පානීය ජලය පිරිපහදු කිරීම සඳහා භාවිත කරනු ලබනHydrated lime රසායනික ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 37 ක තොගයක් භාවිතයට ගැනීම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් තාවකාලිකව අත්හිටුවා ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරයි.
මණ්ඩලයේ මධ්‍යම රසායනාගාරය මගින් සිදුකරන ලද අභ්‍යන්තර තත්ත්ව පරීක්ෂාවකදී, අදාළ රසායනික තොගයේ අඩංගු ක්‍රෝමියම් ප්‍රතිශතය නිර්දේශිත ප්‍රමිතියට වඩා සියයට 58 කින් ඉහළ මට්ටමක පැවතීම මෙම තීරණයට හේතු වී තිබේ.
මෙම රසායනිකය සම්බන්ධයෙන් නිකුත් වූ රසායනාගාර වාර්තාවට අනුව, එහි අඩංගු විය යුතු උපරිම ක්‍රෝමියම් ප්‍රමාණය කිලෝග්රෑමයකට මිලිග්‍රෑම් 12ක් වුවද, පරීක්ෂාවට ලක්වූ තොගයේ එම අගය කිලෝග්රෑමයකට මිලිග්‍රෑම් 19ක් දක්වා ඉහළ ගොස් තිබූ බව අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම අදාළ සැපයුම්කරුගෙන් වන්දි හෝ අලාභ අයකර ගැනීම පිළිබඳව නිර්දේශ ලබාගැනීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ විශේෂඥයන් සහ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඒ.එම්.පී.සී.ටී. බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරය මගින් මෙම තොගය සම්බන්ධයෙන් සිදුකරන ලද දෙවන පරීක්ෂණයේදී එහි ක්‍රෝමියම් මට්ටම කිලෝග්රෑමයකට මිලිග්‍රෑම් 11ක් ලෙස සාමාන්‍ය අගයක සටහන්ව තිබුණද, පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස එම තොගය ජල පිරිපහදු කටයුතු සඳහා යොදා නොගත් බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. තවද, මේ වන විට ජල පිරිපහදු කටයුතු වෙනත් ආරක්ෂිත රසායනික තොගයක් මගින් අඛණ්ඩව සිදුකරන බවද ඔහු තහවුරු කළේය.
මේ පිළිබඳව අදහස් දැක්වූ ජල සම්පාදන මණ්ඩලයේ විශ්‍රාමික ජල පිරිපහදු විශේෂඥ නිහාල් රත්නායක මහතා සඳහන් කළේ, සාමාන්‍යයෙන් ජලය පිරිපහදු කිරීමේදී ලීටරයකට යොදනු ලබන්නේ හයිඩ්රේටඩ් ලයිම් මිලිග්‍රෑම් 5ක් වැනි ඉතාමත්ම සුළු ප්‍රමාණයක් බවයි. කිසිදු විකල්පයක් නොමැති හදිසි අවස්ථාවකදී මෙවැනි තොගයක් කෙටි කලක් සඳහා භාවිත කළ හැකි වුවද, අඛණ්ඩව භාවිතයට ගැනීම නුසුදුසු බව හෙතෙම පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පානීය ජලයේ ගුණාත්මකභාවය සහතික කිරීම උදෙසා යුරෝපීය ප්‍රමිතීන්ට සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූල ප්‍රමිතිය භාවිත කරනු ලබයි. එමෙන්ම ජලයේ සහ අපජලයේ ප්‍රමිතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතුව දිවයින පුරා විහිදුණු රසායනාගාර 36 ක ජාලයක් ක්‍රියාත්මක වේ.
Suspension of Hydrated Lime Use for Water Purification in Sri Lanka
The National Water Supply and Drainage Board of Sri Lanka has temporarily halted the use of a 37-metric ton batch of hydrated lime, a chemical used for drinking water purification, as reported by the Sunday Times.
This decision follows an internal quality assessment conducted by the Board's central laboratory, which revealed that the chromium content in the chemical batch exceeded the recommended standards by a staggering 58 percent.
According to a laboratory report, the maximum permissible chromium level in the chemical should be 12 milligrams per kilogram. However, the tested batch recorded levels soaring up to 19 milligrams per kilogram, raising significant health concerns.
To determine further actions and evaluate the possibility of claiming compensation or losses from the supplier, the Board has established a special committee comprising experts and two university professors, as announced by the Board’s Chairman, A. M. P. C. T. Bandara.
In a subsequent examination by the testing laboratory of the Sri Lanka Standards Institution, the chromium levels were measured at a more acceptable 11 milligrams per kilogram. Nonetheless, the Chairman emphasized that this batch has not been utilized in water purification as a precautionary measure. He also confirmed that water purification operations are currently being conducted using other safe chemical batches.
Nihal Rathnayake, a retired water purification specialist at the Board, remarked that typically only about 5 milligrams of hydrated lime per liter is used for water treatment. While the batch could potentially be used in emergencies for a short period, continuous use would be inappropriate, he advised.
To ensure the quality of drinking water in Sri Lanka, European standards and recommendations from the World Health Organization are strictly adhered to. Additionally, the National Water Supply and Drainage Board operates a network of 36 laboratories across the island dedicated to the continuous monitoring of water and waste water quality.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
