රත්නපුරේ ලොකු අනතුරක්.. 17ක් රෝහලේ.. පහක් බරපතලයි..


 රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේදී අද (27) බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

රත්නපුර - අවිස්සාවේල්ල මාර්ගයේදී අවිස්සාවේල්ල සිට රත්නපුර දෙසට ධාවනය වූ බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ 16 දෙනාම ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. 

රෝහල්ගත කර සිටින පිරිසෙන් පස් දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන අතර, සෙසු 11 දෙනා සුළු තුවාල ලබා ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.





Major Bus Accident in Ratnapura Leaves 16 Injured, Five in Critical Condition

A serious accident involving a bus and a tipper truck in the Hidellana area of Ratnapura today (27) has resulted in injuries to 16 individuals, five of whom are reported to be in critical condition.

The incident occurred on the Ratnapura – Avissawella road when a bus traveling towards Ratnapura collided head-on with a tipper truck coming from the opposite direction.

All 16 injured have been admitted to the Ratnapura Teaching Hospital for treatment. Among those hospitalized, five people are in critical condition, while police indicate that the remaining 11 suffered minor injuries.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post