ගැටුම අවසන් කිරීම උදෙසා කෙරෙන සාකච්ඡා සාර්ථකව ඉදිරියට යන්නේ නම්, ඉරානය ඉලක්ක කරගනිමින් නැවත නව ප්‍රහාර එල්ල කිරීමේ ඉඩකඩක් නොමැති තරම් බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නෞකාවලට ප්‍රහාර එල්ල වූ බවට දෙපාර්ශ්වයෙන්ම තොරතුරු වාර්තා වී තිබූ පසුබිමක වුවද, ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම නව ස්ථාවරය හේතුවෙන් ජාත්‍යන්තර බලශක්ති වෙළෙඳපොළ තුළ පැවති නොසන්සුන්කාරී තත්ත්වය සැලකිය යුතු ලෙස පහව ගොස් තිබේ.
ඒ අනුව, ගෝලීය මිණුම්දණ්ඩක් වන බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ශත ඩොලර් 97ක් ලෙස වාර්තා වූ අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා අඩු වී ඇත.
සී.එන්.එන්. නාලිකාව සමඟ පැවති දුරකථන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, "ඒ සියල්ල තීරණය වන්නේ ඔවුන් ඉතා ශක්තිමත් එකඟතාවකට එළැඹෙන්නේ ද නැද්ද යන්න මතයි. එහෙත් මගේ පිළිතුර නම්, එවැනි ප්‍රහාරයක් නැවත අවශ්‍ය වීමේ කිසිදු හැකියාවක් නෑ," යනුවෙනි.
පසුගියදා නිමාවට පත් වූ ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් පසු ඉරානය වෙත ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ජනාධිපතිවරයා මීට පෙර අනතුරු අඟවා තිබුණ ද, මේ වන විට මහා පරිමාණ ඇමෙරිකානු හමුදා මෙහෙයුමක කිසිදු සලකුණක් දක්නට නොලැබේ. කෙසේ වෙතත්, තමන් වෙත ප්‍රහාරයක් එල්ල වුවහොත් ඇමෙරිකානු හා ඊශ්‍රායල ඉලක්ක වෙත දරුණු ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරාන බලධාරීන් ද මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
Trump's Statements on Iran Trigger Significant Drop in Oil Prices
As discussions aimed at ending current conflicts advance, U.S. President Donald Trump has asserted that there will be no opportunity for renewed attacks targeting Iran. This declaration coincided with a noticeable decline in global oil prices.
While reports surfaced of attacks on vessels in the strategically critical Strait of Hormuz, Trump's new position has contributed to a marked reduction in the previously tense conditions of the international energy market.
The global benchmark for crude oil, Brent, has seen its price drop to $97 a barrel, while West Texas Intermediate (WTI) crude has fallen to around $90.
In a recent telephone interview with CNN, Trump emphasized, "The decision hinges on whether they reach a very strong agreement. However, I must assert that there is no possibility of needing such an attack again."
Previously, the president had warned that a significant attack could be launched against Iran following the completion of the U.S. midterm elections. Nonetheless, there are currently no indications of large-scale American military operations. Conversely, Iranian officials have insinuated that should they face any assault, they would mercilessly retaliate against American and Israeli targets.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
