ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව, මෙම වසරේ මුල් මාස නවය තුළ ආනයන වියදම් වේගයෙන් ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳ ශේෂයේ හිඟය අමෙරිකානු ඩොලර් මිලියන 7,911.7 (රුපියල් බිලියන 2,553.3) දක්වා පුළුල් වී තිබේ.
2025 වසරේ අදාළ කාලසීමාව තුළ පැවති ඩොලර් මිලියන 5,174.4ක වෙළෙඳ හිඟය හා සැසඳීමේදී මෙය 52.9%ක පමණ කැපී පෙනෙන ඉහළ යෑමකි.
මහ බැංකු දත්තවලට අනුව 2026 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 10,754.0ක් ලෙස සටහන් වී ඇති අතර, එය පසුගිය වසරේ අදාළ කාලයට (ඩොලර් මිලියන 10,215.1) සාපේක්ෂව 5.3%ක සීමිත වර්ධනයකි. ඊට සාපේක්ෂව එම කාලයේදී සමස්ත ආනයන වියදම ඩොලර් මිලියන 15,389.5 සිට ඩොලර් මිලියන 18,665.7 දක්වා 21.3%කින් ඉහළ ගොස් ඇත.
ආනයන කාණ්ඩ අතරින් ආයෝජන භාණ්ඩ ආනයන 26.0%කින් (ඩොලර් මිලියන 3,709.8), අන්තර් භාණ්ඩ 21.3%කින් (ඩොලර් මිලියන 10,456.2) සහ පාරිභෝගික භාණ්ඩ ආනයන 17.5%කින් (ඩොලර් මිලියන 4,484.6) වර්ධනය වී තිබේ. එමෙන්ම පසුගිය සැප්තැම්බර් මාසයේදී ආනයනික තිරිඟු (24.2%), බොරතෙල් (17.8%), සහල් (10.5%) සහ සීනි (6.5%) යන භාණ්ඩවල ඩොලර් මිල ගණන් පෙර වසරට සාපේක්ෂව ඉහළ යෑම ද ආනයන බිල ඉහළ යෑමට බලපා ඇත.
අපනයන අංශය දෙස බැලීමේදී, කාර්මික අපනයන 6.9%කින් වර්ධනය වුවද (විශේෂයෙන් ඛනිජ තෙල් නිෂ්පාදන අපනයන 52.1%කින් ඉහළ යෑම මත), මෙරට ප්‍රධානතම අපනයන ආදායම් මාර්ගයක් වන රෙදිපිළි සහ ඇඟලුම් අපනයන ආදායම 5.6%කින් (ඩොලර් මිලියන 3,797.0 දක්වා) පහළ වැටී තිබේ. කෘෂිකාර්මික අපනයන ආදායම ද 0.3%කින් අඩු වී ඇති අතර, අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ජනවාරි - සැප්තැම්බර් කාලයේ සමුච්චිත තේ සහ රබර් නිෂ්පාදනය පහළ යෑමත්, සැප්තැම්බර් මාසයේ කොළඹ තේ වෙන්දේසියේ ඩොලර් මිල 7.2%කින් පහත වැටීමත් මීට හේතු වී ඇත. මේ අතර වෙළෙඳ අනුපාත දර්ශකය (Terms of Trade) පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති 87.1 සිට 2026 සැප්තැම්බර් වන විට 84.5 දක්වා පිරිහී තිබේ.
වෙළෙඳ හිඟය පුළුල් වීමත් සමඟ විනිමය අනුපාතිකය මත දැඩි පීඩනයක් එල්ල වී ඇති බව වාර්තාව පෙන්වා දෙයි. 2026 නොවැම්බර් 20 වැනිදා වන විට වසරේ මේ දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 6.9%කින් අවප්‍රමාණය වී ඇති අතර, ඩොලරයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 337.29ක් ලෙස සටහන් විය.
එමෙන්ම ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයේදී සංචාරක පැමිණීම් 1.5%කින් (1,862,304 දක්වා) සහ සංචාරක ඉපැයීම් 8.3%කින් (ඩොලර් මිලියන 2,437.9 දක්වා) පහළ වැටී තිබීම ද විදේශ විනිමය ගලා ඒම් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. කෙසේ වෙතත්, එම කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 16.5%කින් ඉහළ ගොස් ඩොලර් මිලියන 7,600.9ක් වීම බාහිර අංශයට යම් සහනයක් ගෙන දී ඇත.
මේ අතර 2026 ඔක්තෝබර් අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ඩොලර් මිලියන 7,086ක් ලෙස පැවතුණද, ඊට භාවිතයේ කොන්දේසිවලට යටත් චීන මහජන බැංකු (PBOC) විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් බව මහ බැංකු වාර්තාවේ දැක්වේ. තවද, ඉදිරි මාස 12 තුළ විදේශ විනිමය වත්කම්වලින් සිදුවන කෙටිකාලීන ශුද්ධ පිටතට ගලායෑම් යටතේ විදේශ ණය, සුරැකුම්පත් සහ තැන්පතු ආශ්‍රිතව (ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ ගෙවීම් ද ඇතුළුව) ඩොලර් මිලියන 2,173ක ගෙවීම් සහ ඉදිරි විනිමය හුවමාරු ගිවිසුම් ආශ්රිත ඩොලර් මිලියන 3,580ක කෙටි ස්ථාවරයන් පවතින බව 2026 සැප්තැම්බර් අග දත්ත පෙන්නුම් කරයි.
