ඩීසල් ලීටරයකට 70ක් පෙට‍්‍රල් ලීටරයකට 20ක් ආණ්ඩුව අතින් දානවා...- ජනපති


 2022 වසරේදී රුපියල් බිලියන 700ක බැංකු අයිරාවකින් පවත්වාගෙන ගිය මහා භාණ්ඩාගාර ගිණුම, මේ වන විට රුපියල් බිලියන 500ක පමණ තැන්පතුවක් සහිතව පවත්වාගෙන යාමට වත්මන් රජය සමත් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

‘අයවැය සහ වැඩකරන ජනතාව’ යන මැයෙන් පැවති වෘත්තීය සමිති නියෝජිත හමුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

රජය සතුව මේ වන විට රුපියල් බිලියන 500ත් 600ත් අතර මුදල් සංචිතයක් පවතින බැවින්, අතීතයේ මෙන් මූල්‍ය වෙළෙඳපොළේ බලපෑම්වලට යටත්ව අධික පොලී අනුපාත යටතේ ණය ගැනීමට රජයට සිදු නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී රජය අපේක්ෂා කරන පොලී සීමාවට වඩා වැඩි පොලියක් ඉල්ලා සිටින්නේ නම් එම ණය ප්‍රතික්ෂේප කර රජය සතු මුදල් වැය කිරීමට පියවර ගන්නා බවත්, ඒ හරහා අද වන විට මූල්‍ය වෙළෙඳපොළ පාලනය කිරීමට රජයට හැකියාව ලැබී ඇති බවත් ඔහු පැවසීය.

රජය සතුව පවතින මෙම මූල්‍ය ශක්තිය හේතුවෙන් ජනතාවට සහන සැලසීමට හැකි වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගිය අවස්ථාවේ අප්‍රේල් මාසයේ සිට මාස පහක කාලයක් ඩීසල් ලීටරයකට රුපියල් 100 බැගින් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 බැගින් රජයෙන් ගෙවා රුපියල් බිලියන 60ක සහනාධාරයක් ලබා දුන් බව ප්‍රකාශ කළේය. යුද ගැටුම් උත්සන්න වීමත් සමඟ යළිත් තෙල් මිල ඉහළ යාම හමුවේ අද වන විටත් ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක් රජය විසින් ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම ‘දිට්වා’ සුළි කුණාටු අවස්ථාවේදී අයවැයෙන් වෙන් කළ කිසිදු මුදලක් කප්පාදු නොකර එම වියදම් දැරීමටත්, ඉදිරි වසරේ ඇතිවිය හැකි ‘එල් නිනෝ’ තත්ත්වයකට මුහුණ දීම සඳහා මුදල් වෙන් කර තැබීමටත් මෙම සංචිත ඉවහල් වූ බව ජනාධිපතිවරයා පැවසීය.

රජය සතුව මුදල් ඇත්නම් වැටුප් වැඩි නොකරන්නේ මන්දැයි ඇතැමුන් ප්‍රශ්න කළ ද, ආණ්ඩුවක් පවත්වාගෙන යාමේදී හදිසි අවස්ථා සහ අනපේක්ෂිත අර්බුද කළමනාකරණය කිරීම සඳහා සංචිත පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

දැරිය නොහැකි මට්ටමින් ඉල්ලීම් ඉදිරිපත් කර රාජ්‍ය වියදම් ඉහළ නංවා අයවැයට බරක් ඇති කිරීම හරහා රජය අර්බුදයකට තල්ලු කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව පැවසූ ජනාධිපතිවරයා, රජයට දැරිය හැකි උපරිම සීමාවෙන් සහන ලබා දී ඇති බවත්, එවැනි උගුලක වැටී රට යළි අර්බුදයකට ඇද දැමීමට රජය කිසිසේත් සූදානම් නොමැති බවත් වැඩිදුරටත් කියා සිටියේය.





