ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් අතර දීර්ඝ කාලයක සිට පවතින ධීවර ගැටලුවට ස්ථිර විසඳුමක් සෙවීමේ අරමුණින්, දෙරටේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් 2027 ජනවාරි 22 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් අතර දීර්ඝ කාලයක සිට පවතින මෙම ගැටලුවට ස්ථිර හා ප්‍රායෝගික විසඳුමක් ලබාදීම සඳහා රජය කැපවීමෙන් කටයුතු කරන බවයි. ඒ වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙන්ම නිලධාරී මට්ටමින් ද විවිධ අදියර යටතේ සාකච්ඡා පැවැත්වීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව, 2027 ජනවාරි 22 වැනිදා ශ්‍රී ලංකා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගොස්, එරට ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු අදාළ ඉහළ පෙළේ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඉන්දු – ශ්‍රී ලංකා ධීවර කටයුතු පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ (Joint Working Group – JWG) රැස්වීමක් ලෙස පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී දෙරට අතර ධීවර ක්ෂේත්රයට අදාළව පවතින ප්‍රධාන ගැටලු පිළිබඳව පුළුල් ලෙස අවධානය යොමු කිරීමට නියමිතය.
විශේෂයෙන්ම, තමිල්නාඩු ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු ප්‍රදේශයට ඇතුළු වීම, තහනම් බොටම් ට්‍රෝලිං (Bottom Trawling) ධීවර ක්‍රමය භාවිත කිරීම සහ එමඟින් ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ජීවනෝපායට හා සාගර සම්පත්වලට සිදුවන හානිය ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. මෙම ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලබාගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇත.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පාර්ශ්වය නියෝජනය කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA), නීතිපති දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සහභාගි වීමට නියමිතය.
ඒ අනුව, අදාළ සියලු රාජ්‍ය ආයතනවල සහභාගිත්වය හා දායකත්වය ලබාගනිමින් ගැටලුවේ විවිධ පැතිකඩ විශ්ලේෂණය කර, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට පෙර 2024 වසරේ අගභාගයේදී ශ්‍රී ලංකාවේ පැවැති ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටු රැස්වීම සඳහා ඉන්දීය ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සහ නාවික හමුදා නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. එම සාකච්ඡාවල ඉදිරි පියවරක් ලෙස පැවැත්වෙන මෙවර රැස්වීම, දෙරට අතර පවතින ධීවර ගැටලු විසඳීමේ ක්‍රියාවලියේ වැදගත් අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තවද, මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාගැනීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ තමිල්නාඩු රජයේ පාර්ශ්වකරුවන්ගේ පූර්ණ සහයෝගය ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලාංකික ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම, මෙරට සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සැලකිල්ලට ගනිමින්, සියලු පාර්ශ්ව සමඟ ඵලදායී සාකච්ඡා පවත්වා මෙම ගැටලුවට සාධාරණ හා තිරසාර විසඳුමක් ලබාදීමට රජය අඛණ්ඩව කැපවී සිටින බව ද අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
High-Level Talks Set to Address Ongoing Fisheries Dispute Between India and Sri Lanka
In a significant move aimed at resolving the long-standing fishing dispute between Indian and Sri Lankan fishermen, high-ranking officials from both nations will engage in bilateral discussions on January 22, 2027, in New Delhi, as announced by the Minister of Fisheries, Aquatic Resources, and Fisheries Chandrasekar Ramalingam.
The minister emphasized the government's commitment to finding a durable and practical solution to the persistent issues affecting fishermen from both countries. He noted that discussions are being organized at both the technical and official levels to address the matter comprehensively.
A representative team from Sri Lanka, led by the Secretary of the Ministry of Fisheries, Aquatic Resources, and Fisheries, is set to depart for India to hold talks with relevant high-ranking officials of the Indian Ministry of Fisheries.
This upcoming meeting, designed as a session of the Joint Working Group (JWG) on Indo-Sri Lankan Fisheries Cooperation, aims to thoroughly address key concerns in the fishing sector shared between the two nations.
Of particular interest will be the infringement of Sri Lankan maritime boundaries by Tamil Nadu fishermen, the use of prohibited fishing methods like bottom trawling, and the resultant threats to the livelihoods of Sri Lankan fishermen and marine resources. The discussions will also focus on identifying effective solutions to these pressing issues.
Representatives from several key Sri Lankan institutions, including the Ministry of Fisheries, the Department of Fisheries and Aquatic Resources, the Sri Lanka Navy, the Sri Lanka Police, the Sri Lanka Coast Guard, the National Aquatic Resources Research and Development Agency (NARA), the Attorney General's Department, and the Ministry of Foreign Affairs, are expected to actively participate in the talks.
The minister expressed hope that through the involvement and contributions of all relevant state bodies, the complexities of the issue would be analyzed to determine appropriate future actions.
Previously, a meeting of the Joint Working Group was held in Sri Lanka in the latter half of 2024, with a delegation led by the Secretary of the Indian Ministry of Fisheries, accompanied by representatives from the Indian Navy. This forthcoming meeting marks an important juncture in the ongoing effort to resolve the fishing disputes between the two countries.
Furthermore, the Sri Lankan government anticipates full support from Indian Prime Minister Narendra Modi, Indian Minister of External Affairs S. Jaishankar, and stakeholders from Tamil Nadu to secure a lasting resolution to the issue.
Minister Ramalingam reiterated the government's unwavering commitment to safeguarding the livelihoods of Sri Lankan fishermen, protecting marine resources, and strengthening friendly relations between the two nations through productive discussions aimed at achieving fair and sustainable solutions to the ongoing dispute.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
