ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියද මෙරට පාරිභෝගික ජනතාව මත බරක් නොපටවා සහනදායී මිලකට ගෘහස්ථ එල්.පී. ගෑස් සැපයීම වෙනුවෙන් රජය සතු ලිට්රෝ ගෑස් සමාගම මසකට රුපියල් මිලියන 800ක (රුපියල් කෝටි 80ක) පාඩුවක් දරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ලිට්රෝ සමාගම මඟින් සෑම මසකදීම කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලියන දෙකකට (ලක්ෂ 20කට) අධික ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරනු ලබන බවයි.
පසුගිය ඔක්තෝබර් මස අවසානය වන විට ලිට්රෝ සමාගම රුපියල් මිලියන 5,900ක (රුපියල් බිලියන 5.9ක) සමුච්චිත ලාභයක් උපයා තිබූ බව හෙළි කළ අමාත්‍යවරයා, ගෑස් මිල ඉහළ නොදමා සමාගම ලබන එම මාසික පාඩුව එම උපයාගත් ලාභයෙන් පියවා ගනිමින් ජනතාවට ඍජුවම සහන සැලසීමට රජය පියවර ගෙන ඇති බව අවධාරණය කළේය.
මේ අතර, පෞද්ගලික අංශයේ 'ලාෆ්ස්' සමාගම නිසි පරිදි ගෑස් බෙදාහැරීම සිදු නොකිරීම නිසා වෙළෙඳපොළ තුළ ඇතිවූ සැපයුම් හිඟයට විසඳුමක් ලෙස ලිට්රෝ සමාගම තම ආනයන ධාරිතාව විශාල වශයෙන් ඉහළ නංවා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව, මෙම මාසය තුළදී ගෑස් මෙට්‍රික් ටොන් 41,000ක් ආනයනය කර ඇති අතර, ලබන මාසයේදී තවත් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට නියමිතය.
පසුගිය කාලසීමාවේ වෙළෙඳපොළේ ගෑස් හිඟයක් මවාපාමින් ලාෆ්ස් සමාගම අසාධාරණ ලෙස මිල ඉහළ දැමූ බව විවේචනය කළ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, රජය සිදුකළ ඍජු මැදිහත්වීම් සහ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ලාෆ්ස් ගෑස් මිල රුපියල් 745කින් අඩු කිරීමට එම සමාගම එකඟ වූ බවද සභාව හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.
Government's Support for Domestic LP Gas Amid Financial Losses
The Sri Lankan government is currently facing a significant financial setback, incurring a monthly loss of 800 million rupees (approximately 80 million dollars) from Litro Gas, the state-owned supplier of domestic liquefied petroleum (LP) gas. Minister of Trade, Commerce, Food Security, and Cooperative Development Wasantha Samarasinghe highlighted this issue in Parliament, indicating that the rise in global market prices has not been passed on to consumers.
Samarasinghe revealed that Litro Gas has been releasing over two million 12.5-kilogram domestic gas cylinders to the market each month, maintaining supply levels to ensure affordability for the public. As of the end of October, the company reported a cumulative profit of 5.9 billion rupees (around 5.9 million dollars), a figure the government is using to offset the current losses and keep gas prices stable for consumers.
In a move to address the ongoing supply shortage due to the inadequate distribution practices by the private sector firm, Laugfs, Litro Gas has significantly increased its import capacity. The Minister confirmed that during this month alone, the company has imported 41,000 metric tons of gas, with plans to bring in another 40,000 metric tons in the upcoming month.
Furthermore, Minister Samarasinghe criticized Laugfs for artificially inflating gas prices amid the supply crisis. He disclosed that as a result of the government's direct interventions and discussions, Laugfs has agreed to reduce its gas prices by 745 rupees. This collaborative approach aims to stabilize the market and alleviate the burden on consumers during this challenging economic period.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
