මහින්ද උපන් දිනය අදයි.. දැන් 81යි..


 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපතිවරයා මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයෙකු ද වන මහින්ද රාජපක්ෂ මහතාගේ 81 වන ජන්ම දිනය අදට (18) යෙදී තිබේ.

මේ නිමිත්තෙන් එතුමන්ට ආශිර්වාද පතා ආගමික වතාවත් රැසක් සංවිධානය කර ඇත.

 පවුලේ ඥාතීන්, හිතවතුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් මෙම පිංකම් මාලාව සඳහා එක්වීමට නියමිතය.

1945 නොවැම්බර් මස 18 වන දින හම්බන්තොට වීරකැටියේදී උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා, ප්‍රවීණ දේශපාලනඥයෙකු වූ ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ දෙටු පුත්‍රයාය. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා හා තර්ස්ටන් විද්‍යාලවලින් මූලික අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා, පසුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

1970 වසරේ පැවති මහ මැතිවරණයේදී බෙලිඅත්ත ආසනය ජයගනිමින් එවකට පාර්ලිමේන්තුවට තේරී පත් වූ ලාබාලතම මන්ත්‍රීවරයා (අවුරුදු 24 දී) ලෙස ඔහු සිය සක්‍රීය පාර්ලිමේන්තු දේශපාලනය ආරම්භ කළේය.

2004 වසරේදී මෙරට 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතා, 2005 නොවැම්බර් මස පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

එතුමන්ගේ පාලන සමයේ සුවිශේෂීම සන්ධිස්ථානය වන්නේ වසර තිහකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ (LTTE) ත්‍රස්තවාදය 2009 වසරේ මැයි මස 18 වන දින හමුදාමය වශයෙන් සම්පූර්ණයෙන්ම පරාජය කර රට එක්සේසත් කිරීමට දේශපාලන නායකත්වය ලබා දීමයි.

යුද්ධය නිමාවීමෙන් පසු අධිවේගී මාර්ග පද්ධතිය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ සහ කොළඹ වරාය නගරය වැනි දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් එතුමන්ගේ පාලන කාලය තුළ ආරම්භ කෙරිණි.

2015 ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීමෙන් අනතුරුව නැවතත් විපක්ෂ නායකවරයා ලෙසත්, පසුව 2019 සහ 2020 වසරවලදී පිහිටුවූ රජයන්හි අග්‍රාමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා, මෙරට දේශපාලන ඉතිහාසයේ වැඩිම ජනතා ආකර්ෂණයක් සහ දැඩි විවේචනයන් එකවර දිනාගත්, අඩ සියවසකට අධික සක්‍රීය දේශපාලන දිවියක් හිමි ප්‍රබලතම නායකයෙකු ලෙස ඉතිහාසගත වේ.

තම පියාගේ උපන් දිනය වෙනුවන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා රක්‍ෂිත බන්ධනාගාරගතව සිටිමින් තම සමාජ ජාල ගිණුමේ පල කර ඇති උපන් දින සුබ බැතුම මෙසේය. 

මගේ ආදරණීය තාත්තාට, 

ආදරණීය තාත්තේ, 

මේ වසරේ ඔබගේ උපන්දිනය වෙනුවෙන්, ඔබ අසලින් සිටිමින් ඔබට සුබ පතන්නට නොහැකි ව පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් වෙන් ව මේ අසීරු කාලය ගත කිරීමට සිදු වුවද, සිර මැදිරියේ බැමිවලට එහා ඔබ වෙනුවෙන් මට ඇති ආදරයත්, ගෞරවයත් අසීමිතව දැනෙන බව සටහන් කරමි.

ජීවිතයේ අප කිසිදා නොසිතූ අභියෝගවලට මුහුණ දුන් අවස්ථාවලදී අපට ශක්තියක් වන්නේ අපේ දෙමාපියන්ගෙන් ලැබුණු ආදරය, ආදර්ශය සහ ජීවිත පාඩම්ය.

තාත්තේ, නායකත්වය යනු තනතුරක් දැරීම  පමණක් නොවන බව ඔබ අපට කියා දුන්නේය. එය වගකීම් භාර ගැනීමත්, අභියෝග හමුවේ නොසැලී සිටීමත්, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් අභීතව පෙනී සිටීමත් බව ඔබගේ ජීවිතයෙන් අපට පෙන්වා දුන්නේය.

අපේ රටේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකදී, මාතෘ භූමියේ දහසක් මව්වරුන්, පියවරුන් මෙන්ම ආදරණීය දුවා දරුවන් වෙනුවෙන් කිසිවෙකුට බිය නොවී සාමය උදා කළ අභීත නායකයා ඔබයි. ඒ වෙනුවෙන් ඔබ දැරූ වගකීම්, කැපකිරීම් සහ අභියෝග හමුවේ ඔබ දරාගත් බොහෝ දෑ පිළිබඳව මම පුතෙකු ලෙස ඉතා සමීපව දනිමි.

