෑමක් එල්ල වී තිබේ.
මහා පරිමාණ ව්යාපාරිකයන්ට සාපේක්ෂව සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් සහ රාජ්ය නොවන සංවිධාන මෙම බදු ක්රමවේදය හමුවේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවද එහි සඳහන් වේ.
පසුගිය වසර දෙක තුළ හඳුන්වා දුන් මෙම බදු ප්රතිපත්ති හේතුවෙන් උද්ධමනය ඉහළ යාම, වෙළෙඳපොළ මුදල් සංසරණය සීමා වීම සහ දිළිඳුකම ඉහළ යාම වේගවත් වී ඇති බව මානව හිමිකම් කේන්ද්රයේ විධායක අධ්යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ. එසේම, දේශීය ආයෝජන අධෛර්යමත් වීමට මෙන්ම සෘජු විදේශ ආයෝජන මෙරටට ගලා ඒම අඩාල වීමටද මෙම බදු ක්රමවේදය ප්රබල සාධකයක් වී ඇති බව එම සංවිධානය අවධාරණය කරයි.
පසුගිය වසර දෙකේ පැනවූ බදු සංශෝධන 12 මෙසේය.
- සුරාබදු ඉහළ දැමීම (2025 ජනවාරි): මත්පැන්, දුම්වැටි, දුම්කොළ, පැණිරස බීම සහ මෝටර් රථ සඳහා පැවති සුරාබදු 6%කින් ඉහළ නැංවීම.
- විද්යුත් වාහන (EV) බද්ද (2025 පෙබරවාරි): විද්යුත් වාහන සඳහා පැවති සුරාබදු අනුපාතය 100%කින් (දෙගුණයකින්) ඉහළ දැමීම.
- වාහන ආනයන බද්ද (2025 පෙබරවාරි): මීට පෙර පැවති රේගු බදු නිදහස් කිරීම් සම්පූර්ණයෙන්ම ඉවත් කර 20%ක ආනයන බද්දක් හඳුන්වා දීම සහ 50%ක අතිරේක බද්දක් (Surcharge) සමඟ සමස්ත බද්ද 30%ක් දක්වා ඉහළ දැමීම.
- බැංකු පොලී මත රඳවා ගැනීමේ බද්ද - WHT (2025 අප්රේල්): බැංකු තැන්පතු පොලිය මත අය කළ රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා දෙගුණ කිරීම (අඩු ආදායම්ලාභීන්ට ස්වයං-ප්රකාශන මඟින් මීට සහන ලබාගත හැකි වුවද සාමාන්ය තැන්පත්කරුවන්ට දැඩි බලපෑමක් එල්ල විය).
- ආයතනික ආදායම් බද්ද (2025 අප්රේල්): මත්පැන්, දුම්කොළ සහ ඔට්ටු/සූදු ව්යාපාරවල නිරත සමාගම් සඳහා අය කෙරෙන බද්ද 40% සිට 45% දක්වා වැඩි කිරීම.
- සේවා අපනයන බද්ද (2025 අප්රේල්): මීට පෙර බදුවලින් නිදහස් කර තිබූ තොරතුරු තාක්ෂණ ඇතුළු සේවා අපනයන සහ විදේශීය මූලාශ්රවලින් උපයන ආදායම් මත උපරිම 15%ක ආදායම් බද්දක් පැනවීම.
- රේගු ආනයන බදු සංශෝධනය (2026 අප්රේල්): පැවති බදු ව්යුහය (0%, 15%, 20%) වෙනුවට 0%, 10%, 20% සහ 30% ලෙස නව කාණ්ඩ හඳුන්වා දී, තෝරාගත් භාණ්ඩ සඳහා 30%ක ඉහළ බද්දක් නියම කිරීම.
- වාහන සඳහා සමාජ ආරක්ෂණ බද්ද - SSCL (2026 මැයි): වාහන ආනයනය සඳහාද 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද පැනවීම.
