ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත දිනා ගනිමින්, ලොව ප්රමුඛ පෙළේ සමාගමක් වන Ansell සමාගමේ නවතම "Ansell Global Services - A Talent Excellence Hub" මධ්‍යස්ථානය කොළඹ වරාය නගර පරිශ්‍රයේදී (16) උත්කර්ෂවත් අන්දමින් විවෘත කෙරිණි.
මෙම අවස්ථාවට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා ද එක් වූ අතර, Ansell සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන විධායක නිලධාරිනී නතාලි අල්ස්ට්රෝම් (Nathalie Ahlström) මහත්මිය, ප්‍රධාන මෙහෙයුම් සහ සැපයුම් දාම නිලධාරී ජෝන් මාස්ඩන් (John Marsden) මහතා ඇතුළු එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නායකත්ව කණ්ඩායම සමඟ එක්ව සමරු ඵලකය නිරාවරණය කරමින් මෙම මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීමට මා හට අවස්ථාව ලැබිණි.
1989 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වන Ansell සමාගම, මෙරට ශ්‍රම බලකායේ දක්ෂතා සහ නවෝත්පාදන හැකියාවන් කෙරෙහි තැබූ දැඩි විශ්වාසය මත කොළඹ වරාය නගරයේ මෙම ගෝලීය මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම අපේ රටේ ආර්ථික පුනර්ජීවනයට සුවිශේෂී ශක්තියකි.
Ansell Unveils New Global Services Hub in Colombo Amid Continued Investor Confidence in Sri Lanka
In a significant boost to international investment confidence, Ansell, a leading global company, officially launched its latest facility, the "Ansell Global Services - A Talent Excellence Hub," in the Port City of Colombo on the 16th of November.
The inauguration ceremony featured notable attendance from Harsha Amarasuriya, the Chairperson of the Colombo Port City Economic Commission. Nathalie Ahlström, Managing Director and Chief Executive Officer of Ansell, along with John Marsden, Chief Operations and Supply Chain Officer, were also present to unveil the commemorative plaque, marking the official opening of the hub.
Having successfully operated in Sri Lanka since 1989, Ansell's establishment of this global center in Colombo Port City underscores the company’s strong faith in the country’s labor force capabilities and innovative potential. This initiative is poised to serve as a vital catalyst for Sri Lanka's economic revival.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රෙදි ඇදගෙනද ගියේ?
ReplyDeleteමාත් අහන්න ගියේ මේකම තමයි.
Deleteපැය 24ම රෙදි ගලවගෙන ඉන්න නිසා අවුලක් නැහැ.
Deleteපෝට් සිටිය කිව්වෙ අර ගල් මදිවෙලා සීගිරි ගල කඩල ඒකෙන් ගල් අරන් හදපු එකද?
ReplyDeleteවීසා ගත්තද?
ReplyDelete