Sri Lanka's Financial Resilience: President Discloses Government’s Stable Cash Reserve

The Sri Lankan government has reportedly managed to sustain a substantial cash reserve of approximately 500 billion rupees, down from the 700 billion rupees held in the national treasury during 2022. President Anura Kumara Dissanayake shared this encouraging news during a meeting with representatives from various trade unions, emphasizing the government's financial adaptability.

Highlighting the current cash reserves, which amount to between 500 and 600 billion rupees, the President noted that the government is now in a position to avoid taking loans at high interest rates, as had been commonplace in the past due to market pressures. Should the government be offered loans at interest rates exceeding expected thresholds upon the issuance of treasury bills, it would decline those offers, thereby allowing for prudent financial expenditure and effective management of the monetary market.

The financial strength demonstrated by the government has permitted it to extend relief to the public. In April, amid surging global oil prices, the administration provided 60 billion rupees in financial assistance, subsidizing diesel by 100 rupees per litre and petrol by 20 rupees for a period of five months. With escalating oil prices due to renewed global conflicts, President Dissanayake confirmed that the subsidy currently stands at 70 rupees per litre for diesel.

Additionally, the President reassured that during natural disasters, such as the recent “Ditwa” cyclone, no budgetary allocations were cut. Instead, necessary funding was retained to address future challenges, including potential El Niño conditions next year.

Addressing concerns raised about the lack of wage increases despite the available finances, he stressed the importance of maintaining a robust reserve for managing unforeseen crises and ensuring the stability of the administration.

President Dissanayake cautioned against excessive demands that could lead to inflated state expenditures and ultimately threaten the government's fiscal stability. He affirmed the administration's commitment to providing assistance within sustainable limits, firmly rejecting any notions of jeopardizing the nation's financial integrity through reckless spending.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. මේ වගේ පච කියන ජනාධිපති කෙනෙක් මගේ ජීවිතේටම දැකලා නැ.

    ReplyDelete
  2. නූතන එළාරයා, ඩබල් පොකට්, අඩු කුලේ ත්‍රස්තවාදී, දේශ ද්‍රෝහී, වැඩ බැරි, කයියනායක, රොඩී ජෙප්පා 😡🤮 මූ තවමත් ජනතාවට කෝචෝක් දාන ඒකමයි කරන්නේ, අපේ ඉවසීම අවභාවිත කරමින්, පාහර බල්ලා 🤮🤮🤮😡

    තොපේ කූඨ සැලසුම් ක්‍රියාත්මක කරන්න ගිහින් බන්ධනාගාර කොමසාරිස් ප්‍රධාන වැරදි කාරයා උනා. තොපි හත්පොලේ ගාගෙන හැමදේම අනාගෙන අපේ රට, දැය, සමය හැම අතින්ම විනාශ මුඛයට ඇදගෙන යනවා 😡🤮 තව දුරටත් බොරුවෙන්ම ජය ගන්න උත්සාහ නොකර තොපේ නොහැකියාව පිළිඅරගෙන පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව් 😡 මාලිමා වහන්තරාවට මුවා වෙලා බොරු කියලා බලයට ඇවිත් ජනතා විරෝධී අන, පනත්, ව්‍යවස්ථා සංශෝධන කරමින් තොපි ගෙනියන සැලසුම් මේ උතුම් බුද්ධ භූමියේ තොපිට ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නෑ. අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වී කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයම නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡
    ඔටුණු පැළඳ සිටියත් සිහසුනේ මත,
    ඔබ ගොං රජෙකි මේ මහ ගොං රැළට හිත,
    අදැමිටු, කුහක, පාදඩ කම් නිමක් නැත,
    ඔබ වැනි අමනයෙක් සිරි ලක හිටියේ නැත (උපුටා ගැනීමකි)

    ReplyDelete
  3. අතින් කියන්නෙ උඹේ අතින් වත් උඹේ අම්ම අප්පගෙ බූදලෙන්වත් නෙමෙයිනෙ. අපේම බදු මුදල්නෙ. මේ රටේ ඉන්න ඔක්කොම ඩෝබියො නොවන බව හොඳත දැන ගනින්.

    ReplyDelete
Previous Post Next Post