- වාහන ආනයන අතිරේක බද්ද දීර්ඝ කිරීම (2026 මැයි): 30%ක රේගු බද්ද මත 50%ක අධිභාරයක් එක්වීමෙන් සමස්ත බද්ද 45%ක් දක්වා ඉහළ යාම සහ එම බද්ද 2026 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කිරීම.
- ප්රාග්ධන ලාභ බද්ද (2026 ජූනි): පුද්ගලයන් සහ හවුල් ව්යාපාර සඳහා වන බද්ද 10% සිට 15% දක්වාද, භාරකාර අරමුදල් (Trusts), අන්යෝන්ය අරමුදල් සහ රාජ්ය නොවන සංවිධාන සඳහා 10% සිට 30% දක්වාද තුන් ගුණයකින් ඉහළ දැමීම.
- වෘත්තිකයන්ගේ රඳවා ගැනීමේ බද්ද (2026 ජූනි): ඡායාරූප ශිල්පීන්, කලාකරුවන්, තොරතුරු තාක්ෂණ (IT) සහ සමාජ මාධ්ය විශේෂඥයින් ඇතුළු වෘත්තිකයන් මාසිකව ලබන රුපියල් ලක්ෂය (100,000) ඉක්මවන ආදායම මත 5%ක බද්දක් පැනවීම.
- ඩිජිටල් සේවා සඳහා වැට් බද්ද - VAT (2026 ජූලි): මෙරට ලියාපදිංචි නොවූ විදේශීය ඩිජිටල් සේවා සපයන ආයතන සඳහා 18%ක වැට් බද්දක් හඳුන්වා දීම (කෙසේ වෙතත් මෙහි ප්රායෝගික ක්රියාකාරීත්වය තවමත් සම්පූර්ණ වී නොමැත).
මේ අතර ආර්ථික හා සංඛ්යාලේඛන දත්ත විශ්ලේෂණ වේදිකාවක් වන 'Numbers.lk' වාර්තා කරන්නේ 2024 වසරේ සැප්තැම්බර් මාසයේ සිට මෙරට ක්රියාත්මක වූ බදු ප්රතිපත්ති විශ්ලේෂණය කිරීමේදී, ජනතාවට සැබෑ සහනයක් ලෙස හිමිව ඇත්තේ වාර්ෂික පුද්ගල ආදායම් බදු නිදහස් සීමාව ඉහළ දැමීම පමණක් බවත්, අනෙකුත් සියලුම බදු වර්ග නොවෙනස්ව පැවතීම හෝ අඛණ්ඩව ඉහළ දැමීම සිදුව ඇති බවත්ය.
එම වාර්තාවට අනුව, වාර්ෂික ආදායම් බදු නිදහස් සීමාව රුපියල් මිලියන 1.2 (මසකට රු. 100,000) සිට රුපියල් මිලියන 1.8 (මසකට රු. 150,000) දක්වා ඉහළ නැංවීම තුළින් එක් බදු ගෙවන්නෙකුට මසකට උපරිම වශයෙන් රුපියල් 20,500ක බදු ඉතිරියක් හිමිව තිබේ. කෙසේ වෙතත්, එම එකම සහනය හැරුණු විට පසුගිය කාලසීමාව පුරා පාරිභෝගික භාණ්ඩ, වාහන, සේවා, මූල්ය තැන්පතු මෙන්ම වෘත්තිකයන් ඉලක්ක කරගනිමින් දැඩි බදු සංශෝධන රැසක් හඳුන්වා දී ඇති බව 'Numbers.lk' සම්පාදනය කළ දත්ත සටහන පෙන්වා දෙයි.
- සුරාබදු ඉහළ දැමීම (2025 ජනවාරි): මත්පැන්, දුම්වැටි, දුම්කොළ, සීනි සහිත පැණිරස බීම වර්ග සහ මෝටර් රථ සඳහා වන සුරාබද්ද 6%කින් පමණ ඉහළ දමන ලදී.
- විද්යුත් වාහන (EV) බද්ද (2025 පෙබරවාරි): විද්යුත් වාහන සඳහා පැවති සුරාබදු අනුපාතය 100%කින් (දෙගුණයකින්) ඉහළ නංවන ලදී.
