ගැහුණු-පිරිමි මිශ‍්‍ර ක‍්‍රිකට් තරගාවලියක්..


 ලොව ප්‍රකට හිටපු සහ වත්මන් පිරිමි හා කාන්තා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අබුඩාබිහිදී පැවැත්වීමට නියමිත මිශ්‍ර-ස්ත්‍රී පුරුෂ විස්සයි20 ක්‍රිකට් ලීගයක් සඳහා ගිවිසුම්ගත වී ඇත.

Cricket's Premier League - CPL ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී තරගාවලිය 2027 මාර්තු 22 සිට අප්‍රේල් 05 දක්වා අබුඩාබිහි සයීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව එම වාර්තාවේ දැක්වේ. පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකම කණ්ඩායමක එක්ව ක්‍රීඩා කරන මෙවැනි ආකාරයේ පළමු ෆ්‍රැන්චයිස් විස්සයි20 තරගාවලිය මෙය වේ.

යාහූ ස්පෝර්ට්ස් වාර්තාවට අනුව, කණ්ඩායම් (ෆ්‍රැන්චයිස්) අටකින් සමන්විත මෙම තරගාවලියේ එක් සංචිතයකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු ඇතුළත් වන අතර, ඊට අවම වශයෙන් කාන්තා ක්‍රීඩිකාවන් 7 දෙනෙකු ඇතුළත් විය යුතුය. 

තරගයකදී ක්‍රීඩා කරන 11 දෙනා අතරට පිරිමි ක්‍රීඩකයන් 6 දෙනෙකු සහ කාන්තා ක්‍රීඩිකාවන් 5 දෙනෙකු ඇතුළත් වන අතර, ඊට උපරිම වශයෙන් විදේශීය ක්‍රීඩකයන් 4 දෙනෙකු (පිරිමි 2 සහ කාන්තා 2) ඇතුළත් කළ හැකිය.

එමෙන්ම පිරිමි සහ කාන්තා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සමාන වැටුප් ලබා දීමට සංවිධායකයන් තීරණය කර ඇති අතර, මේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේදී කාණ්ඩ පහක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 180 දෙනෙකු තෝරා ගැනීමට නියමිත බව එම වාර්තාවේ සඳහන් වේ.

සාමාන්‍ය විස්සයි20 ක්‍රිකට් නීති රීති යටතේ මෙම තරගාවලිය පැවැත්වෙන නමුත්, සෑම කණ්ඩායමක්ම අවම වශයෙන් කාන්තා දඟපන්දු යවන්නියකගෙන් ඕවර දෙකක් සහ කාන්තා වේගපන්දු යවන්නියකගෙන් ඕවර දෙකක් යැවිය යුතු වීමත්, මුල් පිතිකරුවන් සිව්දෙනා අතර අවම වශයෙන් එක් කාන්තා පිතිකාරිනියක සිටිය යුතු වීමත් මෙහි විශේෂත්වයකි.

2025 අයි.පී.එල්. තරගාවලියෙන් පසු ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ උපදේශක ධුරයෙන් ඉවත් වූ සහීර් ඛාන් මෙම තරගාවලියට එක්වන ප්‍රධාන පෙළේ ක්‍රීඩකයෙකු වන අතර, ශ්‍රී ලංකාවෙන් තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුද මේ සඳහා ගිවිසුම්ගත වී ඇති බව යාහූ ස්පෝර්ට්ස් වාර්තා කරයි.





Groundbreaking Mixed-Gender T20 Cricket League Set to Launch in Abu Dhabi

A host of prominent former and current international male and female cricketers have signed contracts to participate in a pioneering mixed-gender T20 league scheduled to take place in Abu Dhabi.

The tournament, named the Cricket Premier League (CPL), is set to run from March 22 to April 5, 2027, at the Saeed Cricket Stadium in Abu Dhabi. This initiative marks the inaugural franchise T20 competition where male and female players will compete on the same team.

According to a report by Yahoo Sports, the league will consist of eight franchises, with each squad comprising 18 players, including a minimum of seven female cricketers.

Match lines will feature six male and five female players, with allowances for a maximum of four overseas players—two men and two women—on each team.

Organizers have committed to ensuring equal pay for both male and female athletes. A player auction scheduled for December is expected to select 180 cricketers across five categories.

While the competition will adhere to standard T20 cricket rules, it incorporates unique requirements. Each team must include a minimum of two overs bowled by a female spinner, two overs bowled by a female fast bowler, and at least one female batsman among the four opening players.

Leading cricketer Sahir Khan, who recently stepped down as the head coach of the Laknau Super Giants after the 2025 IPL season, is expected to participate in this league. Furthermore, prominent Sri Lankan players such as Tillakaratne Dilshan, Upul Tharanga, and the women's team captain Chamari Athapaththu have also finalized their contracts to join this exciting new venture, according to Yahoo Sports.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post