මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන සියලුම මහජන සේවාවන්, ලබන නොවැම්බර් මස 23 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.
මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින්, නොවැම්බර් 23 දිනට පෙර ලබා දී තිබූ දෛනික පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ අවස්ථා සංඛ්‍යාව මේ වන විට දෙගුණයකටත් වඩා වැඩි කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව, මීට පෙර පැවති තත්ත්වයට වඩා වැඩි සේවාලාභීන් පිරිසකට දෛනිකව ඉතා කඩිනමින් හා පහසුවෙන් සිය සේවාවන් ඉටුකර ගැනීමට අවස්ථාව හිමිවන බව එම නිවේදනයේ දැක්වේ.
සේවාලාභීන්ට පහත සඳහන් ක්‍රමවේද දෙකෙන් තමන්ට පහසු ඕනෑම එක් ක්‍රමයක් ඔස්සේ දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගත හැකිය:
දුරකථන මාර්ගයෙන්: 011 2 117 116 අංකය ඇමතීමෙන්
මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ: https://dmtappointments.dmt.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන්
මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ, නොවැම්බර් 23 වන දින සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාල පරිශ්‍රය අසල අලුයම සිට අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සේවාලාභීන්ගේ කාලය හා ශ්‍රමය ඉතිරි කර ගැනීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය පමණක් අනුගමනය කරමින් සේවාවන් ලබා ගැනීමට කටයුතු කරන ලෙස කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
New Appointment System for Public Services at Motor Traffic Department
The Motor Traffic Department has announced that all public services offered at its headquarters in Narahenpita will only be available through a pre-appointment system starting from November 23. This decision was disclosed in a special media statement signed by the Commissioner General of Motor Traffic, retired Air Vice Marshal Tushara Pranandu.
In a bid to enhance efficiency in service delivery, the department is increasing the number of daily appointment slots significantly ahead of the November 23 deadline. This initiative aims to ensure that a greater number of service users can access the department's services quickly and conveniently.
The announcement also emphasizes that clients will have the opportunity to book their appointments for specific dates and times through one of two available methods:
1. By calling the telephone hotline: 011 2 117 116
2. Through the online system via the official website: https://dmtappointments.dmt.gov.lk
With the implementation of this new system, the department urges the public to avoid unnecessary waiting in queues near the Narahenpita headquarters from early morning on November 23. This pre-appointment mechanism aims to save time and effort for service users, ensuring a smoother experience in obtaining necessary services.
The Commissioner General has further stressed the importance of adhering strictly to the newly established pre-appointment procedure to facilitate efficient service delivery.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
