යාපනය, මණ්ඩතිව් ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරමින් එහි පළමු අදියර 2027 වසර අවසන් වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කරයි.
යෝජිත ක්‍රීඩාංගණ භූමියේ පවතින වත්මන් තත්ත්වය සහ එහි සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍යවරයා (08) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතුවල මතු වූ මූලික ප්‍රමාදයන් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ව්‍යාපෘතියට අදාළ අත්‍යවශ්‍ය තාක්ෂණික ඇගයීම් සහ ශක්‍යතා වාර්තා ලැබීම ප්‍රමාද වීම ඊට මූලික හේතුව වූ බවයි.
කෙසේ වෙතත්, එම සියලු වාර්තා මේ වන විට අමාත්‍යාංශය වෙත ලැබී ඇති බැවින් ඉදිරි ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමට පියවර ගෙන ඇති බවත්, ඒ අනුව 2027 වසර අවසන් වීමට පෙර මෙහි ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි වන පරිදි පළමු අදියරේ කටයුතු සාර්ථකව අවසන් කළ හැකි බවට තමන් විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණානාදන් ඉලංකුමාරන්, යාපනය මහා නගර සභා මන්ත්‍රී මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු කාර්යාල සම්බන්ධීකාරක සුන්දරමූර්ති කපිලන් යන මහත්වරුන් ඇතුළු පළාතේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
උතුරු පළාත තුළ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා යටිතල පහසුකම් ස්ථාපිත කරමින් ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර තලයට රැගෙන යාමේ පුළුල් වැඩපිළිවෙළට සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
Construction of International Cricket Stadium in Mannar District to be Completed by 2027
The Youth and Sports Minister, Sunil Kumara Gamage, has announced plans to expedite the construction of the proposed international cricket stadium in the Mannar region of Jaffna, aiming for the first phase to be completed by the end of 2027.
During a specialized inspection tour on the 8th, the minister assessed the current state of the stadium site and the progress of development activities.
Addressing the media, the minister clarified that the primary delays in the construction were due to the postponement of essential technical evaluations and competency reports related to the project.
However, he assured that all necessary reports have now been received by the ministry, allowing steps to be taken to accelerate construction activities. He expressed confidence that the first phase would be successfully completed in time to host cricket matches before the close of 2027.
The inspection tour was attended by a number of officials from the region, including Karunanandan Ilankumaran from the National People's Power party and city council members from Jaffna, as well as the district coordination committee facilitator, Kapilan Sundaramurthy.
This project runs parallel to broader initiatives to establish international-level sports infrastructure in the Northern Province, aiming to uplift the skills of local athletes to international standards.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අම්මටසිරි, ලබන අවුරුද්දෙත් ගහනව ද? එකක් ගැහුවනේ බං, ඒ මදෑ.
ReplyDelete