- වාහන ආනයන බද්ද (2025 පෙබරවාරි): මීට පෙර පැවති රේගු බදු නිදහස් කිරීම් ඉවත් කරමින් 20%ක ආනයන බද්දක් හඳුන්වා දුන් අතර, ඊට අමතරව පැනවූ 50%ක අධිභාරය (surcharge) හේතුවෙන් සැබෑ බදු අනුපාතය 30%ක් දක්වා වැඩි විය.
- බැංකු පොලී මත රඳවා ගැනීමේ බද්ද - WHT (2025 අප්රේල්): බැංකු තැන්පතු පොලිය මත කපාගනු ලබන බද්ද 5% සිට 10% දක්වා දෙගුණ කෙරිණි (සුදුසුකම් ලබන අඩු ආදායම්ලාභී තැන්පත්කරුවන්ට ස්වයං ප්රකාශන මඟින් මීට සහන ලබාගත හැකිය).
- ආයතනික ආදායම් බද්ද (2025 අප්රේල්): මත්පැන්, දුම්කොළ, ඔට්ටු ඇල්ලීම සහ සූදු ව්යාපාරවල නිරත සමාගම් සඳහා අය කෙරෙන බද්ද 40% සිට 45% දක්වා ඉහළ දැමීය.
- සේවා අපනයන බද්ද (2025 අප්රේල්): මීට පෙර බදුවලින් නිදහස් කර තිබූ තොරතුරු තාක්ෂණ ඇතුළු සුදුසුකම්ලත් සේවා අපනයන සහ විදේශීය මූලාශ්රවලින් උපයන ආදායම් මත උපරිම 15%ක ආදායම් බද්දක් පැනවීමට පියවර ගැනිණි.
- රේගු ආනයන බදු සංශෝධනය (2026 අප්රේල්): පැවති බදු අනුපාත (0%, 15% සහ 20%) සංශෝධනය කරමින් 0%, 10%, 20% සහ 30% ලෙස නව කාණ්ඩ හඳුන්වා දී, තෝරාගත් ආනයනික භාණ්ඩ සඳහා 30%ක ඉහළ බද්දක් නියම කරන ලද අතර ඇතැම් තීරුබදු අඩු කිරීමටද කටයුතු කෙරිණි.
- වාහන සඳහා සමාජ ආරක්ෂණ බද්ද - SSCL (2026 මැයි): 2.5%ක් වූ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වාහන ආනයනය සඳහාද දීර්ඝ කරමින් එහි බදු පදනම පුළුල් කරන ලදී.
- වාහන ආනයන අධිභාරය (2026 මැයි): පවතින 30%ක රේගු ආනයන බද්ද මත 50%ක අධිභාරයක් එක්වීම නිසා අදාළ වාහන සඳහා වන සමස්ත බදු අනුපාතය 45%ක් දක්වා ඉහළ ගිය අතර, එම ක්රමවේදය 2026 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරිණි.
- ප්රාග්ධන ලාභ බද්ද (2026 ජූනි): පුද්ගලයන් සහ හවුල් ව්යාපාර සඳහා වන බද්ද 10% සිට 15% දක්වාද, භාරකාර අරමුදල් (Trusts), ඒකක භාර (Unit Trusts), අන්යෝන්ය අරමුදල් සහ රාජ්ය නොවන සංවිධාන සඳහා 10% සිට 30% දක්වාද සැලකිය යුතු ලෙස ඉහළ දමන ලදී.
- වෘත්තිකයන්ගේ රඳවා ගැනීමේ බද්ද (2026 ජූනි): ඡායාරූප ශිල්පීන්, කලාකරුවන්, තොරතුරු තාක්ෂණ (IT) විශේෂඥයින් සහ සමාජ මාධ්ය විශේෂඥයින් වැනි තවත් වෘත්තිකයන් කාණ්ඩ රැසක් ආවරණය වන පරිදි, මසකට රුපියල් 100,000 ඉක්මවන ගෙවීම් සඳහා 5%ක රඳවා ගැනීමේ බද්දක් පනවන ලදී.