අද මම මුහුණ දෙන මේ අසීරු කාලය තුළ, ඔබ මට කියා දුන් ඉවසීම, ධෛර්යය සහ නොසැලෙන අධිෂ්ඨානයේ වටිනාකම තවත් ගැඹුරින් අවබෝධ කරගනිමින් සිටිමි. පියෙකුගේ හිත කෙතරම් ශක්තිමත් විය යුතු දැයි මා උගත්තේ ඔබගෙනි. දරුවකු කෙරෙහි ඇති ධාරක ස්නේහය හදවතේ ගැඹුරුම තැන හොවාගෙන ශක්තිමත් පියෙකු ලෙස ලෝකය ඉදිරියේ සමස්ත දැයේ දුවා දරුවන්ටත් පියෙකු වන්නට හැකි වන්නේ කෙසේදැයි මා උගත්තේ ඔබගෙනි. මේ සියල්ල දරා ගනිමින් සත්‍යය වෙනුවෙන් සටන් කරන මමද පියෙකි. අද ඔබ අසලින් සිටින්නට මට නොහැකි වුණත්, ඔබේ ලේ උරුමයෙන් ලද ම‌ගේ දරුවන් අද ඔබ අසල සිටිනු ඇත. මා වෙනුවෙන් ඔවුන් ඔබව වැළඳ ගනු ඇත. දෑත් වලින් ඔබ ව වැළඳ ගත නොහැකි නිසා, අකුරුවලින් ඔබ වැළඳ ගැනීමට සිතුවෙමි. ඒ, පියෙකු සහ පුතෙකු අතර ඇති බැඳීම දුරස්ථභාවයෙන් බිඳ දැමිය නොහැකි නිසාය.

දේශපාලන පරිසරය තුළ ඔබට අත්දකින්නට සිදු වූ අසීරුතා මෙන්ම තාඩන පීඩන ගැරහුම් හමුවේ ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ යන මහපොළොවේ පය ගැසූ මගේ තාත්තාට, ඔබේ ආදරණීය ලොකු පුතා වන මම නිදුක් නිරෝගී සුවයත්, මානසික ශක්තියත්, අසීමිත ආදරයත් මෙසේ ලියා තබමි.

සුබ උපන්දිනයක් වේවා මගේ ආදරණීය තාත්තේ!

හදපිරි ආදරයෙන්,

ඔබේ ආදරණීය ලොකු පුතා,

නාමල්





Mahinda Rajapaksa Celebrates 81st Birthday Amid Religious Blessings

Today marks the 81st birthday of Mahinda Rajapaksa, Sri Lanka's fifth executive president and former prime minister. In honor of this occasion, numerous religious ceremonies have been organized to extend blessings to the veteran politician.

A gathering of family members, friends, and political activists from the Sri Lanka Podujana Peramuna party is expected to join in the celebrations.

Born on November 18, 1945, in Weeraketiya, Hambantota, Mahinda Rajapaksa is the son of the esteemed politician D. A. Rajapaksa. He completed his early education at Richmond College in Galle, followed by studies at Nalanda and Thurstan Colleges in Colombo, ultimately qualifying as an attorney at law from the Sri Lanka Law College.

Rajapaksa began his active political career at the young age of 24, winning the Beliatta seat during the 1970 General Elections, making him the youngest MP at that time.

He ascended to the role of the country's 13th Prime Minister in 2004, later winning the presidential election in November 2005 to serve as Sri Lanka's fifth executive president.

His administration is particularly noted for leading to the military defeat of the LTTE on May 18, 2009, marking the end of a conflict that persisted for over three decades, and playing a key role in the country's political unification.

Following the end of the war, significant infrastructure developments were launched during his presidency, including the expressways, Hambantota Port, Mattala Airport, and the Colombo Port City project.

After facing defeat in the 2015 presidential elections, Rajapaksa returned to serve as opposition leader and later became prime minister again during the governments established in 2019 and 2020. His political journey, marked by significant public appeal and criticism, has solidified his status as one of the most prominent and influential leaders in Sri Lanka's political history.

In a heartfelt social media tribute, his son Namal Rajapaksa, currently detained, conveyed birthday blessings to his father.

To my beloved father,

Although this year I cannot be by your side to wish you well on your birthday, I want you to know that during this difficult time apart, my love and respect for you are boundless, even beyond the walls of confinement.

The strength we draw in dealing with life's unforeseen challenges comes from the love, ideals, and life lessons bestowed upon us by our parents.

You have taught us that leadership is not just about holding a title; it involves taking responsibility, standing firm in the face of challenges, and bravely advocating for what one believes in.

During the darkest chapters of our nation's history, you emerged as a courageous leader, bringing forth peace for thousands of mothers, fathers, and beloved children. I know intimately the sacrifices and responsibilities you shouldered through those turbulent times.

Today, as I navigate these challenging circumstances, I am reminded of the patience, courage, and unwavering strength you have instilled in me. You exemplified what it means to be a strong father, one who loves deeply and knows how to fulfill the role of a father while ensuring a secure future for his children.

Even though I cannot be there with you today, remember that through your bloodline, my children are with you in spirit. They will embrace you on my behalf. Unable to physically reach you, I have chosen to convey my thoughts through words, as the bond between a father and son cannot be severed by distance.

To my father, Mahinda Rajapaksa, who has faced immense challenges and pressures in the political landscape, I send you my heartfelt wishes for good health, mental strength, and infinite love.

Happy birthday, my dear father!

With all my love,

Your loving eldest son,

Namal



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

7 Comments

  1. සුභ උපන්දියනක් වේවා අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට.

    ReplyDelete
  2. සුඛම සුඛ උපන් දිනයක් වේවා ඔබතුමාට.

    ReplyDelete
  3. දිනන්න බෑ කියපු යුද්දය දිනපු ලෝකයේ මහජන චන්දයෙන් පත්වූ එකම ජන නායකයා මහින්ද ජනාධිපති තුමා. අවුරුදු අටකින් රට පුර විදුලිය මහාමාර්ග පද්දතිය හම්බන්තොට වරාය හා ගුවන් තොටුපොළ කොළඹ වරාය නගරය නෙලුම් කුළුන වැනි දේ දුන්නු ඔබට දීර්ගායු.

    ReplyDelete
  4. සුභ උපන් දිනයක වේවා!

    ReplyDelete
  5. සුභ උපන් දිනයක් වේවා

    ReplyDelete
Previous Post Next Post