රාජ්‍ය ආදායමෙන් 1/3ක් වැටුප් ගෙවන්න යනවා.. තව වැඩි කරන්න කීම හරිම වැරදියි..

 


දිට්වා සුළු කුණාටුවෙන් හානියට පත් නාවලපිටිය-දොළොස්භාගේ, නාවලපිටිය-ගිනිගත්හේන, නාවලපිටිය-දිඹුල යන ප්‍රධාන මාර්ග 03ක් රුපියල් මිලියන 764 ක ප්‍රතිපාදන යොදා සංවර්ධනය කිරීම ආරම්භ කිරීම ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් (26) දින සිදු කෙරිණ.

නාවලපිටිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග තුන මෙම මාර්ග තුන වන අතර, දීර්ඝ කාලයක් පුරා මෙම මාර්ග මාර්ගවල කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොවිය.

ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ වෙන්කළ ප්‍රතිපාදන  වලින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණ යටතේ මෙම කටයුතු සිදුවේ.

මෙහිදි අදහස් දැක්වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, 

“රාජ්‍ය සේවකයන් අරඹා ඇති වර්ජන රැල්ල පිළිබඳ නිවැරදි ලෙස කියවා ගත යුතු බවත්,    2027 වර්ෂයේ සඳහා රජයේ ආදායම ලෙස රුපියල් බිලියන 6230 ක ප්‍රමාණයක්  වන වන අතර, 2027 වසර සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 1400 ක් පමණ දළ වශයෙන් වියදම් කිරීමට සිද්ධ වෙනවා. විශ්‍රාම වැටුප් වෙනුවෙන් තවත් බිලියන 400ක්, දළ වශයෙන් ගත්තහම රාජ්‍ය ආදායමෙන් 1/3 ක් වියදම් කරන්න වෙනවා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් වෙනුවෙන්. තවත් 1/3 ක් මේ වගේ භෞතික සංවර්ධනය වෙනුවෙන් වියදම් කරනවා. අපි ඉතිහාසයේ වැඩිම ආදායම් වර්ධනය කරලා තියෙනවා. 

ඒ වගේම වැටුප් වර්ධනයත් ලබා දීලා තියෙනවා එහෙම තියෙද්දි රාජ්‍ය සේවකයෝ වැටුප් වර්ධනයක් ඉල්ලන එක සාධාරණයිද කියලා හිතල බලන්න ඕන වර්ජන නිසා සංවර්ධනයට වෙන්කරන තුනෙන් එක වියදම් කරගන්නට නොහැකි වෙනවා ඒ සඳහා රාජ්‍ය සේවකයන් වගකියන්න ඕන. මේ සංවර්ධනය බිමට ගිහිල්ලා ආයෝජන ඇති උනොත් තමා රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙන්නේ. ඒ වගේම දළ දේශීය නිෂ්පාදනය වැඩි වූ වහාම වැටුප් වර්ධනය කිරීමේ හැකියාවක් ඇතිවන බව සරල කාරණයක් ලෙස තේරුම් ගත යුතු බවයි.”.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ර තුෂාරි ජයසිංහ, පස් බාගේ කෝරළේ ප්‍රාදේශීය සභාපති මංජුල කරුණාරත්න, ගගඉහළ කෝරළේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර යන මහත්ම මහත්මීන් සහ මහා මාර්ග අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ.

රංජිත් රාජපක්ෂ   





Development of Three Major Roads in Nawalpitiya Commences with Government Funding

The Minister of State for Transport, Prasanna Gunasekara, officially launched the development of three key roads—Nawalpitiya-Dolohbage, Nawalpitiya-Ginigathhena, and Nawalpitiya-Dimbula—on the 26th, with government funding amounting to Rs. 764 million.

These roads serve as the primary access points to Nawalpitiya, yet have remained untouched by significant development activities for an extended period. The Ministry of Highways and Urban Development has allocated this funding, and the road development authority will oversee the project.

Addressing the event, Minister Gunasekara remarked on the current wave of strikes by public sector employees. He emphasized the importance of understanding the government’s financial situation, disclosing that the projected revenue for 2027 is estimated at Rs. 6,230 billion. However, approximately Rs. 1,400 billion will be allocated for state employee salaries, while an additional Rs. 400 billion will be designated for pension payments. This means that one-third of the government’s revenue will go towards salaries and pensions, while another third would be devoted to physical development initiatives. He noted that income growth has reached historical highs.

In light of these developments, Gunasekara questioned the fairness of public sector employees demanding salary increases while the allocation for infrastructure development diminishes due to strikes. He stressed that if investments in development yield positive outcomes, it would ultimately increase the country’s Gross Domestic Product (GDP), providing a pathway for future salary enhancements.

The event also saw the presence of several dignitaries, including Tushari Jayasinghe, the Member of Parliament for the Kandy District, Manjula Karunarathne, the Head of the Passara Pradeshiya Sabha, and Indika Upul Gunasekara, the Chairperson of the Gagihala Pradeshiya Sabha, along with officials from the Ministry of Highways.

Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post