එළඹෙන නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට නියමිත රාජ්‍ය සේවකයින්ගේ දීපව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සහාය ලබා දීමටත්, එදින සිට ආරම්භ වන සතිය මෙරට රෝහල් පද්ධතියේ ‘කළු සතියක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඒකමතිකව තීරණය කර තිබේ.
අද (27) පැවති එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර, සංගමයේ ලේකම් වෛද්‍ය යු.කේ.බී. වරකාගොඩ මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව දැනුම් දී ඇත.
මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ සෙසු තීරණ අතරට ආගමික නායකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින්, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කර දැනුවත් කිරීම, අත්පත්‍රිකා බෙදීම හා මහජනතාව දැනුවත් කිරීම අඛණ්ඩව සිදු කිරීම ඇතුළත් වේ.
එමෙන්ම සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ යහපත් ප්‍රතිචාරයක් නොමැති නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කිරීමටත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කැඳවීමේ හා පවත්වාගෙන යාමේ බලය විධායක කමිටුවට පැවරීමටත් එහිදී තීරණය කර තිබේ.
ආර්ථික අසාධාරණය සහ අයහපත් වෘත්තීය පරිසරය හේතුවෙන් වෛද්‍යවරුන් රටට අහිමි වෙමින් පවතින පසුබිමක මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතියේ අනාගතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
වෛද්‍යවරුන්ගේ, රෝහල් පද්ධතියේ සහ සෞඛ්‍ය සේවාවේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයාගෙන් පස් වතාවක්, අග්‍රාමාත්‍යවරියගෙන් දෙවතාවක් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් තෙවතාවක් අවස්ථාව ඉල්ලා සිටිය ද මෙතෙක් සාකච්ඡාවක් හෝ ලබා නොදීම කණගාටුදායක තත්ත්වයක් බව එම සංගමය පෙන්වා දෙයි. දිගින් දිගටම සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් රජය විසින් හිතාමතාම වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත තල්ලු කරන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද සංගමය සඳහන් කරයි.
මේ අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ඔස්සේ ඇතිවන ප්රවණතා හා ප්‍රගතිය සමාලෝචනය කරමින් ඉල්ලීම් දිනා ගැනීම සඳහා ගත යුතු දැඩි ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගැනීමට එළඹෙන දෙසැම්බර් මස 15 වැනිදා හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට ද තීරණය කර ඇත.
විසඳුම් ලබා දීම ප්‍රමාද කරන සෑම මොහොතකම අර්බුදය තවදුරටත් උග්‍ර වී එහි අවසන් ප්‍රතිවිපාක සමස්ත ජනතාවට විඳීමට සිදුවන බවත්, වෛද්‍යවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමේ වගකීම රජය භාරගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
Government Medical Officers' Association Supports Nationwide Trade Union Action
The Government Medical Officers' Association (GMOA) has officially announced its decision to support a nationwide trade union action scheduled for November 30th. This development was confirmed on November 27th, as the organization prepares to express solidarity with the initiative.
Prior to the announcement, Dr. Chamil Wijesinghe, the Assistant Secretary of the GMOA, mentioned that the final decision regarding their involvement would depend on a meeting of the central committee. This gathering, he stated, would be crucial in determining the association's stance and level of participation in the upcoming protests.
Reports suggest that the central committee convened today, resulting in a unanimous agreement to extend their support for the forthcoming trade union activities.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.