- ඩිජිටල් සේවා සඳහා වැට් බද්ද (2026 ජූලි): මෙරට ලියාපදිංචි නොවූ විදේශීය ඩිජිටල් සේවා සපයන්නන් 18%ක වැට් (VAT) බදු රාමුවට ඇතුළත් කෙරුණු මුත්, එහි ප්රායෝගික ක්රියාත්මක කිරීමේ කටයුතු තවමත් සම්පූර්ණ වී නොමැත.
Sri Lanka's Tax Reforms Pressure Businesses and Households, Human Rights Center Reports
The Sri Lankan Human Rights Center has highlighted the pressing challenges faced by both the general population and the business community, resulting from twelve tax reforms implemented during the two years since the current government came to power. These reforms, aimed at increasing state revenue, have placed a significant burden on various sectors of society.
A recent economic research report released by the Center indicates that these tax burdens have directly and indirectly affected citizens across all strata. The repercussions are especially pronounced in critical sectors including food supply, education, healthcare, and transportation, as well as in the online business domain.
The report further emphasizes that while large-scale enterprises manage to navigate through these reforms, small and medium-sized businesses, alongside non-governmental organizations, are grappling with severe crises as a result of this tax regime.
Executive Director Rajith Keerthi Thennakoon noted that the introduction of these taxation policies over the past two years has accelerated inflation, limited cash flow in markets, and intensified poverty levels. He asserted that the tax reforms have been a significant factor in hindering domestic investments and curtailing the influx of foreign direct investments into the country.
The twelve tax reforms introduced in the last two years are as follows:
- Excise Duty Increase (January 2025): An increase of 6% in excise duty on alcohol, tobacco, sugary beverages, and motor vehicles.
- Electric Vehicle (EV) Tax (February 2025): A 100% increase in the excise duty rate for electric vehicles.
- Vehicle Import Tax (February 2025): The removal of previous exemptions on customs duties, introducing a 20% import tax and an additional 50% surcharge, raising the total rate to 30%.
- Withholding Tax on Bank Interest (WHT) (April 2025): Doubling the withholding tax on bank deposit interest from 5% to 10%, which impacts regular depositors significantly.
- Corporate Income Tax (April 2025): An increase from 40% to 45% for companies engaged in alcohol, tobacco, and gambling sectors.
- Export Services Tax (April 2025): Introducing a maximum income tax of 15% on revenue earned from previously exempt services like information technology.
- Customs Import Tax Reform (April 2026): Introduction of new tax brackets (0%, 10%, 20%, and 30%) replacing the old structure, instituting a 30% tax on selected imported goods.
- Social Security Contribution Tax - SSCL (May 2026): Implementing a 2.5% social security contribution tax on vehicle imports.
- Extension of Additional Import Tax on Vehicles (May 2026): Increasing the overall tax on vehicles to 45% through a 50% surcharge on the existing 30% customs duty.
- Profit Tax Increase (June 2026): Raising the tax rate for individuals and partnerships from 10% to 15%, while also increasing it for trusts and NGOs from 10% to 30%.
- Professional Retention Tax (June 2026): A 5% retention tax on monthly earnings exceeding LKR 100,000 for various professionals, including photographers and IT specialists.
- VAT on Digital Services (July 2026): Imposing an 18% VAT on foreign digital service providers that are not registered in the country, though implementation is still pending.
Additionally, 'Numbers.lk', a data analysis platform, reports that the only significant relief for the public from these tax policies is the increase in the annual income tax exemption threshold, from LKR 1.2 million (monthly LKR 100,000) to LKR 1.8 million (monthly LKR 150,000). This only translates to a maximum tax surplus of LKR 20,500 per taxpayer per month. However, the report underscores the severe tax increases on consumer goods, vehicles, services, financial deposits, and professionals that have occurred during the same period.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

බදු ගහලා, කිසිම සංවර්ධනය නොකර, හොරා කකා ඉන්න විතරක් ආණ්ඩුවක් මොකට ද? ඕක පිටකොටුවේ වෙලේන්දෙකුටත් කරන්න පුළුවන් කියලා කවුරුහරි කිව්වා මතකයි වගේ.
ReplyDelete