සරසවි ආචාර්වරුන්ගෙන් රජයට බිලියන 30ක් පොලු තියයි...


සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගිවිසුම් හා බැඳුම්කර කඩකළ කථිකාචාර්යවරුන්ගෙන් අයකර ගත යුතු මුදල මේ වන විට රුපියල් බිලියන 30කට ආසන්න විය හැකි බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය විය.

බැඳුම්කර කඩකර විදේශගත වූ පුද්ගලයන්ගෙන් අදාළ මුදල් අයකර ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව මෙන්ම, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින මෙවැනි තත්ත්වයන් පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමේ වැදගත්කම ද කාරක සභාව විසින් නිලධාරීන්ට අවධාරණය කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) රැස්වීමේදී ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණන වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව විමසා බැලීමේදී මෙම කරුණු අනාවරණය විය.

විශ්වවිද්‍යාලයේ මූල්‍ය කළමනාකරණය, පරිපාලන ක්‍රියාවලිය සහ ආයතනික කාර්යසාධනය සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ඒවා නිවැරදි කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා වූ අතර, විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මූල්‍ය කටයුතු විධිමත් කරමින් වගවීම හා විනිවිදභාවය තහවුරු කිරීම සහ ආයතනික කාර්යසාධනය ඉහළ නැංවීමේ අවශ්‍යතාව කාරක සභා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

විශ්වවිද්‍යාලයේ පාලන හා විගණන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද කරුණු රැසක් අනාවරණය විය. විශ්වවිද්‍යාලයට වාර්ෂිකව රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් රජයෙන් ලැබුණ ද, විගණන හා කළමනාකරණ කමිටුවේ භාණ්ඩාගාර නියෝජිතයෙකු නොමැති වීම පිළිබඳව කාරක සභාවේ අවධානය යොමු විය.එමෙන්ම, අභ්‍යන්තර විගණන ඒකකයේ පවතින පුරප්පාඩු සහ මූල්‍ය කටයුතුවලට සෘජුව සම්බන්ධ වූ නිලධාරියෙකු ප්‍රධාන අභ්‍යන්තර විගණක ලෙස කටයුතු කිරීම (ජ්‍යෙෂ්ඨ සහකාර අභ්‍යන්තර විගණක)  හේතුවෙන් ලැබැදියාවන් අතර ගැටුමක් ඇති විය හැකි බව ද කාරක සභාව විසින් නිලධාරීන්ට පෙන්වා දෙන ලදී.

අධ්‍යයන සුදුසුකම් හා පදවි උසස්වීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබු  පරස්පර සහතික පත්‍ර, මූලික සුදුසුකම් පිළිබඳ ගැටලු සහ අදාළ නිලධාරීන්ගේ පුද්ගලික ලිපිගොනු අතුරුදහන් වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මේ සම්බන්ධයෙන් සිසුන් හා දෙමාපියන් ඉදිරිපත් කළ පැමිණිලි සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් සිදු කළ විමර්ශනවලදී මතුවූ කරුණු ද සලකා බැලිණි. අදාළ චෝදනා හා පැමිණිලි සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත පූර්ණ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභා සභාපතිවරයා උපදෙස් දුන්නේය.

අධ්‍යයන නිවාඩු සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් ද විගණන නිරීක්ෂණ ඉදිරිපත් වී තිබුණි . පරිවාස කාලයේ සිටි කථිකාචාර්යවරයෙකුට ලබා දුන් අධ්‍යයන නිවාඩු ගණනය කිරීමේදී සිදු වූ දෝෂයක් පිළිබඳව ද මෙහිදී අනාවරණය විය. එමෙන්ම, මැතිවරණයකට ඉදිරිපත් වීම සඳහා ඉල්ලා අස්වී නැවත සේවයට පැමිණි කථිකාචාර්යවරියකට රුපියල් 3,633,900ක මුදලක් වැඩිපුර ගෙවා ඇති බව හෙළි වූ අතර, එම මුදල අයකර ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස කාරක සභාව උපදෙස් ලබා දෙන ලදී. 

ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අක්‍රමිකතා රැසක් අනාවරණය විය. වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කර නොමැති බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශන කමිටුව නිර්දේශ කර තිබූ විනය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි.

සහායක කාර්ය මණ්ඩලයේ 38 දෙනෙකු ඇඟිලි සලකුණු යන්ත්‍ර පද්ධතිය මඟහැර ක්‍රියාකර ඇති අතර, වාර්ෂික නිවාඩු හිමිකම ඉක්මවා දින 5 සිට 83.5 දක්වා වැඩිපුර  නිවාඩු ලබාගෙන ඇති බව ද අනාවරණය විය. මේ හේතුවෙන් ගෙවා ඇති රුපියල් 99,181,457ක වැටුප් මුදල නිරවුල් කිරීමට හෝ අයකර ගැනීමට හෝ පියවර ගෙන නොමැති බව ද මෙහිදී හෙළි විය. සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පැමිණීම තහවුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් යුතු ජෛවමිතික පද්ධතියක් අනිවාර්ය කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.

