නල්ලූර්හි තිලීපන් ස්මාරකයේ අනවසර ඉදිකිරීම් වහා ඉවත් කරන්නැයි නියෝගයක්...


 යාපනය, නල්ලූර් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති තිලීපන් ස්මාරක පරිශ්‍රයේ පවතින අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් යාපනය මහ නගර සභාව වෙත ලිඛිත නියෝගයක් නිකුත් කර තිබේ.

නල්ලූර් පිටත වටරවුම් මාර්ගයේ පිහිටි කෝවිලකට අයත් ඉඩමක, උපවාසයක නිරතව සිටියදී මියගිය තිලීපන් නමැත්තා සිහිපත් කිරීම වෙනුවෙන් මෙම ස්මාරකය ඉදිකර ඇත.

අදාළ ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත යාපනය මහා නගර සභාව වෙත පවරා දී ඇති භූමියක් වුවද, මෙම ස්මාරකයේ ඉදිකිරීම් සිදුකර ඇත්තේ නගර සභාවේ පූර්ව හෝ නීත්‍යානුකූල අනුමැතියකින් තොරව බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

එමෙන්ම මෙම අනවසර ස්මාරකය හේතුවෙන් මහජනතාව තුළ අතීත යුද මතකයන් යළි පිබිදීමේ අවදානමක් පවතින බවත්, එමඟින් ජාතීන් අතර ගොඩනැගෙමින් පවතින වාර්ගික සංහිඳියාවට දැඩි බාධා එල්ල වන බවත් පොලිසිය අවධාරණය කරයි.

එම කරුණු සැලකිල්ලට ගනිමින්, අදාළ ස්මාරකයේ අනවසර කොටස් වහාම කඩා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා නගර සභාවට වැඩිදුරටත් දැනුම් දී ඇත.





Urgent Order to Demolish Unauthorized Structures at Thilipan Memorial in Jaffna

The acting deputy police chief of Jaffna has issued a directive to the Jaffna Municipal Council, urging immediate action to demolish all unauthorized constructions within the premises of the Thilipan Memorial located in the Nallur area.

This memorial was established in remembrance of Thilipan, who tragically died while on a hunger strike, with the land used for the memorial situated outside the Nallur circumferential road, belonging to a place of worship.

Although the property has been long-term leased to the Jaffna Municipal Council, the deputy police chief highlighted in his communication that the construction of the memorial proceeded without the formal or legal approvals from the council.

Furthermore, the police emphasized that the presence of this unauthorized memorial poses a risk of rekindling memories of past conflicts among the public, potentially threatening the fragile ethnic harmony that currently exists among communities.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. මේ පොලිස් මහත්තයටත් එතුමගෙ බලනහර පරිස්සම් කරගන්ඩ වෙයි.

    ReplyDelete
Previous Post Next Post