කිසිදු නීත්‍යනුකූල සුදුසුකමක් නොලද පුද්ගලයන් 40,000කට ආසන්න පිරිසක් වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් දිවයින පුරා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නිරතව සිටින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය අනාවරණය කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩෝ මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙම ව්‍යාජ වෛද්‍යවරුන් රෝගීන් සඳහා නිසි පාලනයකින් තොරව ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීම හේතුවෙන් මෙරට ජනගහනය තුළ ‘ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය’ සීඝ්රයෙන් ඉහළ යාමේ බරපතළ ඛේදවාචකයක් නිර්මාණය වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.
මෙරට ප්‍රතිජීවක භාවිතය මේ වන විට අතිශය අනතුරුදායක මට්ටමකට ළඟා වී ඇති බවත්, සැබෑ අවශ්‍යතාවක් නොමැති අවස්ථාවලදී පවා රෝගීන් සිය හිතුමනාපයට ෆාමසිවලින් ප්‍රතිජීවක ලබාගැනීම, වෛද්‍යවරුන්ගෙන් බලපෑම් කර ඒවා ඉල්ලා සිටීම මෙන්ම ඇතැම් වෛද්‍යවරුන් රෝගීන්ගේ ඉල්ලීම මත ඒවා නිර්දේශ කිරීම ද මීට හේතු වී තිබේ.
ඊට අමතරව, කිසිදු වෛද්‍ය අධ්‍යාපනයක් නොමැති මෙම ව්‍යාජ වෘත්තිකයන් අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ලබාදීම තත්ත්වය තවත් උග්‍ර කර ඇත. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත්, සාමාන්‍ය බැක්ටීරියා ආසාදන සඳහා පවා ප්‍රතිකාර කිරීමට ඖෂධ නොමැති තත්ත්වයක් අනාගතයේදී උද්ගත විය හැකි අතර, දැනටමත් උග්‍ර නියුමෝනියා තත්ත්වයන්හිදී ඇතැම් ප්‍රතිජීවක ඖෂධ ක්‍රියාත්මක නොවන ගැටලු මතුව ඇති බව වෛද්‍යවරයා අනතුරු ඇඟවීය.
කෙසේ වෙතත්, අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව ඉහළ මට්ටමක පවතින බවත්, මාතෘ හා ළදරු මරණ අනුපාතය සැලකිය යුතු ලෙස අවම කර ගැනීමට මහජන සෞඛ්‍ය ක්ෂේත්රයේ කැපවීම හේතුවෙන් හැකි වී ඇති බවත් මෙහිදී සිහිපත් කෙරිණි.
විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත සමයේදී විද්‍යාත්මක දත්ත මත පදනම්ව ගත් තාක්ෂණික හා ප්‍රතිපත්තිමය තීරණ මෙරට සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ඉවහල් විය.
රෝගීන් සඳහා වන සහන සත්කාරක සේවාවන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවට සාර්ථකව ඒකාබද්ධ කළ කලාපයේ පළමු රට ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී ඇති අතර, ඒ සඳහා සායනික මාර්ගෝපදේශ හඳුන්වා දී තිබේ. මීට අමතරව, කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ජංගම යෙදවුම් හරහා මුඛ පිළිකා රෝගීන් කල්තියා හඳුනා ගැනීමේ විශේෂ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වේ.
මහජනතාව සෞඛ්‍ය සම්පන්නව බලගැන්වීමේ අරමුණින් ඉදිරි 2027 වර්ෂය "ජාතික සෞඛ්‍ය බලගැන්වීමේ වසර"ලෙස නම් කර ඇති අතර, විද්‍යාත්මක හා නිවැරදි සෞඛ්‍ය තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කිරීම සඳහා මාධ්‍යවේදීන් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට ද සංගමය පියවර ගනිමින් සිටියි.
Concerns Rise Over Unqualified Practitioners Misrepresenting as Doctors in Sri Lanka
Approximately 40,000 individuals without any legal medical qualifications are posing as doctors while providing treatment across Sri Lanka, a revelation made by the Sri Lanka Public Health Specialists' Association. This alarming information was disclosed during a media briefing held by the association's president, Dr. Ruwan Ferdinando.
These unqualified "physicians" are accused of dispensing antibiotics without appropriate supervision, contributing to a steep rise in antibiotic resistance among the population. Dr. Ferdinando emphasized that this issue poses a serious threat to public health.
He pointed out that the current level of antibiotic use in the country has reached an extremely dangerous point, with patients obtaining prescriptions from pharmacies even when they are unnecessary. There are also cases where some practitioners yield to patients' pressures to prescribe antibiotics, exacerbating the problem.
Moreover, the situation is worsened by these impostors administering antibiotics without any formal medical training. If this trend continues, Sri Lanka could find itself in a position where effective treatments are unavailable for common bacterial infections, potentially leading to dire consequences, particularly in cases of severe pneumonia where existing antibiotic treatments are already failing.
On a positive note, Dr. Ferdinando highlighted that Sri Lanka has maintained a high life expectancy compared to other developing countries. This achievement can be attributed to significant public health initiatives that have notably reduced maternal and child mortality rates.
During the COVID-19 pandemic, well-informed policy and technical decisions based on scientific data significantly strengthened the country’s health system. Sri Lanka has been recognized internationally as the first country in its region to successfully integrate palliative care services into primary health care, thanks to the introduction of clinical guidelines. In addition, a special project focused on identifying oral cancer patients via mobile applications has been implemented in Colombo.
To promote public health, the year 2027 has been declared "National Health Empowerment Year." The association is also taking steps to develop a series of special guidelines for media personnel to effectively communicate accurate health information to the public.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
ReplyDeleteමම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮
කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