මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත 9% තෙක් ඉහළ නංවයි...


 දේශීය හා ගෝලීය ආර්ථිකයේ මතුව ඇති නවතම ප්‍රවණතා සහ අභියෝග සැලකිල්ලට ගනිමින්, මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate - OPR) පදනම් අංක 25කින් (0.25%කින්) සියයට 9.00ක් දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කරයි.

ඒ අනුව, OPR අනුපාතිකයට අනුබද්ධිත ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 8.50ක් දක්වාත්, ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 9.50ක් දක්වාත් පිළිවෙළින් ඉහළ යනු ඇත.

මීට අමතරව, වාණිජ බැංකු විසින් මහ බැංකුවෙහි පවත්වාගත යුතු ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය (SRR) ද ප්‍රතිශත ලක්ෂ්‍ය 1කින් සියයට 3.00ක් දක්වා ඉහළ දැමීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පියවර ගෙන තිබේ. මෙම සංචිත අනුපාතික සංශෝධනය එළඹෙන දෙසැම්බර් මස 09 වන දිනෙන් ආරම්භ වන සංචිත නඩත්තු කාලසීමාවේ සිට බලාත්මක වීමට නියමිතය.

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුද ගැටුම් අපේක්ෂා කළාට වඩා දිග්ගැස්සීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාම, මෙරට උද්ධමනය කෙරෙහි සෘජුව බලපා ඇතැයි මහ බැංකුව පෙන්වා දෙයි. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙරට වාර්ෂික උද්ධමනය 8.3%ක් දක්වා ඉහළ ගිය අතර මූලික උද්ධමනය (Core Inflation) ද ඉහළ ගොස් තිබේ. 2027 වසරේ දෙවන භාගය වන විට උද්ධමනය අපේක්ෂිත සියයට 5 ඉලක්කය කරා ගෙන ඒමට පෙර, කෙටිකාලීනව උද්ධමන පීඩනයන් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති බැවින්, දේශීය මිල ස්ථායීතාව තහවුරු කිරීම සහ ජනතාවගේ උද්ධමන අපේක්ෂාවන් පාලනය කිරීම උදෙසා මෙලෙස මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීමට තීරණය කර ඇත.

මේ අතර, ගෝලීය අවිනිශ්චිතතා මෙන්ම රජයේ විදේශ ණය සේවාකරණ ගෙවීම් මධ්‍යයේ වුවද මෙරට විදේශීය අංශය ශක්තිමත් මට්ටමක පවතින බව මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් අඛණ්ඩව සිදු කළ විදේශ විනිමය මිලදී ගැනීම් හේතුවෙන්, ඔක්තෝබර් මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය (චීන මහජන බැංකුවේ විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව) ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක් දක්වා වර්ධනය වී ඇති අතර, ශ්‍රී ලංකා රුපියල ද සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතී.

කෙසේ වෙතත්, මෙලෙස මහ බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගැනීම නිසා දේශීය මුදල් වෙළෙඳපොළ තුළ රුපියල් ද්‍රවශීලතාව (Rupee Liquidity) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, එමගින් අපේක්ෂිත ණය පාලන ඉලක්ක මන්දගාමී විය හැකි බැවින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය (SRR) සියයට 3 දක්වා ඉහළ නැංවීමට කටයුතු කළ බව ද මහ බැංකුව වැඩිදුරටත් පැහැදිලි කරයි.





Sri Lanka's Central Bank Raises Key Interest Rates to 9%

In light of emerging trends and challenges in both domestic and global economies, Sri Lanka's Central Bank has decided to raise the Overnight Policy Rate (OPR) by 0.25%, bringing it to 9.00%. This decision was announced by the bank’s Monetary Policy Board.

Following this adjustment, the Statutory Deposit Facility Rate (SDFR) will increase to 8.50%, while the Statutory Lending Facility Rate (SLFR) will be set at 9.50%. These measures aim to stabilize the economy amidst rising inflationary pressures.

Additionally, the board has also adjusted the Statutory Reserve Ratio (SRR), which will be increased by 1%, rising to 3.00%. This change is expected to take effect during the reserve maintenance period starting December 9.

The Central Bank has pointed out that ongoing conflicts in the Middle East are contributing to higher energy and food prices in global markets, directly impacting inflation rates in Sri Lanka. In October, the annual inflation rate surged to 8.3%, alongside an increase in core inflation rates.

The Central Bank has projected that short-term inflation pressures will remain elevated, despite aiming for a long-term target of 5% by the second half of 2027. This necessitates a tightening of monetary policy to ensure price stability and manage public inflation expectations.

Despite global uncertainties and government foreign debt service payments, the Central Bank reassures that the external sector remains robust. The continued foreign exchange purchases in the domestic market have elevated Sri Lanka’s official reserves to approximately USD 7.1 billion by the end of October, further stabilizing the Sri Lankan Rupee.

However, the Central Bank has also noted a significant increase in Rupee liquidity within the local currency market due to these foreign exchange operations. This liquidity could lead to slower achievement of anticipated credit control targets, prompting the increase in the Statutory Reserve Ratio to 3%.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
    මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮


    කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
    මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮


    කමක් නෑ ... අපි තාමත් මාලිමාවට....
    මම හරකෙක් හුත්තෝ ...උම්බෑ... 🐮🐮🐮

    ReplyDelete
Previous Post Next Post