2026 මුල් මාස හයට විදෙස් ණය ඩොලර් මිලියන 913ක් අරන්..


 මෙම වසරේ (2024) ජනවාරි සිට ජූනි දක්වා වූ මුල් මාස හයක කාලය තුළදී විවිධ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා හවුල්කරුවන්ගෙන් ශ්‍රී ලංකා රජය ලබාගෙන ඇති සමස්ත විදේශ ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 913.03ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාවක් සදහන්ය.

මුදල් අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද ‘වර්ෂය මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට’ අනුව, මෙලෙස ලබාගත් සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් සියයට 77ක පමණ අතිමහත් බහුතරයක් වෙන් කර ඇත්තේ මෙරට අයවැය පරතරය පියවා ගැනීමේ සහාය වෙනුවෙනි.

වාර්තාවට අනුව, මෙරටට ලැබුණු සමස්ත විදේශ ණය අතුරින් ඉහළම දායකත්වය ලැබී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනි. ශ්‍රී ලංකාව සමඟ ක්‍රියාත්මක ‘විස්තීර්ණ අරමුදල් පහසුකම’ (EFF) යටතේ හිමි වූ වාරික මුදල් ඊට ඇතුළත් වන අතර, එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 695.14කි. එය මුල් මාස හයේදී ලබාගත් මුළු විදෙස් ණය ප්‍රමාණයෙන් සියයට 76.1ක ප්‍රතිශතයකි.

මීට අමතරව දෙවැනියට වැඩිම ණය මුදලක් ලබාදී ඇත්තේ ලෝක බැංකුව විසිනි. එම මුදල ඩොලර් මිලියන 96.3ක් (10.5%) වන අතර, ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් ඩොලර් මිලියන 66.32ක (7.3%) ණය මුදලක් ලබාදී ඇත





Sri Lanka's Foreign Loans Surge to $913.03 Million in First Half of 2024

In an encouraging development for Sri Lanka's economy, the government has successfully secured a total of $913.03 million in foreign loans from various international development partners between January and June 2024, according to a recent report from the Ministry of Finance and Planning.

The 'Mid-Year Report on State Financial Status' released by the Ministry reveals that a remarkable 77% of this amount has been earmarked for bridging the budget deficit, underscoring the critical nature of external funding in stabilizing the country’s fiscal situation.

The International Monetary Fund (IMF) has emerged as the largest contributor, with allocations under the Extended Fund Facility (EFF) amounting to $695.14 million. This significant injection represents about 76.1% of the total foreign loans received in the first half of the year.

Furthermore, the World Bank has provided the second-largest financial support, contributing $96.3 million, which accounts for approximately 10.5% of the overall foreign loans. Meanwhile, the Asian Development Bank (ADB) has also played a crucial role, disbursing $66.32 million, translating to 7.3% of the total funding received.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. ණයක් අරං කන්න දෙන්න ආණ්ඩු ඔ්නැයෑ ... කවුරුහරි එහෙම කිව්ව මතකයි

    ReplyDelete
Previous Post Next Post