මෙම තත්ත්වය හමුවේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගනිමින් මහ බැංකුව නොවැම්බර් 20 සිට ක්‍රියාත්මක වන පරිදි එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) පදනම් අංක 25කින් 9.00% දක්වා ඉහළ නංවා ඇති අතර, දෙසැම්බර් 09 සිට ක්‍රියාත්මක වන පරිදි වාණිජ බැංකුවල ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 1%කින් 3.00% දක්වා ඉහළ දමා තිබේ.
මේ අතර මූර්ත අංශයේ වර්ධන වේගය ද යම් මන්දගාමී වීමක් පෙන්නුම් කරමින් 2026 දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිත (GDP) වර්ධනය 4.2%ක් දක්වා අඩු වී ඇති අතර (2025 දෙවන කාර්තුව: 5.0%), එහිදී කෘෂිකර්ම අංශය 2.3%කින් හැකිළී තිබේ. එම කාලය තුළ විරැකියා අනුපාතය 3.7% සිට 4.0% දක්වා ඉහළ ගොස් ඇති අතර,
2026 ජුනි අග වන විට මධ්‍යම රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 31,278.43ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Sri Lanka's Trade Deficit Widens Significantly Amid Rising Import Costs
Recent economic data released by the Statistics Department of the Central Bank of Sri Lanka reveals a troubling picture for the nation's trade balance. Over the first nine months of this year, the trade deficit surged to an alarming USD 7,911.7 million (LKR 2,553.3 billion), driven largely by a rapid increase in import expenses.
This figure marks a staggering 52.9% rise when compared to the trade deficit of USD 5,174.4 million recorded during the same period in 2025.
According to central bank statistics, total export earnings from January to September 2026 amounted to USD 10,754.0 million, reflecting a modest growth of 5.3% over the previous year's earnings of USD 10,215.1 million. In stark contrast, overall import spending soared from USD 15,389.5 million to USD 18,665.7 million, representing a dramatic 21.3% increase.
Breaking down the import categories, investment goods saw a considerable rise of 26.0% (USD 3,709.8 million), followed by intermediate goods at 21.3% (USD 10,456.2 million), and consumer goods at 17.5% (USD 4,484.6 million). Notably, prices for imported commodities such as flour (24.2%), oil (17.8%), rice (10.5%), and sugar (6.5%) increased significantly compared to the previous year, further inflating the import expenditure.
On the export side, while industrial exports experienced a 6.9% growth—primarily due to a remarkable 52.1% increase in mineral oil product exports—the critical textile and garment sector saw a decline of 5.6%, totaling USD 3,797.0 million. Additionally, agricultural export revenue fell by 0.3%, hampered by adverse weather conditions that affected combined tea and rubber production. This was compounded by a 7.2% drop in the Colombo tea auction prices during September.
The trade balance has exerted considerable pressure on the exchange rate, as evidenced by recent trends. By November 20, the Sri Lankan rupee had depreciated by 6.9% against the US dollar this year, with an average selling price of LKR 337.29 per dollar.
Tourism also faced challenges during this period, with arrivals declining by 1.5% (reaching 1,862,304) and tourist expenditures dropping by 8.3% (to USD 2,437.9 million). However, on a positive note, remittances from foreign service workers surged by 16.5%, reaching USD 7,600.9 million, providing some relief to the foreign exchange inflows.
As of the end of October 2026, Sri Lanka's official foreign exchange reserves stood at USD 7,086 million, which includes swap facilities from the People's Bank of China (PBOC). The central bank report also indicates upcoming short-term outflows of USD 2,173 million related to foreign debt, bonds, and deposits, along with USD 3,580 million in future foreign exchange contracts expected within the next 12 months.
In response to these economic pressures, the Central Bank has tightened its monetary policy, raising the Overnight Policy Rate (OPR) by 25 basis points to 9.00% effective November 20, and increasing the Statutory Reserve Ratio (SRR) by 1% to 3.00% as of December 09.
Moreover, growth in the real sector appears to be slowing, with GDP growth in the second quarter of 2026 dropping to 4.2% from 5.0% in the second quarter of 2025. The agricultural sector contracted by 2.3% during this period, while the unemployment rate rose from 3.7% to 4.0%.
The Central Bank report further indicates that the total public debt of the central government surged to LKR 31,278.43 billion by the end of June 2026, highlighting the ongoing fiscal challenges facing the nation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කවුරුත් ඇහුවොත් කියන්න එපා බිලියන 7 යි කියල. ලැජ්ජයි, බිලියන 7ක් කියන්නේ මොකක්ද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
ReplyDelete