විශ්‍රාමික සහ සේවය හැරගිය පුද්ගලයන්ගෙන් මෙන්ම සේවයේ නියුතු සේවකයන්ගෙන් ද අයකර ගැනීමට ඇති අනෙකුත් හිඟ මුදල් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එම මුදල් සම්බන්ධයෙන් පවතින ලේඛන අතුරුදහන් වීම සඳහා සිවිල් යුද්ධය, සුනාමි ව්‍යසනය සහ ගංවතුර වැනි හේතු ඉදිරිපත් කිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයා සිය අප්‍රසාදය පළ කළ අතර, පාර්ලිමේන්තු කාරක සභාවට නිවැරදි හා වගකීම් සහගත තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

විශ්වවිද්‍යාල පාලක සභාවල ස්වාධීනත්වය මූල්‍ය හා පරිපාලන වගකීම් මඟහැරීමට හේතුවක් කර නොගත යුතු බව අවධාරණය කළ කාරක සභාව, රාජ්‍ය මුදල් භාවිත කරන විශ්වවිද්‍යාල රාජ්‍ය මූල්‍ය විනයට යටත් විය යුතු බව ද පෙන්වා දුන්නේය. පාලක සභාවල අක්‍රමිකතා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මැදිහත් වී තීරණ ගැනීමට හැකිවන පරිදි 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙන ලදී.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මුජිබුර් රහුමාන්, අබූබකර් අතම්බාවා, වෛද්‍ය එස්. ශ්‍රී බවානන්දරාජා, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, ජගත් මනුවරණ, රුවන් මාපලගම, සුනිල් රාජපක්ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම්, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි සහ දිනේෂ් හේමන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






University System Faces Financial Crisis Amid Contract Violations

The Committee on Public Enterprises (COPE) revealed that the amount due from lecturers who breached contracts and agreements within the university system could reach nearly 30 billion rupees. This disclosure emerged during a recent parliamentary meeting chaired by Member of Parliament Dr. Nishantha Samarawickrama, where detailed examinations of financial reports concerning the Eastern University of Sri Lanka for the years 2023 and 2024 were conducted.

There is an urgent need for the establishment of systematic procedures to recover funds from individuals who have absconded after violating their contracts. The committee underscored the importance of directing special attention towards such issues prevalent within the entire university system.

The discussions also delved into the existing challenges related to financial management, administrative processes, and institutional performance of the university. Emphasizing the necessity for accountability, transparency, and improvement in institutional performance, the committee chairman highlighted the need for procedural reforms.

Key issues were brought to light regarding governance and auditing processes within the university. Although the institution receives approximately 3 billion rupees annually from the government, COPE pointed out the absence of a treasury representative within the auditing and management committee. Furthermore, concerns were raised about the lack of a qualified officer to lead the internal audit unit, which could potentially lead to conflicts among stakeholders.

The meeting also addressed several grievances related to academic qualifications and promotions, as well as the reported loss of critical personal records of relevant officials. Complaints from students and parents, along with findings from investigations conducted by the University Grants Commission, were considered. The committee chairman instructed for a comprehensive investigation into the allegations to be completed within three months.

Additionally, reports were presented regarding study leave and service conditions. It was unveiled that there was a miscalculation in the counting of study leaves granted to a lecturer during their probationary period. It also came to light that a sum of 3,633,900 rupees was overpaid to a lecturer who returned to duty after resigning to contest an election, prompting the committee to call for immediate recovery of that amount.

Numerous irregularities surrounding procurement processes were discussed, including a failure to adhere to national procurement guidelines during the purchase of medical equipment, and a lack of disciplinary measures in response to recommendations made by the investigating committee.

Concerns were also raised regarding 38 auxiliary staff members who bypassed the fingerprint attendance system, having taken additional leave beyond their entitled annual leave, resulting in payments amounting to 99,181,457 rupees without appropriate verification or recovery actions. The committee directed that a transparent biometric system be mandated to ensure attendance verification for all academic and non-academic staff.

Further discussions revolved around outstanding amounts due from both retired and currently employed staff. Justifications for missing records included factors such as civil war, tsunami, and flooding, leading the committee chairman to express dissatisfaction. The need for the timely presentation of accurate and accountable information to parliamentary committees was emphasized.

COPE highlighted that the independence of university governing bodies should not be utilized as an excuse to evade financial and administrative responsibilities. Additionally, it was pointed out that universities managing state funds must adhere to government financial regulations. The secretary of the ministry was instructed to promptly submit necessary amendments to the University Act No. 16 of 1978 to facilitate decisive intervention by the University Grants Commission concerning irregularities observed in governing bodies.

Several parliamentarians, including Mujibur Rahuman, Abubakar Athambawa, Dr. S. Sri Bhavanandara, Retired Lieutenant Commander Prageeth Madhuranga, Jagath Manuwarana, Ruwan Mapalagama, Sunil Rajapaksha, Dharmapriya Wijesinghe, Asitha Niroshan Egoda Vithana, Dr. Pathmanathan Sathyalingam, Thilina Samarakoon, Chandima Hettiarachchi, and Dinesh Hemanta, were present at the meeting.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. Ratin panna siyalu dena horu.
    Unge depola thahanam karala addyapanayata viyadam gatha yuthui..

    ReplyDelete
Previous Post Next Post